BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පූර්ව ගැටවර වියේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරන ලොව ප්‍රථම රට ඕස්ට්‍රේලියාව

T

The Leader Desk

September 16, 2025 • 6:56 AM

පූර්ව ගැටවර වියේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරන ලොව ප්‍රථම රට ඕස්ට්‍රේලියාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය භාවිතයේ වයස් නිර්ණය පිණිස අවම ක්‍රමවේද භාවිතා කරන ලෙස ඕස්ට්‍රේලියා රජය ඊයේ (15) එරට සියලු සමාජ මාධ්‍ය ජාල වෙතින් ඉල්ලීමක් සිදු කළේය.
  • ලබන දෙසැම්බරයේ සිට, එරට වයස අවුරුදු 16ට අඩු සියලු ළමුන් හට සමාජ මාධ්‍ය තහනම් කෙරේ.
  • එම නිරණයන් වඩා සුමට අකාරයෙන් සිදු කිරීම පිලිබඳ තාක්ෂණ මට්ටමේ සාකච්ඡා මේ වනවිට සිදු කෙරේ.
  • ඉකුත් වසරේ ජනවාරි මස සිට මෙම වසරේ පෙබරවාරි මස තෙක් වයස අවුරුදු 13ත්, 15ත් අතර පසුවන්නන්ගෙන් 95%ක් අවම වශයෙන් එක් සමාජ මාධ්‍ය ජාලයක් හෝ භාවිතා කරන බව ඒ පිලිබඳ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පූර්ව ගැටවර වියේ පසුවන ළමුන් වෙනුවෙන් සමාජ මාධ්‍ය තහනමට පියවර ගන්නා ලොව ප්‍රථම රට ඕස්ට්‍රේලියාව ය. ලොව පුරා රජයන් සහ තාක්‍ෂණ කාර්මිකායතන රැසක් ඕස්ට්‍රේලියාවේ නව පියවර පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසුවෙති.

ලබන දෙසැම්බරයේ සිට, එරට වයස අවුරුදු 16ට අඩු සියලු ළමුන් හට සමාජ මාධ්‍ය තහනම් කෙරේ. ඒ අනුව, ඕස්ට්‍රේලියානුවකු එරට සමාජ මාධ්‍ය වෙත පිවිසීමේදී වයස් නීර්ණ ක්‍රමවේදයකට අනුගත විය යුතුවේ. එම නිරණයන් වඩා සුමට අකාරයෙන් සිදු කිරීම පිලිබඳ තාක්ෂණ මට්ටමේ සාකච්ඡා මේ වනවිට සිදු කෙරේ.

ඉකුත් වසරේ ජනවාරි මස සිට මෙම වසරේ පෙබරවාරි මස තෙක් වයස අවුරුදු 13ත්, 15ත් අතර පසුවන්නන්ගෙන් 95%ක් අවම වශයෙන් එක් සමාජ මාධ්‍ය ජාලයක් හෝ භාවිතා කරන බව ඒ පිලිබඳ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඒ පිලිබඳ සැබෑ දත්ත මීට වඩා ඉහළ අගයක් ගැනීමේ සම්භාවිතාව ද එකහෙළා බැහැර කළ නොහැකි බව, සමීක්ෂණය සිදු කළ එරට ඊ-සේෆ්ටි (eSafety)  කාර්යාලය පවසයි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/16/2025

මුලාශ්‍රය :

Australia wants 'minimally invasive' age checks under teen social media ban

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පූර්ව ගැටවර වියේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරන ලොව ප්‍රථම රට ඕස්ට්‍රේලියාව | The Leader