ඊයේ, (18) ගාසා තීරය වෙත මානුෂීය ආධාර රැගෙන එමින් සිටි ට්‍රක් රථ රයදුරකු විසින් ඊශ්‍රායල හමුදා නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමෙන් අනතුරුව එම පියවර ගෙන තිබේ.
ට්‍රක් රථ රියදුරා, ඊශ්‍රායල හමුදා නිලධාරීන් දෙසට වෙඩි තැබූ අවස්ථාවේ, ඔහු අත තිබු ගිනි අවිය ක්‍රියා විරහිත වීමෙන් අනතුරුව, ඔහු විසින් සිදු කළ පිහි ඇණුමකින් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලත් හමුදා නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 20 සහ 60 පසු වූ ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකි. සිය හමුදා පෙරලා වෙඩි තැබීමෙන් ඝාතකයා "මෙල්ල" කළ බව ඊශ්‍රායලය පවසයි. ඔහු ජෝර්දාන් ජාතිකයකු බව ජෝර්දාන විදේශ අමාත්‍යංශය විසින් දන්වා තිබේ.
ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බටහිර ඉවුරු දේශ සීමාව සහ ජෝර්දානය යාකරන අලෙන්බි පාලම (Allenby Bridge) මෙසේ වසා දමා තිබේ. එය, ඊශ්‍රායල ගුවන් තොටුපොල අධිකාරිය මගින් පාලනය කෙරේ. පිවිසුම් මාර්ගය දින නියමයක් රහිතව වසා දමා ඇතැයි, එම අධිකාරිය දන්වා සිටී.
මේ අතර, ඊශ්‍රායලය සහ ජෝර්දානය අතර පිහිටි හුවමාරු මාර්ග දෙකක්ද අවහිරව පවතී. උතුරේ ජෝර්දාන් ගඟ හරහා හුවමාරු මාර්ගය ද සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර දකුණේ රබින් (Rabin) හුවමාරුව ශ්‍රමිකයින් සඳහා පමණක් විවෘතව පවතී.
අලෙන්බි පාලම මත ඊයේ සිදු කළ වෙඩි තැබීමේ වගකීම මෙතෙක්, කිසිවකු විසින් පිළිගෙන නැත. එම පාලම, ඊශ්‍රායලය සහ ජෝර්දානය අතර ප්‍රධාන වෙළඳ හුවමාරු මාර්ගය වේ. බටහිර ඉවුරේ මිලියන 3ක පමණ පලස්තීන වැසියන්ට ජෝර්දානය සහ තවත් රටවල් වෙත පිවිසීමට ඇති එකම ගොඩ බිම මාර්ගය ද එය ය.
ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් (Ben-Gurion) ජාත්‍යන්තර ගුවන් තොටුපොල භාවිතා කිරීමට පලස්තීනුවන්ට අවසර ලබා දී නැත. බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ගුවන් තොටුපොළක් ඉදි කිරීම ද ඊශ්‍රායලය විසින් තහනම් කර තිබේ.
ඊයේ ප්‍රහාරයෙන් අනතුරුව ගාසා තීරයට පිවිසෙන ජෝර්දාන ජාතිකයින් විශේෂ ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් කරන ලෙස ඊශ්‍රායල හමුදා වෙත උපදෙස් නිකුත් කර ඇත.
(සටහන | Reuters සහ Aljazeera ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/19/2025
මුලාශ්‍රය :
Israel shuts West Bank crossing with Jordan following deadly attack




