BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

නේපාලය දැන් සන්-සුන්

T

The Leader Desk

September 10, 2025 • 3:29 PM

නේපාලය දැන් සන්-සුන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන අරගලයක් හමුවේ ඊයේ (09) නේපාල රජය ඇද වැටීමත් සමග එරට කත්මන්ඩු අගනුවර ඇඳිරි නීතිය සහ හමුදා මුර සංචාර තර කර තිබේ.
  • අරගල මධ්‍යයේ හටගත් ගැටුම්වලින් 21 දෙනකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලැබූහ.
  • Sharma Oli) ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා පලා ගියේය.
  • රජය, මීට සතියකට පමණ ඉහත, ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් තීරණයත් සමග කත්මණ්ඩු අගනුවර ප්‍රමුඛ තදාසන්න පෙදෙස් රැසක මහජන උද්ඝෝෂණ ආරම්භ විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් දෙදින පුරා ක්‍රියාත්මක භීෂණකාරී අරගලයෙන් එහි දේපල රැසක් ද විනාශ විය.

අරගල මධ්‍යයේ හටගත් ගැටුම්වලින් 21 දෙනකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලැබූහ.

 



අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලී  (K.P. Sharma Oli) ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා පලා ගියේය.

රජය, මීට සතියකට පමණ ඉහත, ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් තීරණයත් සමග කත්මණ්ඩු අගනුවර ප්‍රමුඛ තදාසන්න පෙදෙස් රැසක මහජන උද්ඝෝෂණ ආරම්භ විය. රාජ්‍ය දූෂණයට සහ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ක්‍රියාත්මක වූ මහජන උද්ඝෝෂණවලට තරුණ පිරිස් විශාල වශයෙන් එක්ව සිටියහ.

තත්ත්වය තවදුරටත් පාලනය කිරීමට කටයුතු කරමින් ඇතැයි, නේපාල හමුදා මාධ්‍ය ප්‍රකාශක රාජා රාම් බාස්නෙට් (Raja Ram Basnet) අද (10) පැවසීය. මිනිස් ජීවිත සහ දේපල ආරක්ෂාව සහතික කිරීම ප්‍රමුඛස්ථානයෙහි ලා කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

68c029dedebe7.image

 

ඊයේ, (09) රජයට එරෙහි උද්ඝෝෂණවල නියැලි පිරිස්, රජයට අයත් ගොඩනැගිලි, කත්මන්ඩු ශ්‍රේෂ්ඨාධිකරණය, එරට පාර්ලිමේන්තුව, අමාත්‍ය නිවෙස් සහ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවෙස ද ගිනිබත් කළහ.

මේ වන විට, කත්මන්ඩු අගනුවර සහ අවට පෙදෙස් සාමකාමීව පවතින බව නේපාල මාධ්‍ය සඳහන් කරයි. අගනුවර තදාසන්න ප්‍රදේශයක කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

බලධාරීන් සහ අරගලකරුවන් අතර සාකච්ඡා පිණිස කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ද එරට මාධ්‍ය  සඳහන් කරයි.

nepal clashes

 

නේපාල තාරුණ්‍යය වසර ගණනක් තිස්සේ විරැකියාවෙන් පෙළෙමින්  සිටී. ඒ හේතුවෙන් එරට මිලියනයකට අධික තරුණ පිරිසක්  රැකියා සොයා මැලේසියාව, මැද පෙරදිග සහ දකුණු කොරියාව වැනි රටවල් කරා විදෙස්ගතව සිටින අතර බොහොමයක් පිරිස් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන්හි  නිරතව සිටිති.

අසල්වැසි රාජ්‍යයේ උද්ගතව ඇති තත්ත්වය පිලිබඳ සාකච්ඡා  කිරීමට ඊයේ ඉන්දීය ආරක්ෂක කැබිනට් හමුවක් ද පැවැත්විණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/10/2025

Soldiers guard Nepal's parliament after two days of deadly protests

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...