BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චීනයේ වාර්ෂික ආරක්ෂක සංසදය බදාදා

T

The Leader Desk

September 15, 2025 • 10:33 AM

චීනයේ වාර්ෂික ආරක්ෂක සංසදය බදාදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ වාර්ෂික ආරක්ෂක සංසදය ලබන බදාදා (17) පැවැත්වේ.
  • විදෙස් රාජ්‍ය හා හමුදා නිලධාරීන් සහ ආරක්ෂක විශේෂඥයින් ද ඊට ඇතුළත්ය.
  • චීනයේ නැගී එන හමුදා නවීකරණ සියැසින් දැකබලා ගැනීමට විශේෂයෙන්, මෙවර සංසදයට සහභාගිවන බටහිර රටවලට හැකිවනු ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.
  •   චීනයේ නිෂ්පාදිත ඇතැම් නවීන යුද අවි පද්ධති ආශ්‍රිත තාක්ෂණය පිලිබඳ දැනුම් හුවමාරුවට මෙම සංසදය, ඊට සහභාගිවන්නන්ට ඉතා වැදගත් වනු ඇතැයි,  විශේෂඥයෝ පෙන්වාදෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


බෙයිජිං (Beijing ) අගනුවර පැවැත්වෙන එම තෙදින සංසදයට රටවල් 100ක් නියෝජනය කරමින් 1800කට අධික ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය. විදෙස් රාජ්‍ය හා හමුදා නිලධාරීන් සහ ආරක්ෂක විශේෂඥයින් ද ඊට ඇතුළත්ය.

ජනපති ෂී ජින්පින් (Xi Jinping) ගේ 'ජාත්‍යන්තර පිළිවෙත පිළිබඳ දැක්ම' තේමා කොට මෙවර සංසදය පැවැත්වේ.  එකාධිපතිත්ත්වය සහ බල දේශපාලනයට එරෙහි ඒකාග්‍රතාව අරමුණු කොට, මෙම මස මුලදී චීන ජනපතිවරයා විසින් එය එළි දැක්විණි.

චීනයේ නැගී එන හමුදා නවීකරණ සියැසින් දැකබලා ගැනීමට විශේෂයෙන්, මෙවර සංසදයට සහභාගිවන බටහිර රටවලට හැකිවනු ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි. ලොව විශාලතම හමුදා බලකාය චීනය සතුවේ.

 

ANNIVERSARY CHINA
චීනයේ නිෂ්පාදිත ඇතැම් නවීන යුද අවි පද්ධති ආශ්‍රිත තාක්ෂණය පිලිබඳ දැනුම් හුවමාරුවට මෙම සංසදය, ඊට සහභාගිවන්නන්ට ඉතා වැදගත් වනු ඇතැයි,  විශේෂඥයෝ පෙන්වාදෙති.

ඉකුත් 03 දා එරට පැවති අනුස්මරණ හමුදා සංදර්ශනයේදී, චීනයේ නිෂ්පාදිත නවීන ගිනි අවි රැසක් ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
9/15/2025

මුලාශ්‍රය :

China set to open security forum amid regional tensions
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීනයේ වාර්ෂික ආරක්ෂක සංසදය බදාදා | The Leader