BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායල හමුදා අඛණ්ඩ සටනේ

T

The Leader Desk

September 16, 2025 • 10:31 AM

ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායල හමුදා අඛණ්ඩ සටනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා ඊයේ (15) ගාසා නගරය අත්පත් කර ගැනීමේ භූමි ප්‍රහාර ආරම්භ කළේය.
  • ඉකුත් මස අවසන් වන විට, ගාසා නගර මාධ්‍යයට ආසන්නයේ, මිලියනයකට අධික ජනගහනයක් වාසය කළ බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • ගාසා නගරය ගිනි ගෙන දැවෙමින් ඇතැයි, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz) එක්ස් (X) පණිවුඩයක සඳහන් කරයි.
  • ඊශ්‍රායල හමුදා අයෝමය හස්තයකින් ත්‍රස්තයින්ගේ යටිතළ පහසුකම් ඉලක්ක සුණු විසුණු කරමින් පහර පිට පහර එල්ල කරමින් සිටින බව, ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල රාජ්‍ය නිලධාරීන් විසින් ඒ බව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, පසු ගිය මස, සිය හමුදා නායකයින් අමතා, ගාසා නගරය අත්පත් කර ගැනීමේ නියෝග නිකුත් කළේය. එම නගරය හමාස් සංවිධානය සතු අවසන් සහ ප්‍රධාන බලකොටුව වේ.  

ඊශ්‍රායල  ප්‍රහාර හේතුවෙන්  නගරයේ, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සමූහ අවතැන්වීමට ලක්ව සිටින අතර, දැඩි අහාර සහ පානීය ජල හිඟයකට ද මුහුණ පා සිටිති. ඉකුත් මස අවසන් වන විට, ගාසා නගර මාධ්‍යයට ආසන්නයේ, මිලියනයකට අධික ජනගහනයක් වාසය කළ බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ගාසා නගරය ගිනි ගෙන දැවෙමින් ඇතැයි, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz) එක්ස් (X) පණිවුඩයක සඳහන් කරයි. ඊශ්‍රායල හමුදා අයෝමය හස්තයකින් ත්‍රස්තයින්ගේ යටිතළ පහසුකම් ඉලක්ක සුණු විසුණු කරමින් පහර පිට පහර එල්ල කරමින් සිටින බව, ඔහු පවසයි.

 

katz456
හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සහ හමාස් මුලිනුපුටා දැමීමේ අරමුණින්, ඊශ්‍රායල හමුදා අභීත  ලෙස රණ බිම සංග්‍රාම දක්වන බව කැට්ස් කියා සිටී.

මේ වන  විට, ගාසා තීරයේ 75%ක භූමි බලය ඊශ්‍රායලය සතුය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/16/2025

මුලාශ්‍රය :

Israeli military launches ground offensive to occupy Gaza City, Axios reports

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායල හමුදා අඛණ්ඩ සටනේ | The Leader