BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා මිනිස් ඝාතනවලින් නොනැවතුණු ඊශ්‍රායල හමුදාවේ කළල සංහාරය

T

The Leader Desk

September 18, 2025 • 9:29 AM

ගාසා මිනිස් ඝාතනවලින් නොනැවතුණු ඊශ්‍රායල හමුදාවේ කළල සංහාරය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ මිනිස් සංහාරය සිදු කර ඇති අන්දම අති බිහිසුණුය.
  • ඉතිරිව ඇත්තේ, ඒ පිලිබඳ යළි යළි මතකයට නැගෙන හද පාරණ මතක සටහන් පමණකැයි ඇය කියා සිටී.
  •   නව්ජා අබු හමාදා නව්ජා, දෙවන දරුවකු අපේක්ෂාවෙන්, කළල වර්ධනය පිණිස තම කළල බිජු තැන්පත් කර තිබූ ගාසා අල්-බස්මා ( Al-Basma) දරු ඵල මධ්‍යස්ථානය, 2023 වසරේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ විය.
  • ගාසා තීරයේ ඊශ්‍රායලය හමුදා දියත් කර ඇති මිනිස් සංහාරය, පිරිමින්, ළමුන් සහ කාන්තාවන්  මතු නොව, නූපන් ළදරු කළලය ද ඉලක්ක කර ඇතැයි, ඇය කියන්නීය.
අකුරු ප්‍රමාණය (Font Size):
එය, මෙලොව එළිය දුටු ගාසා ළදරුවන්, ළමා, තරුණ, වැඩිහිටි ස්ත්‍රී පුරුෂයින්ගේ සිට නූපන් බිලිඳා තෙක් එල්ල කර ඇති, වචනයෙන් විස්තර කළ නොහෙනාකාරයේ අපරාධයකි.

පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ (UN) විමර්ශන කොමිසමකදී, ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ දරු ඵල සායනයක් විනාශ කිරීම පිලිබඳ පරීක්ෂණයක් සිදු කෙරුණ ද, ඉන් තමා ඇතුළු කිසිවකුට කිසිදා සාධාරණයක් ලැබෙනු ඇති බවට විශ්වාසයක් නැතැයි, නව්ජා අබු හමාදා ( Najwa Abu Hamada  ) පවසන්නීය. ඉතිරිව ඇත්තේ, ඒ පිලිබඳ යළි යළි මතකයට නැගෙන හද පාරණ මතක සටහන් පමණකැයි ඇය කියා සිටී.
 
gaza w jf09r54f9834fනව්ජා අබු හමාදා
නව්ජා, දෙවන දරුවකු අපේක්ෂාවෙන්, කළල වර්ධනය පිණිස තම කළල බිජු තැන්පත් කර තිබූ ගාසා අල්-බස්මා ( Al-Basma) දරු ඵල මධ්‍යස්ථානය, 2023 වසරේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ විය. උතුම්  මව් පදවිය අපේක්ෂාවෙන්,එහි ජීවය තැන්පත් කළ ඇය වැනි තරුණ පලස්තීන කාන්තාවන් රැසකට ද, එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු විය.
ඊශ්‍රායලයට එරෙහි හඬ අවදි කිරීමට තබා ඒ පිලිබඳ සිතීමට හෝ අපොහොසත් ඒ සියලු දෙනා, එක්සත් ජාතීන්ගේ කොමිසම් පමණක් නොව,  අන් සියලු ජාත්‍යන්තර මැදිහත්වීම් හමුවේද අන්ත අසරණව පසුවෙති.

ගාසා තීරයෙන් පලා ඒමට සමත් වූ නව්ජා දැන් වෙසෙන්නේ කටාර් රජ්‍යයේය. ගාසා තීරයේ ඊශ්‍රායලය හමුදා දියත් කර ඇති මිනිස් සංහාරය, පිරිමින්, ළමුන් සහ කාන්තාවන්  මතු නොව, නූපන් ළදරු කළලය ද ඉලක්ක කර ඇතැයි, ඇය කියන්නීය. "මට  මගේ එකම බලාපොරොත්තුව අහිමි වුණා," යි, ඇය මහත් වේදනාවෙන් පවසයි.

මාතෘ සරු බව පිලිබඳ කළල වර්ධන ක්‍රමවේද අනුගමනයෙන් නව්දාට සිය කුළුඳුල් දරු උපත හිමි වූයේ ද ගාසා තීරයේදීය. මේ වන විට, 49 හවිරිදි ඇය දෙවන දරුවකු වෙනුවෙන් සිය බලාපොරාත්තු තවමත් අහිමි කරගෙන නැතැයි, කියා සිටී.
 
nawja 2
"අපි මෙහෙ වෛද්‍යවරු හමුවුණා. ඒ අය නම් කියන්නේ, බලාපොරොත්තු නැති කරගන්න එපා කියලා," නව්ජා කියා සිටී. එහෙත්, ඇය ඒ පිලිබඳ දෙගිඩියාවෙන් පසුවන්නීය.
 
ගාසා අල්-බස්මා (Al Basma) දරු ඵල මධ්‍යස්ථානය ප්‍රහාර මගින් විනාශ කිරීම, එහි පලස්තීන ජනවාර්ගික වන්ද්‍යකරණය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා හිතා මතා සිදු කළ අපරාධ ක්‍රියාවක් බව එක්සත් ජාතීන්ගේ කොමිසම විසින් තීරණය කර තිබේ. එය 1948 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව, භීෂණය යටතේ එන මානව සංහාරය පිලිබඳ පස් වැදෑරුම් අපරාධ ක්‍රියා අතුරින් එකකි.
ඊශ්‍රායල පාබල හමුදා යුද ටැංකියකින් එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක්, දරු ඵල මධ්‍යස්ථානය මත ඉඳුරා පතිත වූ අතර ඉන් එහි දියර නයිට්‍රජන් ටැංකි පහම පුපුරා විනාශ විය. එසේ විනාශ වූයේ භෞතික යටිතල පහසුකමක් පමණක් නොව, අනාගත පලස්තීන ජීවය යැයි, එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමේ ඒ පිලිබඳ වාර්තාව පෙන්වා දෙයි.
 
iv9384y
ඊශ්‍රායලය එම අපරාධ ක්‍රියාව සිදු කළ බවට මෙතෙක් කිසිදු සහතිකයක් ලබා දී නැත. ගාසා යුද ක්‍රියාන්විතවලදී හිතා මතා සිවිල් පුරවැසියන් සහ ඔවුන්ට අයත් සායන වැනි වෛද්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා, ඊශ්‍රායල හමුදා තරයේ ප්‍රතික්ෂේප කරති. 2023, ඔක්තෝබර 07 දා ඊශ්‍රායල  භූමියේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු වශයෙන්, එම ත්‍රස්ත සංවිධානය මුලිනුපුටා දැමීමේ පරම චේතනාවෙන්ම ගාසා යුද්ධය ක්‍රියාත්මක කළ බව ඔවුහු ප්‍රකාශ කරති.

ඊයේ (17), ඒ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කළ ඊශ්‍රායල හමුදා ප්‍රධානියෙක්, නිත්‍ය වශයෙන් ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර සිදු කළ එම හමාස් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස, සියලු ජාත්‍යන්තර නීතිවලට යටත්ව, සිවිල් ඉලක්ක මග හැරීම වෙනුවෙන් වන සෑම ආරක්‍ෂිත පියවරක්ම අනුගමනය කරමින්, සිය හමුදා ගාසා යුද ක්‍රියාන්විත ඉදිරියටම කරගෙන යන බව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල හමුදා මානව සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමේ නිගමනය කුමන්ත්‍රණකාරී, අසත්‍ය හා වෛරීසහගත එකක් බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ඩැනියෙල් මෙරන් (Daniel Meron) කියයි. ඒ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කොමිසම් වාර්තාව නින්දිත එකකැයි, ඔහු කියා සිටී.
 
ivf yj
පිටු 72කින් යුත් එම වාර්තාව, දෙවසරකට ඉහත ගාසා යුද්ධය ඇරඹි තැන්  සිට මේ දක්වා, ඊශ්‍රායල හමුදා විසින් එහි  සිදු කර  ඇති අමානුෂික  ජන සංහාරය පිලිබඳ මෙතෙක් අනාවරණය කෙරුණු ප්‍රබලතම ජාත්‍යන්තර සාක්ෂියයි.
ivf 8347y934
 
හමාස් ත්‍රස්තයින්, ගාසා තීරයේ වෛද්‍ය මධ්‍යස්ථාන සහ ආශ්‍රිත යටිතල පහසුකම් තුළ රැඳෙමින්, ප්‍රහාර එල්ල කරන බව, ඊශ්‍රායල හමුදා චෝදනා කරති. එහෙත්, හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ගාසා තීරයේ වෙනත් දරු ඵල මධ්‍යස්ථානයක කළල පෝෂණය මගින් බිහි කළ නව්දාගේ කුළුඳුල් දරුවා පුත්‍රයෙක් වූ අතර ඔහු නමින් ඛලීල් (Khalil) ය. 2022 වසරේ ඊශ්‍රායලය සහ ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ සංවිධානය අතර හටගත් ගැටුමකින් ඔහු මරුමුවට පත් විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 17කි.
 
"මට පුතා ලැබුණේ බැඳලා අවුරුදු 12කට පස්සේ. ඒ වෙනුවෙන් කළල බද්ධ ශල්‍යකර්ම පහක් කරන්න සිද්ධ වුණා. මගේ සිහිනය වුණේ, ඔහු කසාද බැඳලා දරුවන් ලැබ සිටිනු දැකීමයි. ඒත්, තරුණ විය පසුකරන්නත් කලින්ම මට පුතා නැති වුණා," ඇය සිය වේදනාබර මුල් අතීත මතකය අවදි කළාය.

"මුළු ලෝකයම බලා සිටිනවා පමණයි. මේ අපරාධ ගැන ඔවුන් කිසිවක් කරන්නේ නැති බව නම් සහතිකයි"  නව්දා කියා සිටී.  
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/18/2025

මුලාශ්‍රය :

Gaza woman recalls broken dream after UN inquiry calls attack on IVF clinic genocide

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...