BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජාත්‍යන්තරය ඊශ්‍රායලයේ කටාර් ගුවන් ප්‍රහාරය හෙලා දකී

T

The Leader Desk

September 10, 2025 • 5:05 AM

ජාත්‍යන්තරය ඊශ්‍රායලයේ කටාර් ගුවන් ප්‍රහාරය හෙලා දකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටාර් රාජ්‍යයේ රැස්ව සිටින නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලය ඊයේ (09) දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.
  •   ප්‍රහාරය, ඒක පාර්ශ්වීය එකකැයි, එක්සත් ජනපදය පවසයි.
  • එය, එක්සත් ජනපද-ඊශ්‍රායල ද්වීපාර්ශ්වීය අභිලාෂයන්ට පටහැනි බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අවධාරණය කරයි.
  • ''අපේ පැහැදීමක් නැහැ"  - ජනපති ට්‍රම්ප් ප්‍රහාරය පිලිබඳ දැඩි නොසතුට පල කරන ජනාධිපතිවරයා, අද (10) ඒ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ප්‍රහාරයත් සමග මැද පෙරදිග යුද උණුසුම තව දුරටත් උත්සන්න ව පවතී.  

ප්‍රහාරය, ඒක පාර්ශ්වීය එකකැයි, එක්සත් ජනපදය පවසයි. එය, එක්සත් ජනපද-ඊශ්‍රායල ද්වීපාර්ශ්වීය අභිලාෂයන්ට පටහැනි බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අවධාරණය කරයි.



''අපේ පැහැදීමක් නැහැ"  - ජනපති ට්‍රම්ප්

ප්‍රහාරය පිලිබඳ දැඩි නොසතුට පල කරන ජනාධිපතිවරයා, අද (10) ඒ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

"අපට ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට අවශ්‍යයි. එහෙත්, අද ඊශ්‍රායලය ගැටුම් මාවතට පිවිසි ආකාරය පිලිබඳ අපේ පැහැදීමක් නැහැ,"  ජනපති ට්‍රම්ප් එසේ පැවසීය.

althaniෂෙයික් මෝහම්මෙඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි

මේ අතර, ඊශ්‍රායලය රාජ්‍ය ත්‍රස්තවාදය ට පිවිස ඇතැයි කටාර් රාජ්‍යය චෝදනා කරයි.

ඊයේ අනපේක්ෂිත ප්‍රහාරය, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාම සාකච්ඡා සහ ඒ පිණිස කටාර් රාජ්‍යයේ මැදිහත්වීම කඩාකප්පල් කිරීමකැයි, එරට අග්‍රාමාත්‍ය ෂෙයික් මෝහම්මෙඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි  (Sheikh Mohammed bin Abdulrahman al-Thani) කියා සිටී.

 

හමාස් ත්‍රස්තයින්ට පහර දීම වටනා ක්‍රියාවක් වුව, නැටෝ  (NATO) සංවිධාන සාමාජිකත්වය නොදරන, වොෂින්ටනයේ  සමීප හිතවතකු වන ගල්ෆ් රාජ්‍යය තුළ, ඊශ්‍රායලය සිදු කළ ක්‍රියාව අනුමත නොකරන්නේ යැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යුරෝපීය සංගමය ද ඊශ්‍රායල ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කළහ.

මැද පෙරදිග විශාලතම එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුර කටාර් රජ්‍යයේ පිහිටා තිබේ.

සිය සාමාජිකයන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව හමාස් සංවිධානය කියයි

quatar f98798

ඊයේ, කටාර් රාජ්‍යය වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන්, සිය සාමාජිකයින් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව හමාස් සංවිධානය පවසයි. ඒ අතර ගාසාහි පිටුවහල් කරන ලද හමාස් නායක සහ ප්‍රධාන පෙළ මැදිහත් පාර්ශ්වකරුවකු වන ඛලීල් අල්-හයීයා (Khalil al-Hayya) ගේ පුත්‍රයා ද වන බව වාර්තා වේ.

ඊයේ ප්‍රහාරය එල්ල වීමට මොහොතකට පෙර, එක්සත් ජනපද හමුදා විසින් ට්‍රම්ප් පරිපාලනය වෙත ඒ බව දැනුම් දීමට පියවර ගැනිණි. ප්‍රහාරයෙන්, කටාර් රාජ්‍යයේ රැස්ව සිටි හමාස් මුල් පෙළ නායකින්ට හානි සිදුවී නැතැයි, හමාස් සංවිධානය කියයි.

ප්‍රහාරය 'ස්වාධීන ඊශ්‍රායල මෙහෙයුමක්' - නෙතන්යාහුගේ කාර්යාලය

 

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1100 ඉක්මවයිඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු


ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ "හමාස් සංවිධානයේ ඉහළම ත්‍රස්තවාදී නායකයින්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ස්වාධීන ඊශ්‍රායල මෙහෙයුමක්" බවයි.

"ඊශ්‍රායලය එය ආරම්භ කළා, ඊශ්‍රායලය එය මෙහෙය වනු ලැබුවා, ඊශ්‍රායලය එහි සම්පූර්ණ වගකීම භාර ගන්නවා," යනුවෙන් නිවේදනයේ දැක්වෙයි

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/9/2025

Israel attacks Hamas leaders in Qatar, Trump says he's 'very unhappy' about strike

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...