BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇෆ්ඝනිස්ථාන අත්අඩංගුවේ සිටි බ්‍රිතාන්‍ය යුවළකට නිදහස

T

The Leader Desk

September 19, 2025 • 11:49 AM

ඇෆ්ඝනිස්ථාන අත්අඩංගුවේ සිටි බ්‍රිතාන්‍ය යුවළකට නිදහස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ඝනිස්ථානයේ තලිබාන් අත්අඩංගුවේ පසු වූ බ්‍රිතාන්‍ය ජාතික යුවළක් මුදා හැරේ.
  • නිදහස ලැබූ බ්‍රිතාන්‍ය යුවළ අද දෝහා බලා පිටත් කර හැරි  බව වාර්තා වේ.
  • තලිබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මගින් ඉකුත් පෙබරවාරි 01 දින ඔවුන් අත්අඩංගුවට ගැනිණි.
  • නිසි තොරතුරු අනාවරණය නොකර සිටීම හේතුවෙන්  එම යුවළ  ඇෆ්ඝනිස්ථාන නීතිය උල්ලංඝනය කළ බව ඇෆ්ඝන් විදේශ අමාත්‍යංශය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉකුත් පෙබරවාරි මස අත්අඩංගුවට පත් වූ ඔවුන් මුදා ගැනීම වෙනුවෙන් කටාර් රාජ්‍යය සිදු කළ මැදිහත්වීම සාර්ථක විය. නිදහස ලැබූ බ්‍රිතාන්‍ය යුවළ අද දෝහා බලා පිටත් කර හැරි  බව වාර්තා වේ.

බාර්බී (Barbie) සහ පීටර් රෙනොල්ඩ්ස්  (Peter Reynolds) නම් එම යුවළ  අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය  පිලිබඳ එම  පවුල් සාමාජිකයෝ දිගින් දිගටම ජාත්‍යන්තරය හමුවේ හඬ නැගූහ. තලිබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මගින් ඉකුත් පෙබරවාරි 01 දින ඔවුන් අත්අඩංගුවට ගැනිණි.

කටාර් රාජ්‍යය, එම සිද්ධිය සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය රජය සහ එම යුවළගේ පවුල් සාමාජිකයින් සම්බධීකරණය කරමින්, තලිබාන් රජය හා දිගින් දිගටම සාකච්ඡාවේ නිරත විය.

අත්අඩංගුවට පත් බ්‍රිතාන්‍ය යුවළ වෙන් වශයෙන් රඳවා තැබුණු අතර, කාබුල් (Kabul ) අගනුවර කටාර් තානාපති කාර්යාලය ඔවුන් වෛද්‍ය පහසුකම් සහ ප්‍රතිකාර වෙත යොමු කිරීම මෙන්ම, පවුල් සාමාජිකයින් අතර සම්බන්ධීකරණය වැනි අත්‍යවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට වෙහෙසකර කාර්යයක නිරත විය.

h678779
නිසි තොරතුරු අනාවරණය නොකර සිටීම හේතුවෙන්  එම යුවළ  ඇෆ්ඝනිස්ථාන නීතිය උල්ලංඝනය කළ බව ඇෆ්ඝන් විදේශ අමාත්‍යංශය පැවසීය.

එම බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා සමග චීන-ඇමෙරිකානු සම්භවයක් සහිත පුද්ගලයකු සහ භාෂා පරිවර්තකයකු ඇතුළු සිව් දෙනකු පසුගිය දා ඇෆ්ඝනිස්ථාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි. බ්‍රිතාන්‍ය යුවළ, මධ්‍යම ඇෆ්ඝනිස්ථානයේ බාමියාන් (Bamiyan) පළාතේ රාජ්‍ය නොවන සංවිධානයක සේවකයින් බව බී.බී.සී. (BBC)  පුවත් සේවය උපුටා දක්වන රොයිටර්ස් (Reuters) පුවත් සඳහන් කරයි. දේශීය බලධරයාගේ නිසි අවසරයකින් තොරව ගුවන්යානයක් භාවිතා කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත්  බව, එම මාධ්‍ය වාර්තා පවසයි.

2021 ඇෆ්ඝනිස්ථානයේ තලිබාන් රජය බලයට පත්වීමෙන් අනතුරුව, එරට  අත්අඩංගුවට  පත් විදෙස් පුරවැසියන් මුදා ගැනීම සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය මැදිහත් කරුවකු වශයෙන් කටයුතු කරයි. එම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් ඔස්සේ,  මේ වන විට, ඇමෙරිකානු පුරවැසියන් තිදෙනකු ද අත්අඩංගුවෙන් මුදා ගැනීමට ඔවුහු සමත් වී සිටිති.  

 



තලිබාන් රජය බලයට පත්වීමත් සමග, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ඇෆ්ඝනිස්ථානයේ  සිය තානාපති කාර්යාල වසා දැමීමට පියවර ගත්හ.

බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ඇෆ්ඝනිස්ථානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/19/2025

මුලාශ්‍රය :

UK coupl
e freed by Taliban after Qatari mediation, official says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...