BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා තීරයේ අන්තර්ජාල සහ දුරකථන සන්නිවේදන විසන්ධි කෙරේ

T

The Leader Desk

September 18, 2025 • 4:09 PM

ගාසා තීරයේ අන්තර්ජාල සහ දුරකථන සන්නිවේදන විසන්ධි කෙරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා නගරය ආක්‍රමණය කරමින් සිටින ඊශ්‍රායල හමුදා, නාගරික මධ්‍යස්ථානයට ලඟා වෙති.
  • අන්තර්ජාල සහ දුරකථන සේවා විසන්ධි කිරීම බරපතල සිදුවීම් පෙළක පෙරනිමිති බව, විදෙස් මාධ්‍ය පවසයි.
  •   අද (18) ගාසා තීරයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර සහ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • ඉන් 9 දෙනෙක් ගාසා නගර වාසීහු වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

නගරයේ ස්ථාන දෙකක සන්නද්ධ ඊශ්‍රායල හමුදා රථ ක්‍රියාන්විතයේ යෙදෙනු දුටු බව නගර වාසීහු  පවසති. එම හමුදා විසින් ගාසා තීරය පුරා අන්තර්ජාල සබඳතා සහ දුරකථන සේවා මුළුමනින්ම විසන්ධි කර තිබේ.

ගාසා නගරයේ නැගෙනහිර තදාසන්න පෙදෙස් දැන්, ඊශ්‍රායල හමුදා සතුව පවතී. පසු ගිය දින කිහිපය පුරාවට ඔවුහු ඒ අවට ෂෙයික් රද්වාන් (Sheikh Radwan)  සහ ටෙල් අල්-හවා (  Tel Al-Hawa) ප්‍රදේශ ඉලක්ක කර විශේෂ මෙහෙයුම් දියත් කළහ. පසුව, එම ප්‍රදේශයන්හි ස්ථානගතව, අධික අවතැන් ජනගහනයක් වෙසෙන නගරයේ මධ්‍යම සහ බටහිර කලාප ආක්‍රමණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

අන්තර්ජාල සහ දුරකථන සේවා විසන්ධි කිරීම බරපතල සිදුවීම් පෙළක පෙරනිමිති බව, විදෙස් මාධ්‍ය පවසයි. නාගරික වාසස්ථාන සහ අවතැන් කඳවුරුවල තවමත් බොහෝ පිරිස් රැඳී සිටිති. ඉන්  පලා යාමට තරම් වත්කමක් නොමැති ජනතාව සේම නගරයෙන් පිටමන් නොවීමේ අධිෂ්ඨානයේ පසුවන පිරිස් ද ඒ අතර වෙති.  

අද (18) ගාසා තීරයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර සහ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් 9 දෙනෙක් ගාසා නගර වාසීහු වෙති.

ගාසා නගරයේ සිය හමුදා ක්‍රියාන්විත තව දුරටත් ව්‍යාප්ත කරමින් ඇතැයි, ඊශ්‍රායල හමුදා නවතම ප්‍රකාශයකින් කියා සිටිති. ත්‍රස්ත ඉලක්ක වනසමින්, ත්‍රස්තයින් ඝාතනය කරමින්   හමුදා ඉදිරියට ඇදෙන බව ඔවුහු පවසති. දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) සහ රෆා (Rafah) පෙදෙස් හි ද ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකය.

ගාසා නගරයේ සිටින ඊශ්‍රායල හමුදා, පුපුරණ  ද්‍රව්‍ය පිරවූ රියදුරන් රහිත රථ හතරක් පුපුරවා හැරි  බව  ප්‍රදේශවාසීහු පවසති. ඉන්, නිවාස රැසක් විනාශ වී තිබේ.

ගාසා නාගරික මධ්‍යස්ථානයට ආසන්නව පිහිටි ටෙල් අල්-හවා හි ස්ථාන කිහිපයක ද පිපිරීම් සිදු වී ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

නගරය අතැර දකුණු දෙසට පලා යන පලස්තීනුවන් වෙනුවෙන් පැය 48ක කාලයක් සඳහා තවත් මාර්ගයක් විවෘතව තබන බව ඊශ්‍රායල හමුදා ඊයේ (17) දන්වා සිටියහ.

ඊයේ  වන විට, දෙවසරක ගාසා යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව  65,000 ඉක්ම වීය. එහෙත්, සත්‍ය මරණ සංඛ්‍යාව ඊට හාත්පස වැඩි අගයක් ගනු ඇතැයි,  පලස්තීන සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති.

පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් කොන්ක්‍රීට් ගොඩනැගිලි සහ වෙනත් ඉදි කිරීම් වලට යටවී, සිර වී සිටින්නන් ගලවා ගැනීම සහ මළ සිරුරු ඉවත්  කිරීම ඉමහත් දුෂ්කර කාර්යයක් ව ඇතැයි, ඔවුහු පවසති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/18/2025

මුලාශ්‍රය :

Gaza hit by telecoms blackout as Israeli tanks advance


 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...