BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුක්‍රේනය රුසියාවේ තෙල් පිරිපහදුවක් වනසයි

T

The Leader Desk

September 15, 2025 • 5:32 AM

යුක්‍රේනය රුසියාවේ තෙල් පිරිපහදුවක් වනසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්රේන සන්නද්ධ හමුදාවන්ට අයත් ජංගම ගුවන් ආරක්ෂක ඒකකයක සෙබළුන්, යුක්රේනයේ කාර්කිව් කලාපයේ දී - 2025 ජූලි 16 [File: Sofiia Gatilova/Reuters]
  • අවම වශයෙන් ඩ්‍රෝන යානා  361ක් උපයෝගි කර ගනිමින් එම ප්‍රහාරය දියත් කෙරිණි.
  • රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන්, යුක්‍රේන ඩ්‍රෝන සියල්ල විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
  • ඊට, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඉලක්ක හඹායන බෝම්බ දෙකක් සහ හිමාර්ස් (HIMARS) මිසයිලයක් ද ඇතුලත් බව රුසියාව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

යුක්‍රේනය, ඊයේ (14) රුසියාවේ සුවිසල් තෙල් පිරිපහදුවක් වෙත දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළේය.


අවම වශයෙන් ඩ්‍රෝන යානා  361ක් උපයෝගි කර ගනිමින් එම ප්‍රහාරය දියත් කෙරිණි. ප්‍රහාරයෙන් කිසිවකුත් තුවාළ ලබා නැතැයි, රුසියාව කියයි.

මීට පෙර, රුසියාව විසින් යුක්‍රේනය ඉලක්ක කර දියත් කළ ඩ්‍රෝන ප්‍රහාරයක් පෝලන්තයට ඉහළ අහසේදී, එරට විසින් විනාශ කෙරිණි.

රුසියාව, ලොව දෙවන විශාලතම තෙල් අපනයනකරුවා වේ.

රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන්, යුක්‍රේන ඩ්‍රෝන සියල්ල විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ඊට, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඉලක්ක හඹායන බෝම්බ දෙකක් සහ හිමාර්ස් (HIMARS) මිසයිලයක් ද ඇතුලත් බව රුසියාව කියයි.

එහෙත්, රුසියානු තෙල් පිරිපහදුව වෙත එල්ල කළ ප්‍රහාරය සාර්ථක බව යුක්‍රේනය පවසයි.

ප්‍රහාරයට ලක්වූ රුසියාවේ කිරිෂි  (Kirishi) පිරිපහදුව, වසරකට මෙට්‍රික් ටොන් මිලියන 17.7ක තෙල් පිරිපහදු කරයි. එය, දිනකට රුසියානු බොර තෙල් බැරල  355,000 ක ප්‍රමාණයකි. එනම්, එරට බොරතෙල් නිෂ්පාදනයේ සමස්ත ප්‍රතිශතයෙන් 6.4%කි.

 



ඊයේ (14), බැරන්ට්ස් (Barents) මුහුදේ පිහිටි ඉලක්කයක්  වෙත සර්කොන් (Zircon) හයිපර්සොනික් කෘස් මිසයිලයක් එල්ල කළ බව රුසියාව කියයි. බෙලරුස් (Belarus) රාජ්‍යය හා සිදු කෙරෙන ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලදී, සුකොයි සු -34 (Sukoi Su-34) ප්‍රහාරක සුපර්සොනික් ගුවන් යානා යොදා ගනිමින් නිශ්චිත ඉලක්ක වෙත පහර දුන් බවද රුසියාව පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය ;

Ukraine attacks major Russian refinery with big drone assault

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුක්‍රේනය රුසියාවේ තෙල් පිරිපහදුවක් වනසයි | The Leader