BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා නගරයේ නොසන්සුන් තත්ත්වයක්

T

The Leader Desk

September 9, 2025 • 3:59 PM

ගාසා නගරයේ නොසන්සුන් තත්ත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා, අද (09) ගාසා නගර වාසීන් වෙත ඉවත් වීමේ නියෝග අත් පත්‍රිකා, තොග ගණනින් ගුවනේ සිට විසිරවීමත් සමග
  • එළැඹෙන හෝරා කිහිපය තුළ, හමාස් සංවිධානය මුලිනුපුටා දමන දැවැන්ත හමුදා ක්‍රියාන්විතය අරඹන බව ඊශ්‍රායල හමුදා මීට පෙර දැනුම් දුන්හ.
  • "ගාසා වැසියන්ට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස  දන්වමි.
  • පසු ගිය දින කිහිපය පුරාවට එම හමුදාවෝ, ගාසා නගරයේ තට්ටු නිවාස සංකීර්ණ, බෝම්බ හෙලා මුළුමනින් පොළොවට සමතලා කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට, එහි කලබලකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

එළැඹෙන හෝරා කිහිපය තුළ, හමාස් සංවිධානය මුලිනුපුටා දමන දැවැන්ත හමුදා ක්‍රියාන්විතය අරඹන බව ඊශ්‍රායල හමුදා මීට පෙර දැනුම් දුන්හ.  

යුද්ධයට පෙර ගාසා  නගරය, මිලියනයකට අධික පලස්තීන ජනගහණයකින් සමන්විත විය. නගර වාසීහු  පසු ගිය සති කිහිපය පුරාවට, හමාස් සංවිධානයට එරෙහි හදිසි ඊශ්‍රායල ප්‍රහාරයක් අපේක්ෂාවෙන් පසු වූහ. හමාස් සංවිධානය සතු අවසන් බල ප්‍රදේශ දෙකින් එකක් වන්නේ ගාසා නගරයයි.

"ගාසා වැසියන්ට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස  දන්වමි.  හොඳින් සවන් දෙනු. මේ අනතුරු ඇඟවීමක්. වහා මෙතැනින්  ඉවත්වනු," ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද එසේ කියා සිටියේය.

ගාසා නගරයේ සුන් බුන් අතර සිට අහසට නෙත් යොමා සිටින පලස්තීනුවන් වෙත ඊශ්‍රායල ගුවන් හමුදාව අද, ඉවත්වීමේ නියෝග ගුවනින්  බිම හෙලීය. පසු ගිය දින කිහිපය පුරාවට එම හමුදාවෝ, ගාසා නගරයේ තට්ටු නිවාස සංකීර්ණ, බෝම්බ හෙලා මුළුමනින් පොළොවට සමතලා කළහ. ගාසා තීරයේ විශාලතම නාගරික මධ්‍යස්ථානය ගාසා නගරය යි.

ඉවත්වීමේ නියෝග පිළිගෙන දකුණ බලා යනවා හැර දැන්, වෙනත් විකල්පයක් නැතැයි, ඇතැමෙක් පවසති. එහෙත්, සමූහ ඉවත් කිරීමකට තවමත් පෙර සූදානමක් නොවන පසු බිමෙක, තව දුරටත් රැඳී සිටීම යෙහෙකැයි, තවත්  පිරිස් කියා සිටිති.

ඉකුත්  සතිය පුරා පැවති බෝම්බ ප්‍රහාර හමුවේ වුව, තමා ගාසා නගරය අතැර පලා නොගිය බවත්, ඉතිරිව ඇත්තේ තව දුරටත්  රැඳී සිටිමින් දරුවන් සය දෙනා හා එහිම මිය යන්නේද, නොඑසේව, දකුණට පලා ගොස් එහිදී මරණය වැළඳ ගන්නේ ද, යන දෙගිඩියාව පමණක් බවත්,  55 හැවිරිදි මවක වන උම් මොහම්මද් (Um Mohammad) කෙටි පණිවුඩයක් මගින් දන්වා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ගාසා දකුණු වෙරළ තීරයේ  අල්-මවාසි ( Al-Mawasi ) ප්‍රදේශයේ, වෙන්   කරන ලද විශේෂ මානුෂීය කලාපය වෙත වහා පලා යන ලෙස ඊශ්‍රායල හමුදා ගාස නගර වැසියන්ට දැනුම් දී තිබේ.

ගාසා නගරයේ රෝහල්, ඊශ්‍රායල ප්‍රහාරවලින් බේරා  ගැනීම පිණිස මැදිහත් වන්නැයි,  ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය, ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. ගාසා තීරයට එල්ල වන අඛණ්ඩ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර පිලිබඳ දැඩි විරෝධය පා, යුරෝපීය රටවල් රැසක්, ලබන මස නිව් යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී, පලස්තීන රාජ්‍යය පිළිගැනීමට එකඟතාව පල කර සිටිති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/9/2025

මුලාශ්‍රය :

Israeli military evacuation order triggers panic in Gaza City

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...