BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වියට්නාමයේ ණය තොරතුරු පද්ධතියට දැවැන්ත හැකර් ප්‍රහාරයක්

T

The Leader Desk

September 12, 2025 • 8:10 AM

වියට්නාමයේ ණය තොරතුරු පද්ධතියට දැවැන්ත හැකර් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාමයේ, ණය තොරතුරු ඇතුළත් සුවිසල් දත්ත සංචිතයක් සයිබර් ප්‍රහාරයකට ලක් වේ.
  • එහි, පුද්ගලික සහ ණය තොරතුරු, ණය අනතුරු විශ්ලේෂණ, සහ ක්‍රෙඩිට් කාර්ඩ් පත් තොරතුරු ඇතුළු සංවේදී දත්ත රැසක් අන්තර්ගතය.
  • පුද්ගලික දත්ත සොරා ගැනීමේ අරමුණින් එම ප්‍රහාරය සිදු කර ඇතැයි, මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
  •   'ෂයිනි හන්ටර්ස්' (Shiny Hunters) නම් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි, සැක කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට සයිබර් ආරක්ෂණ ඒජන්සිය ප්‍රහාරයේ හානිය තක්සේරු කරමින් සිටී.  

වියට්නාම රාජ්‍ය බැංකුවේ කළමනාකාරීත්වය යටතේ පවතින ජාතික ණය තොරතුරු මධ්‍යස්ථානය එම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබේ. එහි, පුද්ගලික සහ ණය තොරතුරු, ණය අනතුරු විශ්ලේෂණ, සහ ක්‍රෙඩිට් කාර්ඩ් පත් තොරතුරු ඇතුළු සංවේදී දත්ත රැසක් අන්තර්ගතය.

පුද්ගලික දත්ත සොරා ගැනීමේ අරමුණින් එම ප්‍රහාරය සිදු කර ඇතැයි, මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

cyber qttack
'ෂයිනි හන්ටර්ස්' (Shiny Hunters) නම් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි, සැක කෙරේ.  ඔවුන්, මීට පෙර, ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඛන්ටාස් සංචිත ඉලක්ක කර සයිබර් ප්‍රහාර සිදු කරන ලද හැකරුන් පිරිසකි. සයිබර් ප්‍රහාරය හේතුවෙන් කිසිදු පද්ධති බිඳ වැටීමක් සිදු වී නැතැයි, වියට්නාම සයිබර් ආරක්ෂණ ඒජන්සිය කියයි. ණය තොරතුරු සේවාව පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.

සයිබර් ප්‍රහාරය කෙතරම් ගිණුම් සංඛ්‍යාවකට බලපා ඇත්දැයි අනාවරණය වී නැත.

වියට්නාමයේ දත්ත සංචිත රහස්‍යභාවය බිඳ වැටීම් හේතුවෙන් දත්ත කාන්දුවීම් සීග්‍රයෙන් ඉහළ  ගොස් ඇතැයි, එරට හමුදා පාලනය යටතේ පවතින වියට්ටෙල් (Viettel) විදුලි සංදේශ සමාගම පවසයි.

මේ වන විට, එහි ගිණුම් මිලියන 14.5ක දත්ත කාන්දු වී ඇතැයි වාර්තා වේ. එය, ඒ පිලිබඳ සමස්ත ගෝලීය ප්‍රතිශතයෙන් 12%ක අනුපාතයකි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/12/2025

මුලාශ්‍රය :

Vietnam investigates cyberattack on creditors data

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...