BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

නේපාල අගමැතිත් ඉල්ලා අස්වෙයි - අරගලය ජය ගනී

T

The Leader Desk

September 9, 2025 • 3:23 PM

නේපාල අගමැතිත් ඉල්ලා අස්වෙයි - අරගලය ජය ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ශර්මා ඔලී (K.P. Sharma Oli ) අද (09) සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේය.
  • තරුණ පිරිස් සහ පොලිසිය අතර ඊයේ (08) ඇරඹි ගැටුම් වලින් නාගරික කලාප දෙකක පුද්ගලයින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • එහිදී හටගත් ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 28 දෙනකු ඇතුළු 100කට අධික පිරිසක් ද තුවාල ලැබූහ.
  • එරට රජය ඉකුත් සතියේ ෆේස්බුක් ඇතුළු තවත් සමාජ මාධ්‍ය රැසක් තහනම් කිරීමට ගත් තීරණයට එරෙහිව තරුණ පිරිස් දැවැන්ත රාජ්‍ය විරෝධී අරගලයක් දියත් කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


කාල නිර්ණයකින් තොරව පැනවූ ඇඳිරි නීතිය ද නොතකා, රජයට එරෙහිව වීදි බට යොවුන් උද්ඝෝෂකයින්ගේ විරෝධතා මධ්‍යයේ නේපාල රජයට පසු බැසීමට සිදු විය.

දශක ගණනකට පසු එරට හටගත් දැවන්තතම ජන අරගලය මෙය ය. තරුණ පිරිස් සහ පොලිසිය අතර ඊයේ (08) ඇරඹි ගැටුම් වලින් නාගරික කලාප දෙකක පුද්ගලයින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.  

නේපාල රජය, සමාජ මාධ්‍ය  වසා දැමීමට ගත් තීරණයට සහ රාජ්‍ය දූෂණයට එරෙහිව ඊයේ නේපාල වැසියෝ, කත්මන්ඩු අගනුවර පාර්ලිමේන්තුව වැටලූහ.    

පොලිසිය, කඳුළු වායුව සහ රබර් උණ්ඩ මගින් තත්ත්වය පාලනය කිරීමට ගත් උත්සාහයන්  ව්‍යර්ථ විය.

පාසල් නිල ඇඳුමෙන් සැරසුණු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද උද්ඝෝෂණයට එක්ව සිටියහ.

එහිදී හටගත් ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 28 දෙනකු ඇතුළු 100කට අධික පිරිසක් ද තුවාල ලැබූහ.  

ජන අරගලය දරුණු ගැටුමක් තෙක් වර්ධනය වීමෙන් අනතුරුව, ඊයේ සිට සමාජ මාධ්‍ය තහනම ඉවත් කරගැනීමට නේපාල අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය.

එරට රජය ඉකුත් සතියේ ෆේස්බුක් ඇතුළු තවත් සමාජ මාධ්‍ය රැසක් තහනම් කිරීමට ගත් තීරණයට එරෙහිව තරුණ පිරිස් දැවැන්ත රාජ්‍ය විරෝධී අරගලයක් දියත් කළහ. නේපාලයේ මිලියන 30ක ජනගහනයෙන් 90%ක්ම අන්තර්ජාලය භාවිතා කරති.

බොහෝ අන්තර්ජාල සේවා, නිසි බලධාරියා වෙත ලියාපදිංචි නොවී ක්‍රියා කිරීම හේතුවෙන්, සමාජ මාධ්‍ය තහනම පැනවූ බව රජය පැවසීය. ලියාපදිංචියෙන් තොරව ක්‍රියා කිරීමෙන්, අන්තර්ජාල අවභාවිතය, ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, සහ එමගින් අසත්‍ය තොරතුරු සහ පුද්ගල වෛරීත්වය ප්‍රචලිත කිරීම ඉහළ ගොස් ඇතැයි ද රජය චෝදනා කළේය.

සමාජ මාධ්‍ය තහනම පසෙකලා, රාජ්‍ය දූෂණයට වහා තිත තබන ලෙසත්, වැඩිදුර ආර්ථික අවස්ථා සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙසත් රජයට බල කරමින්  අරගලය ක්‍රියාත්මක විය.  

නේපාල ජන අරගලයේ යෙදෙන තරුණ පිරිස්, එය වත්මන් 'ජෙන් -  සී'   (Gen Z)  යෞවනය  නියෝජනය කෙරෙන දැවැන්ත මහජන උද්ඝෝෂණයකැයි පැවසූහ. ඊයේ හටගත් ජන කැළඹීම, එරට තවත් නගර කිහිපයක් වෙත ද පැතිරිණි.

මහජන ප්‍රචණ්ඩත්වය පිලිබඳ 'සදාචාරාත්මක වගකීම' තමන් සතු බව ප්‍රකාශ කළ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, රමේෂ් ලේඛක් (Ramesh Lekhak) ද ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්  විය.

පවතින භීෂණකාරී තත්ත්වයට සාකච්ඡා මාර්ගික, සාමකාමී විසඳුම් පිණිස ශර්මා ඔලී අද උදෑසන සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබුණ ද, කාල නිර්ණයෙන් තොර  ඇඳිරි නීතියද නොතකා කත්මන්ඩු අගනුවරට රැස් වූ උද්ඝෝෂකයෝ අඛණ්ඩ අරගලයේ යෙදුණහ.  ඔවුහු අවට මාර්ග මත  ටයර පුළුස්සා දැමූ අතර  සන්නාහ සන්නද්ධ කැරලි මර්ධන පොලිස් නිලධාරීන් වෙත ගල් මුල්  දමා ගසමින් පටු මාවත් ඔස්සේ ඔවුන් 'පන්න පන්නා' පලවා හැරීමට කටයුතු කළහ. කත්මන්ඩු නගරයේ බොහෝ ස්ථාන අවට හාත්පස  කළු දුමාරයෙන් වැසී තිබිණි.

මේ අතර ඉන්දු-නේපාල දේශ සීමාව අසලට රැස් වූ සිය ගණන් ජනතාව අරගල කරුවන්ට සහාය පිණිස පා ගමනින් කත්මන්ඩු නුවර බලා පිටත් විය. අරගල කරුවෝ අගනුවර පිහිටි දේශපාලකයින්ගේ නිවාස රැසක් ද  ගිනිබත් කළහ.  හමුදා හෙලිකොප්ටර මගින්, ඇතැම් දේශපාලනඥයින් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගැනිණි.

"අප සියලු දෙනාගේ අනාගතය වෙනුවෙන් උද්ඝෝෂණයට පිවිසුනෙමු. අපේ ඒකායන අරමුණ දූෂණයෙන් තොර රටක්,  සෑම  පුරවැසියකුටම එක හා සමාන අධ්‍යාපනය, ආරෝග්‍යශාලා සහ සෞඛ්‍ය පහසුකම් සහිත නිදහස් රටක්," යි, අරගලකරුවෝ රොයිටර්ස් රූපවාහිනී සේවයට පැවසූහ.

අරගලකරුවන් විසින් ටයර් සහ වෙනත් දේපල ගිනි තැබීමෙන් හටගත් ඝන දුමාරය හේතුවෙන්, කත්මන්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළට දකුණු පසින්  පැමිණෙන සියලු  ගුවන් යානා සඳහා යළි දැනුම් දෙන තෙක් ගුවන් තොටුපොල වසා ඇතැයි, ගුවන් ගමන් පාලක මැදිරිය විසින් අදාළ ගුවන් යානා වෙත දැනුම් දී තිබේ.

දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික අර්බුද වැනි ගැටළු රැසක් හමුවේ  එරට පෙර පැවති රාජාණ්ඩුව මෙවැනිම ජන අරගලයකින් පලවා හැරුණේ  2008 වසරේ දී ය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
harshaprs@yahoo.com

9/9/2025

මුලාශ්‍රය :

Nepal PM Oli quits as anti-corruption protests spiral

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නේපාල අගමැතිත් ඉල්ලා අස්වෙයි - අරගලය ජය ගනී | The Leader