BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සයිබර් ප්‍රහාරයකින් යුරෝපයේ ගුවන්තොටුපොළ රැසකට බාධා

T

The Leader Desk

September 20, 2025 • 3:23 PM

සයිබර් ප්‍රහාරයකින් යුරෝපයේ ගුවන්තොටුපොළ රැසකට බාධා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලන්ඩන් හීත්‍රෝ (Heathrow) ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රධාන යුරෝපීය ගුවන් තොටුපොළ රැසක
  • මගීන් පරීක්ෂා කෙරෙන සහ ගුවන් යානා වෙත ඇතුළත් කෙරෙන ලොව ඉදිරි පෙළ පරිගණක සේවා සැපයුම් කරුවකු වන කොලින්ස් එරෝස්පේස් (Collins Aerospace) හි මෘදු සේවා පද්ධතියක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත.
  • තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රැසක පිටත්වීමේ පර්යන්තයන්හි ගැටළුවක් පැන නැගී ඇතැයි එම සමාගම පවසයි.
  •   සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රසල්ස් (Brussels සහ  බර්ලින් (Berlin) ගුවන් තොටුපොළ මෙහෙයුම් ද අඩ පණ ව  ඇතැයි, වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි මගී තදබදයක් ඇතිවේ.

 හීත්‍රෝ ගුවන්තොටුපොළ බ්‍රිතාන්‍යයේ දෙවන කාර්ය බහුලම ගුවන් තොටුපොළ වේ. ප්‍රහාරය හේතුවෙන් එම ගුවන්තොටුපොළ මෙහෙයුම් ක්‍රියාවලිය ද අඩපණ ව තිබේ.

මගීන් පරීක්ෂා කෙරෙන සහ ගුවන් යානා වෙත ඇතුළත් කෙරෙන ලොව ඉදිරි පෙළ පරිගණක සේවා සැපයුම් කරුවකු වන කොලින්ස් එරෝස්පේස් (Collins Aerospace) හි මෘදු සේවා පද්ධතියක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත.

තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රැසක පිටත්වීමේ පර්යන්තයන්හි ගැටළුවක් පැන නැගී ඇතැයි එම සමාගම පවසයි. සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිය සේවා ලාභී ගුවන් තොටුපොළ රැසක මගී මෙහෙයුම් පද්ධති අකර්මණ්‍යව ඇතැයි, එහි නිලධාරීහු ප්‍රකාශ කරති.  

සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රසල්ස් (Brussels සහ  බර්ලින් (Berlin) ගුවන් තොටුපොළ මෙහෙයුම් ද අඩ පණ ව  ඇතැයි, වාර්තා වේ. මුල් සිදුවීමෙන් පැය කිහිපයකට පසු, සිය සේවා පද්ධතීන් ද අකර්මණ්‍ය වන බව අයර්ලන්ත ඩබ්ලින් (Dublin) ගුවන් තොටුපොළ ද දන්වා සිටියේය. එරට දෙවන විශාලතම ගුවන් තොටුපොළ වන කොර්ක් (Cork) ගුවන්තොට ද සයිබර් ප්‍රහාරයට බඳුන්ව තිබේ.

ප්‍රහාරය හෙත්වෙන් එම ගුවන්තොටුපොළ රැසක මගී සහ ගමන්මලු  පරික්ෂා කිරීම් පද්ධති අකාර්යක්ෂම පවතී. එහෙත්, බාහිර පරික්ෂා කිරීම් මගන් එම අවහිරතා මගහැර ගැනීමට පියවර ගන්නා බව, ඇතැම් ගුවන්තොටුපොළ බලධාරීහු  ප්‍රකාශ කළහ.

හීත්‍රෝ , බර්ලින් සහ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට පිටත් වන සහ ඒ වෙත පැමිණෙන  ගුවන් ගමන් 29ක් තව දුරටත් අවලංගු කර ඇතැයි, එම ගුවන්  පාලක මධ්‍යස්ථාන කියයි. අද (20),  හීත්‍රෝ ගුවන්තොටුපළින් පිටත්වන ගුවන් ගමන් වාර 651ක්, බ්‍රසල්ස් හි වාර 228ක් සහ බර්ලින් හි ගමන් වාර  226ක් සැලසුම් කර තිබු බව එම ගුවන්තොටුපොළ මෙහෙයුම් පාලක මැදිරි විසින් දන්වා  තිබේ.  

ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර, ගුවන් සේවා වෙතින් සිය ගමන් වාර පිලිබඳ විමසා සිටින ලෙස එම රටවල  ගුවන් මගීන් වෙත දැනුම් දීම් සිදු කර ඇත.

 ඊයේ (19) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් (St. Petersburg) නුවර පුල්කොවෝ ( Pulkovo) ගුවන් තොටුපොළ නිල  වෙබ් අඩවිය ද සයිබර් ප්‍රහාරයකට ලක් විය.

(සටහන | Reuters සහ Aljazeera  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/20/2025

මුලාශ්‍රය :

Passengers stranded at Heathrow, other European airports after cyberattack

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...