BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප්ගේ විරෝධය නොතකා පලස්තීනය නිල වශයෙන් පිළිගැනීමට බ්‍රිතාන්‍යය සූදානම්

T

The Leader Desk

September 18, 2025 • 6:23 AM

ට්‍රම්ප්ගේ විරෝධය නොතකා පලස්තීනය නිල වශයෙන් පිළිගැනීමට බ්‍රිතාන්‍යය සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සති අන්තයේ පලස්තීනය නිල වශයෙන් පිළිගන්නා බවට නිවේදනයක් නිකුත් කරන බව බ්‍රිතාන්‍යය පවසයි.
  • ඊශ්‍රායලය, ගාසා තීරයේ සිදු කරන සැහැසි කම් නොනවත්වන්නේ නම්, ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයිර් ස්ටාර්මර් (Keir Starmer), පසු ගිය ජුලි මස අනතුරු අඟවා සිටියේය.
  • ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වහා සටන් විරාමයක් ඇරඹිය යුතු බව ඔහු දැනුම් දුන්නේය.
  • ප්‍රංශය, කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීම, හමාස් සංවිධානයට උඩ ගෙඩි දීමක් බව ඊශ්‍රායලය ප්‍රකාශ  කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එයට උරණ වූ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ( Donald Trump), බ්‍රිතාන්‍යයේ සිය දෙවන නිල සංචාරය අවසන් කොට සිය රට බලා පිටත් විය.

ඊශ්‍රායලය, ගාසා තීරයේ සිදු කරන සැහැසි කම් නොනවත්වන්නේ නම්, ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයිර් ස්ටාර්මර් (Keir Starmer), පසු ගිය ජුලි මස අනතුරු අඟවා සිටියේය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වහා සටන් විරාමයක් ඇරඹිය යුතු බව ඔහු දැනුම් දුන්නේය.

ප්‍රංශය, කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීම, හමාස් සංවිධානයට උඩ ගෙඩි දීමක් බව ඊශ්‍රායලය ප්‍රකාශ  කරයි.

ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍ය නිල සංචාරය අවසන් කර රටින් පිටවීමත් සමග අද (18), බ්‍රිතාන්‍ය රජය, සිය නව තීරණය පිලිබඳ නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව  'ද ටයිම්ස්' (The Times) පුවත් පත කියා සිටී.

බ්‍රිතාන්‍යය මේ සම්බන්ධයෙන් කුමන තීරණයක් ගත්තද, තමාට ඉන්  ඵලක් නොවන බවත්, එනමුත්, එවැනි අපක්ෂපාතී තීරණ ගන්නා එක්සත් ජනපද හිතවාදී ඕනෑම යුරෝපීය රටක් වෙත සිය දැඩි අප්‍රසාදය පල කරන බවත්, ජනපති ට්‍රම්ප් පැවසීය.

බ්‍රිතාන්‍යයේ වාමාංශික කම්කරු පාක්ෂිකයින් ඊශ්‍රායලයට එරෙහි දැඩි මතයක පිහිටා කටයුතු කරමින් සිටී. අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ට ද එහි බලපෑමට නතුව කටයුතු කිරීමට සිදුව තිබේ.

trumpojfodifhd
ඊශ්‍රායලය, ගාසා තීරයේ  සිය අමානුෂික මිනිස් සංහාර නතර නොකරන්නේ නම්, මීළඟ, එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩල සැසිවාරයේදී බ්‍රිතාන්‍යය විසින්, පලස්තීනය නිල වශයෙන් පිළිගන්නා බවට එම ප්‍රකාශය නිකුත් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/18/2025

මුලාශ්‍රය :

Britain will recognise Palestinian state this weekend, Times reports

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...