BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රුසියානු ප්‍රහාරක යානා එස්තෝනියා ගුවන ආක්‍රමණය කරයි

T

The Leader Desk

September 20, 2025 • 5:33 AM

රුසියානු ප්‍රහාරක යානා එස්තෝනියා ගුවන ආක්‍රමණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා තුනක් ඊයේ (19) එස්තොනියාවට (Estonia) ඉහළ අහසේ පියාසර කළ බව එස්තෝනියාව කියයි. නැටෝ (NATO) සාමාජික රටක් වන එස්තෝනියාව, එය සිය ගුවන් කලාපය උල්ලංඝනය කිරීමකැයි චෝදනා කර සිටී. රුසියානු ගුවන් යානා විනාඩි 12ක් පමණ එස්තොනියාවට ඉහළ අහසේ රැඳී සිටි බව වාර්තා වේ.
  •   එහෙත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියානු බලධාරීහු පවසති.
  • මෙම මස 9 සහ 10 දෙදින රාත්‍රී රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ පෝලන්ත ගුවන් කලාපය ආක්‍රමණය කළ බව මීට පෙර වාර්තා විය.
  • එම දැනුම් දීමත් සමග නැටෝ සංවිධානයට අයත් ප්‍රහාරක ජෙට්  යානා මගින් රුසියානු  ඩ්‍රෝන රැසක්   විනාශ කිරීමට පියවර ගත්  බව එම සංවිධානය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එස්තෝනියාව විසින්  එම ප්‍රහාරක යානා  පලවා  හැරීමට පියවර ගෙන තිබේ.   එහෙත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියානු බලධාරීහු පවසති.

මෙම මස 9 සහ 10 දෙදින රාත්‍රී රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ පෝලන්ත ගුවන් කලාපය ආක්‍රමණය කළ බව මීට පෙර වාර්තා විය. එම දැනුම් දීමත් සමග නැටෝ සංවිධානයට අයත් ප්‍රහාරක ජෙට්  යානා මගින් රුසියානු  ඩ්‍රෝන රැසක්   විනාශ කිරීමට පියවර ගත්  බව එම සංවිධානය කියයි. රුසියාව, යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී, නැටෝ සාමාජික රටවල සූදානම පිරික්සමින් ඇතැයි, එම සාමාජික රටවල් පවසති.

රුසියානු - යුක්‍රේන ගැටුම අතරතුර රුසියානු ප්‍රහාරක යානා බෝල්ටික් මුහුදට ඉහළ අහසේ  පියාසර කිරීම සුලබ දසුනක්ව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර නොබෝ දා රුසියාව සහ බෙලරුස් (Belarus) රාජ්‍යය අතර ඒකාබද්ධ යුද  අභ්‍යාසයක්  පැවති  බව වාර්තා වේ. එහිදී, රුසියානු න්‍යෂ්ටික අවි පෙරහුරුවක් ද පවත්වා ඇත.

2KKMO6KWNJICDFFFUSMDTMNSCQ
මෙම වසරේ ගත වූ කාලය තුළ රුසියානු ප්‍රහාරක යානා  සිව් වතාවක්  එස්තෝනියානු ගුවන් කලාපය ආක්‍රමණය කළ බව එස්තෝනියාව  පවසයි.

රුසියානු ප්‍රහාරක යානා පියාසර කරන්නේ, බෝල්ටික් මුහුදට ඉහළ නිදහස් ගුවන් කලාපයේ වයඹ දිග රුසියාවේ සිට කැලිනින්ග්‍රාඩ්  (Kaliningrad) කලාපය අතර පමණක් බව  එරට විදේශ අමාත්‍යංශය විසින්  අද (20) නිකුත් කළ නිවේදනයක දැක්වේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/20/2025 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...