BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

"අපි මොකටද කරදර වෙන්නේ? මැරෙන එක මෙහෙ ඉඳන්ම මැරෙනවා." - ගාසා හි මරණය මානව සංහතියේ අනපේක්ෂිත ඛේදවාචකය

T

The Leader Desk

September 15, 2025 • 5:11 PM

"අපි මොකටද කරදර වෙන්නේ? මැරෙන එක මෙහෙ ඉඳන්ම මැරෙනවා." - ගාසා හි මරණය මානව සංහතියේ අනපේක්ෂිත ඛේදවාචකය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා නගරයේ ගොඩනැගිලි රැසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මුළුමනින්ම විනාශ වේ. ප්‍රහාර වලින් 16 දෙනකු ජීවිතක්ෂයට
  • ඊයේ (14), ඔහු සිය බිරිය හා ඊශ්‍රායලයට සම්ප්‍රාප්ත විය.
  • ගල්ෆ් රාජ්‍යයක් වන කටාරයේ වෙසෙන හමාස් නායකයින් ඉලක්ක කර, ඉකුත් 09 වන දා, ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයට විරෝධය පා, මැද පෙරදිග, එක්සත් ජනපද හිතවත් රාජ්‍ය කිහිපයක්ද අද, අරාබි සහ ඉස්ලාමීය රාජ්‍ය සමුළුවට සහභාගී වෙති.
  • ගාසා නගරය අත්පත් කර ගැනීමේ හමුදා ක්‍රියාන්විත හේතුවෙන් වහා ඉන් ඉවත්වන ලෙස, මීට පෙර, ඊශ්‍රායල හමුදා එහි වැසියන්ට හදිසි දැනුම්දීම් සිදු කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

පත් වූ බව, පලස්තීන බලධාරීහු අද (15) තහවුරු කළහ.

මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) යුද්ධය පිලිබඳ වැඩිදුර සාකච්ඡා පිණිස, අද, ජෙරුසෙලමේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු  (Benjamin Netanyahu) හමු විය. ඊයේ (14), ඔහු සිය බිරිය හා ඊශ්‍රායලයට සම්ප්‍රාප්ත විය.

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර, අරාබි සහ ඉස්ලාමීය රාජ්‍ය අතර හදිසි සමුළුවක් පැවැත්වෙන අතරවාරයේ රුබියෝ, නෙතන්යාහු හමුව සිදු කිරීම විශේෂත්වයකි.

ගල්ෆ් රාජ්‍යයක් වන කටාරයේ වෙසෙන හමාස් නායකයින් ඉලක්ක කර, ඉකුත් 09 වන දා, ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයට විරෝධය පා, මැද පෙරදිග, එක්සත් ජනපද හිතවත් රාජ්‍ය කිහිපයක්ද අද, අරාබි සහ ඉස්ලාමීය රාජ්‍ය සමුළුවට සහභාගී වෙති.

අද, ගාසා නගරයේ ස්ථාන  ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දෙකක් එල්ල විය. ඉන් එක් ප්‍රහාරයක් නිවාස දෙකක් වෙතත්, අනෙක අවතැන් පිරිසක් විසූ කූඩාරමක් වෙතත් එල්ල කෙරිණි. ගාසා නගරය අත්පත් කර ගැනීමේ හමුදා ක්‍රියාන්විත හේතුවෙන් වහා ඉන් ඉවත්වන ලෙස, මීට පෙර, ඊශ්‍රායල හමුදා එහි වැසියන්ට හදිසි දැනුම්දීම් සිදු කළහ.

ඊශ්‍රායල හමුදා ගුවනින් සහ භූමිය මත අද සිදු කළ ප්‍රහාර හමුවේ, අවට සහ නගර වීදි අසල  අවතැන් කඳවුරුවල විසූ දහස් ගණන් පලස්තීනුවන් හිස් ලූ ලූ අත  පලා ගිය බව, ඇසින් දුටුවෝ  පැවසී යැයි, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ගාසා නගරයේ බලය ඇල්ලීම හමාස් සංවිධානය පරාජය කිරීමේ සැලසුමේම  කොටසක්  බව ඊශ්‍රායලය කියයි. දකුණේ, හඳුනාගත් මානුෂීය කලාපය වෙත වහා ඉවත්වන ලෙස, ඊශ්‍රායල හමුදා ගාසා නගරවාසීන්ට අනතුරු අඟවා  සිටී.  

ඊශ්‍රායලයේ වත්මන් යුද මෙහෙයුම එක්සත් ජාතීන් (UN)  ඇතුළු රටවල් රැසක  දැඩි විවේචනයට ලක්ව තිබේ. බලහත්කාරයෙන් සිදු කෙරෙන සමූහ විතැන් කිරීම් හමුවේ, මානුෂීය කලාපයේ තත්ත්වය අතිශය දරුණුව පවතින අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයේ  දැඩි හිඟයක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

"අවතැන් කිරීම යනු කුමක් දැයි ඔබ හඳුනනවාද? එය, ඔබේ ආත්මය, සිරුරින් ඉවතට අද දැමීමයි. එය මනුෂ්‍යත්වයට අවමානයක්, එක්තරා විදිහක මරණයක්," යි, ගාසා නගරවාසී, පස් දෙනකුගෙන් යුත් පවුලක මවක වන 50 හැවිරිදි ඝාඩා (Ghada) කියා සිටී.

"ඔවුන් අපට දකුණට පලා යන්න කියනවා. අපි එහෙම කළත්, එතනින් එහාට අපට බෝම්බ දාන්නෙ නෑ කියන වගවීම ඔවුන්ට නැහැ. ඉතින් අපි මොකටද කරදර වෙන්නේ? මැරෙන එක මෙහෙ ඉඳන්ම මැරෙනවා" යි, ඇය පවසන්නීය. අසරණ පලස්තීනුවන්ට මරණය බදා ගැනීමට සිදුවී ඇති අයුර, මානව සංහතිය කිසිදා අපේක්ෂා නොකළ ඛේදවාචකයකි.    

පසුගිය සති කිහිපය පුරාවට ගාසා නගරයේ නැගෙනහිර තදාසන්න පෙදෙස්හි, අඛණ්ඩ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත සිදු කෙරිණි. ඉන් ප්‍රදේශ තුනකවත් පූර්ණ බලය දැන්, ඊශ්‍රායල  හමුදා සතුය. මේ වන විට, මධ්‍යම නාගරිකය ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන  ඊශ්‍රායල හමුදාවේ මීළඟ ඉලක්කය, බහුතර අවතැන් කඳවුරු පවතින එහි   බටහිර කලාපයයි.

හමාස් වාර්තා අනුව, ගාසා  නගරය අත්පත් කරගන්නා බවට  ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු නිවේදනය කළ දිනට පසු දින එනම්,    ඉකුත්  අගෝස්තු 11 වන දා සිට ඇරඹි  ඊශ්‍රායල ප්‍රහාර හමුවේ,  ගාසා වාසීන්  3,50,000කට අධික පිරිසක් නිවෙස් අතහැර පලා ගියහ.  නේවාසික ගොඩනැගිලි 1,600ක් සහ අවතැන් කූඩාරම් 13,000ක් ඊශ්‍රායල ප්‍රහාරවලින්  විනාශ වී තිබේ.

තමා එක්සත් ජනපදය බලා පෙරළා පියාසර කිරීමට පෙර, ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය පරාජය කරන අන්දම සහ ගාසා යුද්ධය පිලිබඳ,  අග්‍රාමාත්‍ය නෙතන්යාහු සමග පූර්ණ සාකච්ඡා පවත්වන බව රුබියෝ පැවසීය.  ඊශ්‍රායලය පසුගිය දා කටාර් රාජ්‍යය වෙත සිදු කළ ප්‍රහාරය පිළිබඳවද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඊයේ, රුබියෝ සහ ඔහුගේ බිරිඳ, ඊශ්‍රායලය වෙත සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ සාරා, එම දෙපළ  සහ එක්සත් ජනපද තනාපති, මයික් හකබී (Mike Huckabee) සහ බිරිය ද,  යුදෙව් දහමේ පූජනීයම යාඥා ස්ථානය සේ සැලකෙන වෙස්ටර්න් වෝල් (Western Wall) වෙත කැටුව  ගියහ.  

අනතුරුව, ඔවුහු ඒ අසල පිහිටි,  ඊශ්‍රායලය විසින් මතු කරගත්   තවත් පුරාවිද්‍යා ස්ථානයක් ද නිරීක්ෂණයේ යෙදුණහ. එහෙත්,   එය, තමන්ට අයත් පූජනීය මුස්ලිම් බිමක් බව හමාස් සංවිධානය  කියයි.

 අල්-බරාක් වේල්ල ( Al-Buraq Wall) යනුවෙන් මුසල්මානුවන් හඳුන්වන වෙස්ටර්න් වෝල් වෙත ඇමෙරිකානු දූත පිරිස රැගෙනයාම, එම පරිශ්‍රයේ  පිහිටි පලස්තීනුවන්ගේ  අලක්සා   (Al-Aqsa) මුස්ලිම් දේවස්ථානයේ පාරිශුද්ධිය  කෙලෙසීමකැයි, හමාස් සංවිධානය  චෝදනා කරයි.

සිය ආගමික ශුධස්ථාන වෙත සිදු කළ එම  සංචාරය මගින්,  වත්මන් එක්සත් ජනපද පරිපාලනය,   පලස්තීන ජනතාවට සිය  භූමියට සේම, පූජනීය ආගමික මධ්‍යස්ථානවලට සිදු කරන අපරාධයන්හි  පාර්ශ්වකරුවන්   බව මොනවට පැහැදිලි කර ඇතැයි,  හමාස් සංවිධානය පවසයි.

රුබියෝ ඇතුළු දූත පිරිස වෙස්ටර්න් වෝල් වෙත කළ සංචාරය, ඊශ්‍රායලයේ සදාතනික අගනුවර ජෙරුසෙලම බව එක්සත් ජනපදය විසින් යළි යළිත්  තහවුරු කිරීමක් බව, එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය කියයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/15/2025


මුලාශ්‍රය :

Gazans flee Israeli bombardment as Rubio meets Netanyahu in Jerusalem

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

"අපි මොකටද කරදර වෙන්නේ? මැරෙන එක මෙහෙ ඉඳන්ම මැරෙනවා." - ගාසා හි මරණය මානව සංහතියේ අනපේක්ෂිත ඛේදවාචකය | The Leader