දහස් ගණන් ගාසා නගර වැසියන් බලහත්කාරයෙන් ගාසා නගරයෙන් පලවා හැරෙමින් ඇතැයි, පලස්තීන බලධාරීහු ප්‍රකාශ කරති.
ගාසා නගරය අත්පත් කරගැනීමට "සැදී පැහැදී", මෙහෙයුම දියත් කළ බව ඊශ්‍රායල බලධාරීහු පවසති.
ගසා නගරය, මිලියනයක පමණ පලස්තීන වැසියන්ට මේ මොහොතේ සෙවන සලසයි. නගරය, හමාස් ත්‍රස්තයින්ගේ අවසන් බලකොටුව සේ සලකා, ඊශ්‍රායලය විසින් අද මෙම දරුණු ප්‍රහාර දියත් කර තිබේ.
කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් හෙට (15) හදිසි ඉස්ලාමීය - අරාබි සමුළුවක් පැවැත්වීමට නියමිතය. එහිදී, ගාසා තීරයේ උද්ගතව ඇති නවතම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.
හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා මුදා ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වය වෙත රැගෙන යාම එක්සත් ජනපද අපේක්ෂාවයි. එහෙත්, ඒ අතරින් මේ වන විට ඉතිරිව ඇත්තේ පරණ ඇපකරුවන් 20ක් පමණකැයි විශ්වාස කෙරේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/14/2025
මුලාශ්‍රය ;
Israel intensifies Gaza City bombing as Rubio arrives
ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ ප්‍රහාර දැඩි කරයි
T
The Leader Desk
September 14, 2025 • 5:53 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අද (14) දිනයේ ගාසා තීරයේ නාගරික නිවාස සංකීර්ණ 30ක්වත් විනාශ කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
- ගාසා නගරය අත්පත් කරගැනීමට "සැදී පැහැදී", මෙහෙයුම දියත් කළ බව ඊශ්‍රායල බලධාරීහු පවසති.
- කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් හෙට (15) හදිසි ඉස්ලාමීය - අරාබි සමුළුවක් පැවැත්වීමට නියමිතය.
- එහිදී, ගාසා තීරයේ උද්ගතව ඇති නවතම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



