BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපානය පලස්තීන රාජ්‍යය පිළිනොගනී

T

The Leader Desk

September 17, 2025 • 6:40 AM

ජපානය පලස්තීන රාජ්‍යය පිළිනොගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පලස්තීන රාජ්‍යය පිළිනොගන්නා බව ජපානය පවසයි. එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ද්වීපාර්ශ්වීය සහාය ලබන පසුබිමක ජපානය විසින් එම තීරණය ගෙන ඇතැයි, එරට අසාහි (Asahi) පුවත්පත සඳහන් කරයි.
  • උද්ගත තත්ත්වය පිලිබඳ වැඩි දුර නිරීක්ෂණයේ පසුවන බව, ජපාන විදේශ අමාත්‍ය, ටකෙෂි ඉවායා (Takeshi Iwaya) පවසයි.
  •   යෝෂිමසා හයාසි (Yoshimasa Hayashi) අද (17) පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජපාන ප්‍රධාන කැබිනට් ලේකම්, යෝෂිමසා හයාසි (Yoshimasa Hayashi), ගාසා තීරයේ සිදුකරන ඊශ්‍රායල භූමි ආක්‍රමණ සහ ප්‍රහාර පිලිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ කළේය.
  • එහි උද්ගතව ඇති  උග්‍ර ආහාර හිඟය සහ මානුෂීය අර්බුදය විසඳීමට වහා අවශ්‍ය පියවර ගන්නැයි, ඔහු අදාළ පාර්ශ්ව වෙතින් විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩල සැසි වාරයේදී, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ප්‍රකාශයට පත් කළහ.

එහිදී, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් (Jean-Noel Barrot), පලස්තීනය පිළිගන්නා ලෙස ජපන් නියෝජිතයාගෙන් උදක්ම ඉල්ලා සිටියද, විවිධ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාන්විත ඔස්සේ එක්සත් ජනපදය විසින්, ජපානයට ඒ සම්බන්ධයෙන් සිදු කළ බලපෑම් හමුවේ, ජපානය විසින් මෙම තීරණය ගෙන තිබේ.

උද්ගත තත්ත්වය පිලිබඳ වැඩි දුර නිරීක්ෂණයේ පසුවන බව, ජපාන විදේශ අමාත්‍ය, ටකෙෂි ඉවායා (Takeshi Iwaya) පවසයි.

 

hayashiයෝෂිමසා හයාසි (Yoshimasa Hayashi)
අද (17) පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජපාන ප්‍රධාන කැබිනට් ලේකම්, යෝෂිමසා හයාසි (Yoshimasa Hayashi), ගාසා තීරයේ සිදුකරන ඊශ්‍රායල භූමි ආක්‍රමණ සහ ප්‍රහාර පිලිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ කළේය. එහි උද්ගතව ඇති  උග්‍ර ආහාර හිඟය සහ මානුෂීය අර්බුදය විසඳීමට වහා අවශ්‍ය පියවර ගන්නැයි, ඔහු අදාළ පාර්ශ්ව වෙතින් විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/17/2025

මුලාශ්‍රය :

Japan won't recognise a Palestinian state given US ties, media report says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජපානය පලස්තීන රාජ්‍යය පිළිනොගනී | The Leader