BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වියට්නාමයට එන වසරේ සිට එක්සත් ජනපදයෙන් මත්ස්‍ය තහනමක්

T

The Leader Desk

September 16, 2025 • 11:47 AM

වියට්නාමයට එන වසරේ සිට එක්සත් ජනපදයෙන් මත්ස්‍ය තහනමක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාමයට පැනවූ මත්ස්‍ය තහනම පිලිබඳ යළි සලකා බලන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින බව එරට කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය නොයෙන් හොං ඩයන් (Nguyen Hong Dien) ඊයේ (15) පැවසීය.
  • ජනපති ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තියෙන් පීඩිතව සිටින වියට්නාමය, මෙම තහනමත් සමග තවදුරටත් ආර්ථික අර්බුදයක පැටලෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.
  • ධීවර කර්මාන්තයේදී වියට්නාමය විසින් අනුගමනය කෙරෙන ඇතැම් පන්න ක්‍රම, සමුද්‍ර  ජීවීන්ට තර්ජන එල්ල කරන බව ඉකුත් මස, එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය නිවේදනය කළේය.
  • පසුගිය වසරට සාපේක්ෂව ඉකුත් ජනවාරි සිට අගෝස්තු මස දක්වා වියට්නාමයෙන් එක්සත් ජනපදයට අපනයනය කෙරෙන මත්ස්‍ය නිෂ්පාදන 6.9%කින් ඉහළ ගොස් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වියට්නාමයේ  තෝරාගත් මත්ස්‍ය සම්පත්  කිහිපයක් එන වසරේ සිට එක්සත් ජනපදය වෙත අපනයනය තහනම් කර තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තියෙන් පීඩිතව සිටින වියට්නාමය, මෙම තහනමත් සමග තවදුරටත් ආර්ථික අර්බුදයක පැටලෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

viet4575
තහනම පිලිබඳ යළි සලකා බලන්නැයි, එක්සත් ජනපද වාණිජ අමාත්‍ය හොවාර්ඩ් ලුට්නික් (Howard Lutnick) ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇතැයි ද, වියට්නාම කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා පැවසීය.

ධීවර කර්මාන්තයේදී වියට්නාමය විසින් අනුගමනය කෙරෙන ඇතැම් පන්න ක්‍රම, සමුද්‍ර  ජීවීන්ට තර්ජන එල්ල කරන බව ඉකුත් මස, එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය නිවේදනය කළේය.

එක්සත් ජනපදය, වියට්නාමයේ සුවිසල්  මත්ස්‍ය වෙළඳපොල ප්‍රධාන ගැනුම් කරුවෙකි. පසුගිය වසරට සාපේක්ෂව ඉකුත් ජනවාරි සිට අගෝස්තු මස දක්වා වියට්නාමයෙන් එක්සත් ජනපදයට අපනයනය කෙරෙන මත්ස්‍ය නිෂ්පාදන 6.9%කින් ඉහළ ගොස් තිබේ. එහි දළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.24ක් වේ. එය වියට්නාමයේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදන අපනයන ප්‍රතිශතයෙන් 17.35%ක් බව එරට රෙගු වාර්තා පෙන්වා දෙයි.

2025 09 16 166526 1758000400. large

වියට්නාම කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සමුද්‍ර ක්ෂීරපායී ආරක්ෂණ පනත යටතේ, එරට ධීවර පන්න ක්‍රම 12ක් පිලිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම, මත්ස්‍ය තහනමට ආසන්නතම හේතුව බව වාර්තා වේ. එම විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට අපොහොසත්වන රටවලට 2026 ජනවාරි 01 දින සිට එක්සත් ජනපදය වෙත මත්ස්‍ය සම්පත් අපනයනය තහනම් කෙරේ.

වියට්නාමයේ  ටූනා, සප්පරා, කොස්සා, මැකරල්, මලට්, කකුළුවන් සහ දැල්ලන් වැනි ප්‍රධාන පෙළ මත්ස්‍ය සම්පත් රැසකට මෙම  අපනයන තහනම බලපා තිබේ.

ඒ පිලිබඳ එක්සත් ජනපදයේ යළි සලකා බැලීම, වියට්නාමයේ ධීවර කර්මාන්තයේ නියැළි සිය දහස් ගණනක ධීවර සහ ආශ්‍රිත  ශ්‍රමික ප්‍රජාවේ ජීවනෝපාය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා මාහැඟි පියවරක් වනු ඇතැයි, එරට කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා විසින් සිය ලිපියෙන් එක්සත් ජනපදය වෙත වැඩි දුරටත් දන්වා  තිබේ.

vinh long, south vietnam,  - November 4, 2022:woman looking at  large pod with fresh fish at street market in the Mekong Delta, Vietnam
වියට්නාමයේ විශාලතම අපනයන වෙළඳපොළ එක්සත් ජනපදය වේ.

ට්‍රම්ප් පරිපාලනය නව බදු ප්‍රතිපත්තිය යටතේ, මෙම වසරේ අගෝස්තු 01 වන දා සිට, වියට්නාමයෙන් එක්සත් ජනපදය වෙත සිදු කෙරෙන සියලු භාණ්ඩ අපනයන සඳහා 20% ක තීරු බදු  පනවා ඇත. වෙනත් රටවලින් වියට්නාමය හරහා එක්සත් ජනපදය වෙත සිදු කෙරෙන ප්‍රතිඅපනයන බද්ද 40% තෙක් ඉහළ නංවා තිබේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/16/2025

මුලාශ්‍රය :

Vietnam asks United States to reconsider seafood export ban

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...