BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ඉතිරි ප්‍රාණ ඇපකරුවන් ඉන්නෙත් ගාසා නගරයේ' - හමාස් සන්නද්ධ ප්‍රධානී අනතුරු අඟවයි

T

The Leader Desk

September 21, 2025 • 9:56 AM

'ඉතිරි ප්‍රාණ ඇපකරුවන් ඉන්නෙත් ගාසා නගරයේ' - හමාස් සන්නද්ධ ප්‍රධානී අනතුරු අඟවයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ සහ තදාසන්න පෙදෙස් හි හමුදා ක්‍රියාන්විත තව දුරටත් දැඩි කර තිබේ.
  • නගරයේ සහ ඒ අවට භූගත බංකර සහ නිවාස ඇතුළු මහල් ගොඩනැගිලි රැසක් ඊශ්‍රායල හමුදා විසින් විනාශ කෙරිණි.
  • ඊයේ දිනයේ පමණක් පලස්තීනුවන් 60 දෙනකුවත් ඝාතනය වූ බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.
  • ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු රටවල් 10ක්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම්ව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (20) දිනයේද, අවට ප්‍රදේශ ඔවුන්ගේ අඛණ්ඩ ප්‍රහාරවලට ගොදුරු විය.

නගරයේ සහ ඒ අවට භූගත බංකර සහ නිවාස ඇතුළු මහල් ගොඩනැගිලි රැසක් ඊශ්‍රායල හමුදා විසින් විනාශ කෙරිණි. ඊයේ දිනයේ පමණක් පලස්තීනුවන් 60 දෙනකුවත් ඝාතනය වූ බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු රටවල් 10ක්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම්ව සිටිති. අනිද්දා (23) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සමගාමීව ඒ බව, හෙට (22)  නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

 



ගාසා නගරයේ නැගෙනහිර තදාසන්න පෙදෙස් දැන්, ඊශ්‍රායල හමුදා යටතේ පවතී. අවම වශයෙන්, ගාසා නගරයේ මහල් ඉදිකිරීම් 20ක් වත් සිය හමුදා ක්‍රියාන්විත මගින් විනාශ කර දැමූ බව ඔවුහු පවසති. 500,000 පිරිසක් මේ වන විටත්, නගරය අතැර පලා ගොස් ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය කියා සිටී.

තවමත් ගාසා නගරයේ පාලන බලය තමන් සතු බව පසන හමාස් සන්නද්ධ සංවිධානය, එම තොරතුරු ප්‍රතික්ෂේප කරයි. දැනටමත් 300,000 ක පමණ පිරිසක් නගරය අතහැර පලා ගොස්, තවත් 900,000 ක පමණ පිරිසක් එහි රැඳී සිටින බව ඔවුහු පවසති. නගරයේ රැඳී සිටින්නන් අතර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද වන බව එම සංවිධානය කියයි.  

htuu

 

ගාසා නගරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත හේතුවෙන් ප්‍රාණ ඇප කරුවන් අනතුරට පත් විය හැකි බව හමාස් සන්නද්ධ අංශ නායකයා අනතුරු අඟවයි. ඉතිරි ප්‍රාණ ඇපකරුවන් දැක්වෙන ඡායාරූපයක් සහිත විශේෂ පණිවුඩයක් මගින් ඊයේ, ඔහු ඒ බව දන්වා සිටියේය. හමාස් සංවිධානය භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා අතුරින් 20 දෙනකු හමාස් භාරයේ තවමත් ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායල හමුදා පවසති.

(සටහන | Reuters සහ Aljazeera  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/21/2025

මුලාශ්‍රය :

Israel presses on with Gaza City assault, at least 60 Palestinians killed

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...