BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බටහිර ඉවුරේ උග්‍ර ජල හිඟයක් - ඊශ්‍රායල පදිංචිකරුවෝ පලස්තීන ජල සම්පත් වනසති

T

The Leader Desk

September 10, 2025 • 4:00 PM

බටහිර ඉවුරේ උග්‍ර ජල හිඟයක් - ඊශ්‍රායල පදිංචිකරුවෝ පලස්තීන ජල සම්පත් වනසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ගාසා බටහිර ඉවුරේ, පලස්තීන ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ පා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
  • පලස්තීන අධිකාරියේ පරිපාලන බලය හිමි සුවිසල් නගරයක් වන, බටහිර ඉවුරේ රාමල්ලා (Ramallah) හි පදිංචි පලස්තීන වැසියන්, පානීය ජලය සොයා පොදු ස්ථාන වෙත ඇදී  එමින් ඇතැයි, රොයිටර්ස් කියා සිටී.
  •   ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් විනාශ කර දමා ඇති එම යටිතල පහසුකම් අතර, රාමල්ලා නගරයට කි.මී.10ක් ආසන්නයේ පිහිටි, එයින් සමියා (Ein Samiya) ජලසම්පාදන මධ්‍යස්ථානය සහ ඒ සමීපයේ පානීය ජල ඌලක් ද වේ.
  • එමගින් තදාසන්න පෙදෙස් සහ අවට පලස්තීන ග්‍රාමීය ප්‍රදේශ 20කට පමණ ජල සම්පාදනය සිදු කෙරෙන බව බලධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


අන්තවාදී යුදෙව් පදිංචිකරුවන්ගේ නිරන්තර කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන්, ජලය බෙදා හැරීමේ පද්ධති සහ මූලාශ්‍ර විනාශ වී ඇතැයි ද වාර්තා වේ.  

මේ හේතුවෙන්, ජල සැපයුම් නල පද්ධතිය සිඳී ගොස් ප්‍රදේශවාසීහු උග්‍ර පානීය ජල අර්බුයකින් පීඩා විඳිමින් සිටිති. වගා ජල සම්පාදනය ඇණහිටීමෙන් අවට කෘෂි බිම් ද පුරන්ව පවතී.

පලස්තීන අධිකාරියේ පරිපාලන බලය හිමි සුවිසල් නගරයක් වන, බටහිර ඉවුරේ රාමල්ලා (Ramallah) හි පදිංචි පලස්තීන වැසියන්, පානීය ජලය සොයා පොදු ස්ථාන වෙත ඇදී  එමින් ඇතැයි, රොයිටර්ස් කියා සිටී. ඔවුන් පදිංචි නිවෙස් වෙත ජල සම්පාදනය, සතියකට දෙවරක් පමණක් වශයෙන් සීමාව තිබේ.

 

h58o89o8o

වසරේ මුල් මාස හය තුළ පමණක්, යුදෙව් පදිංචිකරුවන් විසින් පානීය ජල ළිං, ජල නල පද්ධති, කෘෂිකාර්මික වාරිමාර්ග පද්ධති ඇතුළු ජල සම්පාදනය ආශ්‍රිත වෙනත් යටිතල පහසුකම් විනාශ කිරීම්වලට අදාළ සිද්ධීන් 62ක් වාර්තා වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පවසයි.  

යුදෙව් ජාතිකයින් විසින් හිතා මතා සිදු කෙරෙන එම කඩාකප්පල්කාරී ක්‍රියා පිලිබඳ බොහෝ පැමිණිලි ලැබෙන මුත්, මේ දක්වා කිසිවකු හඳුනා අත්අඩංගුවට ගෙන නැතැයි, ඊශ්‍රායල හමුදා පවසති.

 


ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් විනාශ කර දමා ඇති එම යටිතල පහසුකම් අතර, රාමල්ලා නගරයට කි.මී.10ක් ආසන්නයේ පිහිටි, එයින් සමියා (Ein Samiya) ජලසම්පාදන මධ්‍යස්ථානය සහ ඒ සමීපයේ පානීය ජල ඌලක් ද වේ. එමගින් තදාසන්න පෙදෙස් සහ අවට පලස්තීන ග්‍රාමීය ප්‍රදේශ 20කට පමණ ජල සම්පාදනය සිදු කෙරෙන බව බලධාරීහු පවසති.

අතීතයේ සිට පලස්තීනුවන් භාවිත කළ එහි උල්පත් සහ ජල මූලාශ්‍ර ඇතුළු ජල සම්පත් රැසක්, ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් ග්‍රීස්ම සෘතුවේ සිසිලන කටයුතු වෙනුවෙන් බලහත්කාරයෙන් අත්පත් කර පරිහරණය කෙරෙන බව පලස්තීනුවෝ චෝදනා කරති.

ඊශ්‍රායල පදිංචිකරුවෝ, ජලය බෙදාහරින මධ්‍යස්ථාන ආක්‍රමණය කර එහි අවේක්ෂණ පද්ධති විනාශ කරමින්, ජල නල කඩා බිඳ පලා යාම සුලබ සිදුවීමක් බවට පත්ව ඇතැයි, ඔවුහු කියා සිටිති.

isaralwhu4hruiew

 

ජල සම්පත් ආශ්‍රිත යටිතල පහසුකම්වලට හානි කිරීම බරපතල කරුණක්  බවත්, අනාගතයේ එවැනි හානි අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, ඊශ්‍රායල හමුදා පවසති. ඊශ්‍රායලය විසින් පලස්තීන ජල සම්පාදන අධිකාරිය වෙත, විනාශයට පත් ජල සම්පාදන යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ අවසරය ලබා දී තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
9/10/2025

In the Israeli-occupied West Bank, Palestinian taps run dry

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...