BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇමෙරිකානු සෙනෙට් සභික පිරිසකගෙන් පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ යෝජනාවක්

T

The Leader Desk

September 19, 2025 • 12:02 PM

ඇමෙරිකානු සෙනෙට් සභික පිරිසකගෙන් පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පලස්තීන රාජ්‍යය පිළිගැනීමට උදක්ම බලපෑම් කරමින් එක්සත් ජනපද සෙනෙට් සභිකයින් පිරිසක් එරට පළමු සෙනෙට් සභා යෝජනාව ඊයේ (18) ඉදිරිපත් කළහ.
  • ආසන 53-47 වශයෙන් එම බහුතරය පවතී.
  •   මේ අතර, පලස්තීන රාජ්‍යය පිළිගැනීම පිණිස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයිර් ස්ටාර්මර් (Keir Starmer) විසින් ගෙන ආ යෝජනාවට තමා අප්‍රසාදය පල කළ බව, ජනපති ට්‍රම්ප් පැවසීය.
  • රිපබ්ලිකන් පාක්ෂිකයින් කිසිවකු බ්‍රිතාන්‍ය යෝජනාවට පක්ෂව කටයුතු නොකරනු ඇතැයි, තමාට විශ්වාස බවද හෙතෙම කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ඉදිරිපත් කළ එම යෝජනාව, ට්‍රම්ප් පාක්ෂික රිපබ්ලිකන් බහුතරයක් සිටින පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන්ස සම්මත නොවනු ඇතැයි, දේශපාලන විචාරකයෝ පවසති. ආසන 53-47 වශයෙන් එම බහුතරය පවතී.

 

trumpojfodifhd

මේ අතර, පලස්තීන රාජ්‍යය පිළිගැනීම පිණිස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයිර් ස්ටාර්මර් (Keir Starmer) විසින් ගෙන ආ යෝජනාවට තමා අප්‍රසාදය පල කළ බව, ජනපති ට්‍රම්ප් පැවසීය. රිපබ්ලිකන් පාක්ෂිකයින් කිසිවකු බ්‍රිතාන්‍ය යෝජනාවට පක්ෂව කටයුතු නොකරනු ඇතැයි, තමාට විශ්වාස බවද හෙතෙම කියා සිටියේය.  

පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ ජාත්‍යන්තර පියවර උදෙසා පෙරමුණ ගෙන ක්‍රියා කිරීමට ඇමෙරිකාවට වගකීමක් ඇතැයි, ඩිමොක්‍රටික් පාක්ෂික ජෙෆ් මර්ක්ලේ (Jeff Merkley) ප්‍රකාශ කරයි. ඊට සුදුසුම කාලය දැන් එළඹ ඇතැයි, ඔහු කියා සිටී.

නව යෝජනාව මගින් ඉදිරිපත් කෙරෙන පරිදි, පලස්තීන රාජ්‍යය සන්නද්ධ හරණය කර ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම තුළ සාම ක්‍රියාවලිය ට පැහැදිලි ප්‍රවේශයක් ලබා ගත හැකි බව, ඔහු අවධාරණය කරයි.

 

iouyjkkjkjkjkgg
ඊශ්‍රායලය, ගාසා තීරයේ මානව සංහාරයක් සිදු කර ඇති බව පසුගියදා එක්සත් ජාතීන්ගේ කොමිසමක් මගින් නිගමනය කළේය. එය සාවද්‍ය සහ තහවුරු නොකළ තොරතුරු මත එළැඹි නිගමනයක්  බව ඊශ්‍රායලය පවසයි.

එළැඹෙන සතියේ නිව් යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගැනීමට එක්සත් ජනපද හිතෛෂී රාජ්‍යය කිහිපයක්ම සූදානමින් පසුවේ.

පසුගිය බදාදා (17) ගාසා ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 65,000 ඉක්මවීය. හමාස් භාරයේ පසුවන මුදා නොගත් ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 48කි. ඉන් 20 දෙනෙක් තවමත් ජීවතුන් අතර පසුවන බව ඊශ්‍රායලය කියයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/19/2025

මුලාශ්‍රය :

Democratic-led US Senate resolution seeks recognition of Palestinian state

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...