BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වොෂින්ටනයේ ජාතික හදිසි තත්ත්වයක් පනවනවා - ජනපති ට්‍රම්ප් අනතුරු අඟවයි

T

The Leader Desk

September 15, 2025 • 2:23 PM

වොෂින්ටනයේ ජාතික හදිසි තත්ත්වයක් පනවනවා - ජනපති ට්‍රම්ප් අනතුරු  අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද වොෂින්ටන් අගනුවර ආගමන සහ රේගු නියාමනයන්ට තමා ඇතුළු පොලිස් නිලධාරීන් සහාය නොදක්වන බව
  • නීති විරෝධීව එක්සත් ජනපදයට ඇතුළුවන සහ එහි වෙසෙන පුද්ගලයින් පිලිබඳ තොරතුරු සම්පාදනය පිලිබඳ නියාමන, මෙම ගැටලුවට මූලික වී තිබේ.
  • කෙසේ වෙතද, ජනාධිපතිවරයා ෆෙඩරල් ප්‍රසම්පාදන ඉක්මවා ක්‍රියාකරමින් ඇතැයි, දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  • වොෂින්ටන් නගරයේ මුර සංචාරයට හමුදා භටයින් 2000කට අධික පිරිසක් යොදවා ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නගරාධිපතිනි,    මියුරියෙල් බවුසර් (Muriel Bowser) විසින් නිවේදනය කිරීමත්  සමග, එහි ජාතික හදිසි  තත්ත්වයක් ප්‍රකාශ කර ෆෙඩරල්කරණයට නතු  කරන බව, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අද (15) අනතුරු ඇඟවීය.

නීති විරෝධීව එක්සත් ජනපදයට ඇතුළුවන සහ එහි වෙසෙන පුද්ගලයින් පිලිබඳ තොරතුරු සම්පාදනය පිලිබඳ නියාමන, මෙම ගැටලුවට මූලික වී තිබේ. කෙසේ වෙතද, ජනාධිපතිවරයා ෆෙඩරල් ප්‍රසම්පාදන ඉක්මවා ක්‍රියාකරමින් ඇතැයි, දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වොෂින්ටන් නගරයේ මුර සංචාරයට හමුදා භටයින් 2000කට අධික පිරිසක් යොදවා ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

 අගනුවර, නීතිය, සාමය සහ මහජන ආරක්ෂාව ප්‍රතිස්ථාපනය ජාතික ආරක්ෂක බලකාය (National Guard) අත පත් කිරීමත් සමග, නව අර්බුදය පැන නැගිණි. මෙම මස මුල,  දහස් ගණන් ජනතාව ඊට එරෙහිව වීදි බටහ. අපරාධ රැල්ල  නගරයේ ස්නායු පද්ධතිය  ආක්‍රමණය කර ඇතැයි, ජනපති ට්‍රම්ප් චෝදනා කරයි.  

"තව සති කීපයයි. නගරය මුළුමනින්ම පිබිදෙනවා.. දශක ගණනකට පස්සෙ පළමු වතාවට අථත්ය ලෙස අපරාධයෙන් විනිර්මුක්ත නගරයක්,"  ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ   (Truth Social) සටහනක්  තබමින් ඔහු පැවසීය.

ජනපති ට්‍රම්ප් මීට පෙර, නාගරික පොලිස් දෙපාර්තමේන්තුව සෘජු ෆෙඩරල් පාලනයට යටත් කළ අතර, නගරයේ  ෆෙඩරල් නීතිය බලාත්මක කිරීමේ අධිකාරී බලය ආගමන හා රේගු නිලධාරීන් ඇතුළු පොලිසිය වෙත පැවරීමට පියවර ගත්තේය. මෙහෙයුම, දින නියමයකින් තොරව ක්‍රියාත්මකය.

වොෂින්ටන් නගරාධිපතිනිය, එක්සත් ජනපද ආගමන සහ රේගු නියාමනයන්ට යටත් නොවන බව රජයට දන්වා  යවන තැනට  පත් කිරීම සම්බන්ධයෙන්, ජනපති ට්‍රම්ප්  එරට රැඩිකල් වාමාංශික  ප්‍රජාතන්ත්‍රවාදීන්ට දෝෂාරෝපණය කළේය. පොලිසිය විසින්  ආගමන සහ රේගු බලාත්මක කිරීම් නොසලකා හරින්නේ නම්, අපරාධ රැල්ල දෙගුණ, තෙගුණ වී යළි වීදි බසිනු ඇතැයි, ඔහු අවධාරණය කර සිටී.

" වොෂින්ටන් වාසීන්ට සහ එහි සියලු ව්‍යවසායකත්වයට මා කියා සිටිනවා..  බිය නොවන්න. මා, ඔබ සමගයි. මේක සිද්ධ වෙන්න මම කොහෙත්ම  ඉඩ තියන්නේ නෑ. අවශ්‍ය නම්,  හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා, ෆෙඩරල්කරණය කරලා දානවා," ජනපති ට්‍රම්ප් පවසයි.

කෙසේවෙතත්, මීට පෙර අවස්ථාවකදී  ජනපති ට්‍රම්ප්,  වොෂින්ටනයේ, ෆෙඩරල් නීතිය  බලාත්මක කිරීම සම්බන්ධයෙන් බවුසර්  නගරාධිපතිනියගේ ප්‍රශංසාවට ලක් විය. එම බලාත්මක කිරීමෙන් අනතුරුව, එහි   අපරාධ රැල්ල  ප්‍රශස්ත ලෙස  පහත වැටුණු අතර,  නගරයේ ෆෙඩරල් නීතිය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් ද අත්සන් තැබිණි.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක බලකාය   එරට ප්‍රාන්ත 50 ක ආණ්ඩුකාරවරු යටතේ ක්‍රියාත්මක සන්නද්ධ  බලකායකි. රාජ්‍ය සේවය උදෙසා  අවශ්‍ය ඕනෑම මොහොතක ඔවුන්ව ෆෙඩරල් සේවය වෙනුවෙන් කැඳවීමේ හැකියාව පවතී.  ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද ජනපති වෙත සෘජුව වගකීම් දරන සන්නද්ධ කණ්ඩායමකි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
9/15/2025


මුලාශ්‍රය :

Trump vows national emergency in Washington, DC over ICE dispute


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වොෂින්ටනයේ ජාතික හදිසි තත්ත්වයක් පනවනවා - ජනපති ට්‍රම්ප් අනතුරු අඟවයි | The Leader