BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'මැද පෙරදිග අර්බුදය විසඳීමේ මැදහත් වගකීමෙන් බැහැර වන්නේ නැහැ' - කටාර් රාජ්‍යය

T

The Leader Desk

September 16, 2025 • 8:58 AM

'මැද පෙරදිග අර්බුදය විසඳීමේ මැදහත් වගකීමෙන් බැහැර වන්නේ නැහැ' - කටාර් රාජ්‍යය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග අර්බුදය විසඳීමට කටාර් සහ එක්සත් ජනපදය එක්ව වඩාත් ප්‍රගතිශීලී ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් කෙටුම්පත් කෙරෙමින් ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) පවසයි.
  • දෝහා අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරය විවේචනය කරමින්, කටාර් රාජ්‍යය වෙත සිය සහාය පල කිරීමට අරාබි - ඉස්ලාමීය රාජ්‍ය නායකයෝ, ඊයේ (15) දෝහා අගනුවරට හදිසියේ රැස්වූහ.
  • ගාසා යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාමයකට එළැඹීම පිණිස, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදහත් පාර්ශ්වකරුවකු සේ තවදුරටත් කටයුතු කරන්නැයි,  රුබියෝ, කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේය.
  • ඒ සඳහා ඉතිරිව ඇත්තේ සීමිත කාලයක් පමණකැයි ද ඔහු පැවසීය."එය ඉටු කළ හැකි අන් රටක් වේ නම්, ඒ, කටාර් පමණකැයි," ටෙල්  අවිව්  (Tel Aviv) සිට දෝහා බලා පිටත් වීමට පෙර රුබියෝ සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය ඊශ්‍රායල සංචාරය අවසන් කර කටාර් හි දෝහා අගනුවර බලා පිටත්ව යන අතරවාරයේ ඔහු මේ බව සඳහන් කළේය.

කටාර් රජයේ රැඳී සිටි හමස් නායකයින් ඉලක්ක කර ඉකුත් සතියේ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරය ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක් විය.

 



"කොහේ හැංගුණත් හමාස් නායකයින් සොයා පහර දීමේ තීරණයේ වෙනසක්  නැහැ" - ඊශ්‍රායල අගමැති


මේ අතර, "කොහේ හිටියත්" හමාස් නායකයින් සොයා  ප්‍රහාර එල්ල කිරීමේ සිය තීරණයේ කිසිදු වෙනසක් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි.

දෝහා අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරය විවේචනය කරමින්, කටාර් රාජ්‍යය වෙත සිය සහාය පල කිරීමට අරාබි - ඉස්ලාමීය රාජ්‍ය නායකයෝ, ඊයේ (15) දෝහා අගනුවරට හදිසියේ රැස්වූහ.

qatar 5676768779
ගාසා යුද්ධය සම්බන්ධයෙන් සටන් විරාමයකට එළැඹීම පිණිස, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදහත් පාර්ශ්වකරුවකු සේ තවදුරටත් කටයුතු කරන්නැයි,  රුබියෝ, කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ඉතිරිව ඇත්තේ සීමිත කාලයක් පමණකැයි ද ඔහු පැවසීය."එය ඉටු කළ හැකි අන් රටක් වේ නම්, ඒ, කටාර් පමණකැයි," ටෙල්  අවිව්  (Tel Aviv) සිට දෝහා බලා පිටත් වීමට පෙර රුබියෝ සඳහන් කළේය.

ඊශ්‍රායලය සිදු කළ ගුවන් ප්‍රහාරය බියගුළු සහ ද්‍රෝහී ක්‍රියාවක් වුව, ඊජිප්තුව සහ එක්සත් ජනපදය සමග එක්ව, සාම මාවත සැකසීමේ මැදහත් කරුවකු ලෙස කටයුතු කිරීමේ වගකීමෙන් බැහැර නොවන බව කටාර් රාජ්‍යය පවසයි.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/16/2025

මුලාශ්‍රය :

Qatar, US to finalise enhanced defence cooperation agreement, Rubio says

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...