BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලයට එරෙහි අරාබි-ඉස්ලාමීය සමුළුව අදයි

T

The Leader Desk

September 15, 2025 • 9:01 AM

ඊශ්‍රායලයට එරෙහි අරාබි-ඉස්ලාමීය සමුළුව අදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැදපෙරදිග නායකයන් හමුවන අරාබි-ඉස්ලාමීය සමුළුව අද (15) පැවැත්වේ.
  •   පසුගියදා කටාර් රාජ්‍ය වෙත එල්ල කෙරුණු, ඊශ්‍රායල ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින්, සමුළුව පැවැත්වේ.
  • එම ප්‍රහාරයත් සමග කලාපීය රටවල ද්වීපාර්ශ්වීය සබඳතා සහ සහජීවනයට එල්ල කර ඇති තර්ජන එහිදී, අවධාරණය කෙරෙනු ඇත.
  • ඉකුත් 09 වන දා, හමාස් සාමාජිකයන් ඉලක්ක කර ඊශ්‍රායල හමුදා විසින් කටාර් රාජ්‍යයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන්, හමාස් සාමාජිකයන් 05 දෙනෙක් ඝාතනය වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාසා තීරයේ උද්ගතව ඇති නවතම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් මෙම හදිසි ඉස්ලාමීය - අරාබි සමුළුව කැඳවා තිබේ.

 

qatar 5676768779

පසුගියදා කටාර් රාජ්‍ය වෙත එල්ල කෙරුණු, ඊශ්‍රායල ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින්, සමුළුව පැවැත්වේ. එම ප්‍රහාරයත් සමග කලාපීය රටවල ද්වීපාර්ශ්වීය සබඳතා සහ සහජීවනයට එල්ල කර ඇති තර්ජන එහිදී, අවධාරණය කෙරෙනු ඇත.

කටාර් රාජ්‍යය වෙත කලාපීය සහයෝගය පිළිබිඹු කරනුවස්, සමුළුව එරට දෝහා අගනුවරදී පැවැත්වේ.

ඉකුත් 09 වන දා, හමාස් සාමාජිකයන් ඉලක්ක කර ඊශ්‍රායල හමුදා විසින් කටාර් රාජ්‍යයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන්, හමාස් සාමාජිකයන් 05 දෙනෙක් ඝාතනය වූහ. සිය මුල් පෙළ නායකයින් ප්‍රහාරයෙන් දිවි ගලවාගත් බව හමාස් සංවිධානය කියයි.

2020 වසරේ සිට සාමාන්‍යත්ත්වයෙන් පැවති, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර ද්වීපාර්ශ්වීය සබඳතා එම ප්‍රහාරයත් සමග අර්බුදයට ලක්ව ඇතැයි, මැද පෙරදිග නායකයෝ පවසති.

 

කටාර් රාජ්‍යයට එල්ල කළ කෲර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සහ ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදු කරන ජන සංහාරය, වාර්ගික සමූලඝාතනය, සාගතය, කඩාවැදීම් සහ යටත්විජිතකරණ ක්‍රියාකාරකම් ඇතුළු සතුරු ක්‍රියාවන්හි අඛණ්ඩත්ත්වය සහ එහි ව්‍යාප්තිය, කලාපයේ සාමය සහ සහජීවනය පිළිබඳ අපේක්ෂාවන්ට තර්ජනයක් බව, අද, අරාබි-ඉස්ලාමීය සමුළු ප්‍රකාශන කෙටුම්පතෙහි දැක්වෙතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/15/2025

මුලාශ්‍ර :

Arab-Islamic summit to warn Israeli attacks threaten normalisation of ties, draft resolution shows

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...