එය ඒකපාර්ශ්වීය ප්‍රහාරයක් බව හෙතෙම අවධාරණය කරයි.
කටාර් රාජ්‍යයේ රැස්වූ හමාස් නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලය විසින් එල්ල කළ එම ගුවන් ප්‍රහාරයෙන් මැද පෙරදිග යුද උණුසුම වර්ධනය වී තිබේ.
ප්‍රහාරයට මත්තෙන්, එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff ) මගින් කටාර් රාජ්‍යය දැනුම්වත් කිරීමට උත්සාහ ගත් මුත්, ඉන් ඵලක් නොවී යැයි, ජනපති ට්‍රම්ප් පවසයි.
"මොන මුසාවක්ද..? ඊශ්‍රායල ප්‍රහාරය ගැන ට්‍රම්ප් අපව දැනුම්වත් කළා කියන කතාව අසත්‍යයක්. අපට එක්සත් ජනපද නියෝජිතයා කතා කරනකොටත්, දෝහා (Doha) අගනුවර පුපුරනවා," කටාර් රජය කියා සිටී.
ඊයේ ප්‍රහාරය එල්ල වීමට මඳ වේලාවකට මත්තෙන් එක්සත් ජනපද හමුදා විසින් ට්‍රම්ප් පරිපාලනය වෙත ඒ බව දැනුම් දීමට පියවර ගැනිණි. එක්සත් ජනපද හමුදාවන්ට ඒ බැව් දැනුම් දුන්නේ ඊශ්‍රායල හමුදා ද යන වග මෙතෙක් අනාවරණය වී නැත.
ප්‍රහාරයෙන් අනතුරුව ජනපති ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු සහ කටාර්අග්‍රාමාත්‍ය ෂෙයික් මෝහම්මෙඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි (Sheikh Mohammed bin Abdulrahman al-Thani) ද ඇමතීය.
ප්‍රහාරයෙන් අනතුරුව ජනපති ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු සහ කටාර්අග්‍රාමාත්‍ය ෂෙයික් මෝහම්මෙඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි (Sheikh Mohammed bin Abdulrahman al-Thani) ද ඇමතීය.
"කිසි දේකට බය වෙන්න එපා, ඔවැනි දෙයක් කටාර් රාජ්‍යයේ භූමිය මත ආයේ කිසි දවසක සිද්ධ වෙන්න මම ඉඩ තියන්නෙ නෑ" යි, ජනපති ට්‍රම්ප් කටාර් අග්‍රාමාත්‍යවරයාට පොරොන්දු වූයේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/9/2025
මුලාශ්‍රය :
Trump says decision to strike Qatar was made by Netanyahu and not by US president
සබැඳි පුවත් :
ජාත්‍යන්තරය ඊශ්‍රායලයේ කටාර් ගුවන් ප්‍රහාරය හෙලා දකී
(harshaprs@yahoo.com)
9/9/2025
මුලාශ්‍රය :
Trump says decision to strike Qatar was made by Netanyahu and not by US president
සබැඳි පුවත් :
ජාත්‍යන්තරය ඊශ්‍රායලයේ කටාර් ගුවන් ප්‍රහාරය හෙලා දකී