BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සොලමන් දූපත් වෙත චීනයෙන් සමාජ ආරක්ෂක අවේක්ෂණ පද්ධතියක්

T

The Leader Desk

September 12, 2025 • 7:05 AM

සොලමන් දූපත් වෙත චීනයෙන් සමාජ ආරක්ෂක අවේක්ෂණ පද්ධතියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනය, ග්‍රාමීය ප්‍රදේශ නිරීක්ෂණය පිණිස යොදා ගන්නා ආවේක්ෂණ පද්ධති මොඩලය පැසිෆික් කලාපයේ සොලමන් දූපත් වෙත අපනයනය කරයි.
  • මේ සඳහා යොදා ගෙන ඇත්තේ, චීනයේ 'ෆෙන්ෂියාඕ' (Fengqiao) නිරීක්ෂණ පද්ධති ආකෘතිය යි.
  •   නායක මාඕ සේදොන්ග් (Mao Zedong) සමයේ, 1960 දශකයේ, චීනයේ හඳුන්වාදුන් නිරීක්ෂණ ආකෘතියක් වන එය, ප්‍රතිගාමී පන්ති සතුරන්ට එරෙහි ප්‍රජා බලමුළු ගැන්වීම  පිණිස ස්ථාපිත කෙරිණි.
  •   වත්මන් චීන ජනපති, ෂී ජින්පිං (Xi Jinping )ගේ අධීක්ෂණය යටතේ, තිරසර ප්‍රජා ස්ථාවරත්වය උදෙසා එම පද්ධතිය, නව තාක්ෂණයට අනුව යාවත්කාලීන කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


චීන පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට, සොලමන් දූපත් වාසීන්ගේ ඇඟිලි සලකුණු රැස් කිරීමේ නියමු ව්‍යාපෘතියක නිරත බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

සොලමන් දූපත් හි ප්‍රජා අරගල සහ නොසන්සුන්තා වැලැක්වීමේ අරමුණින් එම ආවේක්ෂණ පද්ධතිය ස්ථාපිත කෙරේ. මේ සඳහා යොදා ගෙන ඇත්තේ, චීනයේ 'ෆෙන්ෂියාඕ' (Fengqiao) නිරීක්ෂණ පද්ධති ආකෘතිය යි.  

නායක මාඕ සේදොන්ග් (Mao Zedong) සමයේ, 1960 දශකයේ, චීනයේ හඳුන්වාදුන් නිරීක්ෂණ ආකෘතියක් වන එය, ප්‍රතිගාමී පන්ති සතුරන්ට එරෙහි ප්‍රජා බලමුළු ගැන්වීම  පිණිස ස්ථාපිත කෙරිණි.  

වත්මන් චීන ජනපති, ෂී ජින්පිං (Xi Jinping )ගේ අධීක්ෂණය යටතේ, තිරසර ප්‍රජා ස්ථාවරත්වය උදෙසා එම පද්ධතිය, නව තාක්ෂණයට අනුව යාවත්කාලීන කර ඇත.

4K171WP 523104798 1166146738881578 8356868060566821066 n jpg copy

සොලමන් දූපත් සමූහය, චීනයේ ආරක්ෂක පාර්ශ්වකරුවකු ද වේ. දූපත් සමූහය තුළ, 'ෆෙන්ෂියාඕ ' සංකල්පය ප්‍රචලිත කරනුවස්, චීන පොලිස් නිලධාරීහු වසර මුල සිට සොලමන් වාසී ප්‍රජා කොටස් හමුව, නිරන්තර වැඩමුළු සහ උපදේශන පැවැත්වූහ. එහිදී, ළමුන් ඉලක්ක කරගත් ක්‍රීඩා සහ සමාජ මාධ්‍යයේ පල කළ විවිධ තොරතුරු ඔස්සේ, අවේක්ෂණ ඩ්‍රෝන ක්‍රියාකාරීත්වය පිලිබඳ දැනුම්වත් කෙරිණි.

චීනයේ, මෙම ආවේක්ෂණ සංකල්පය යටතේ, ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන විශේෂ ජාලයක් ක්‍රියාත්මකය. එය මෙහෙයවීමේ වගකීම ආවේක්ෂණ ජාල කළමනාකරුවන් වෙත පැවරේ. ඒ අනුව, එක් එක් කළමනාකරුවන් විසින් ඔවුන්ට නියමිත නිවාස සංඛ්‍යාවක් සිය නිරීක්ෂණයේ තබා කටයුතු කළයුතු වේ.

සොලොමන් දූපත් සමූහයේ අගනුවර හොනියාරා (Honiara) තදාසන්න ග්‍රාමීය පෙදෙසක මේ වන විටත්, මෙහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මකය.

 

chinsa solomon

නව ආවේක්ෂණ සංකල්පය යටතේ සොලමන් දූපත් වෙත, ජනගහන කළමනාකරණය, නිවාස ලියාපදිංචිය, ප්‍රජා සිතියම්කරණය, ඇඟිලි හා අත්ල සටහන් දත්ත එක්රස්කිරීම් සහ ආශ්‍රිත කළමනාකරණ කටයුතු හඳුන්වාදීමට පියවර ගැනේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/12/2025

මුලාශ්‍රය :

China pilots village surveillance in Solomon Islands, seeks stability

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...