BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇමෙරිකාවේ මීළඟ ඉලක්කය ඇෆ්ඝනිස්ථානය?

T

The Leader Desk

September 21, 2025 • 10:41 AM

ඇමෙරිකාවේ මීළඟ ඉලක්කය ඇෆ්ඝනිස්ථානය?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ඝනිස්ථානයේ බග්‍රෑම් (Bagram) ගුවන් කඳවුරේ පාලනය යළි ඇමෙරිකානු හමුදා වෙත භාර නොදෙන්නේ නම්, දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන්නැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (20) අනතුරු ඇඟවීය.
  • 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඇමෙරිකානු හමුදා යටතේ පැවති එම කඳවුරේ බලය යළි අත්පත් කරගන්නා බව ජනපති ට්‍රම්ප් පසු ගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය.
  • අෆ්ඝනිස්ථානය හා ඒ සම්බන්ධයෙන් සාකචා කළ බවද ඔහු එහිදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
  • 2021 වසරේ එක්සත් ජනපද හමුදා ඉන් ඉවත් වීමෙන් අනතුරුව, කඳවුරේ බලය ඉස්ලාමීය තලිබාන් (Taliban) සංවිධානය අතට පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එය සියතට ගැනීම පිණිස හමුදා පිටත් කර හරින්නේ දැයි ඔහු විසින් නිශ්චිතව ප්‍රකාශ කර නැතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

"ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ඝනිස්ථානයේ ඉදි කළ බග්‍රෑම් ගුවන් හමුදා කඳවුර, එය ඉදි කළවුන් වෙත යළිපවරා නොදෙන්නේ නම්, නරක දේවල් වෙන්න පුළුවන්," ටෘත්  (Truth) සමාජ ජාලයේ පණිවුඩයක් තබමින් ඔහු එසේ පැවසීය.

2001 සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඇමෙරිකානු හමුදා යටතේ පැවති එම කඳවුරේ බලය යළි අත්පත් කරගන්නා බව ජනපති ට්‍රම්ප් පසු ගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය. අෆ්ඝනිස්ථානය හා ඒ සම්බන්ධයෙන් සාකචා කළ බවද ඔහු එහිදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

2021 වසරේ එක්සත් ජනපද හමුදා ඉන් ඉවත් වීමෙන් අනතුරුව, කඳවුරේ බලය ඉස්ලාමීය තලිබාන් (Taliban) සංවිධානය අතට පත් විය.

 

afghanvdfvd
කඳවුර යළි පවරා ගැනීමේ එක්සත් ජනපද යෝජනාවට තලිබාන් නිලධාරීන් විරුද්ධත්වය පල කර ඇතැයි, වාර්තා වේ.

බග්‍රෑම්, යළි අත්පත් කර ගැනීමේ අදහස ක්‍රියාත්මක කිරීම යනු ඇෆ්ඝනිස්ථානය නැවතත් ආක්‍රමණය කිරීමේ එක්සත් ජනපද අභිප්‍රාය බව හිටපු එක්සත් ජනපද හමුදා නායකයෝ පෙන්වා දෙති. ඒ වෙනුවෙන් අවම වශයෙන්, ඇමෙරිකානු හමුදා භටයින් 10,000ක් සහ ඉදිරි පෙළ ගුවන් හමුදා මෙහෙයුමක් දියත් කළ යුතු බව ඔවුහු කියා සිටිති.

පැනමා (Panama) ඇලේ සිට ග්‍රීන්ලන්තය (Greenland) තෙක් කලාපයේ ස්ථාන රැසක් යළි එකත් ජනපද පාලනය යටතට ගත යුතු බව ජනපති ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/21/2025

මුලාශ්‍රය :

Trump says 'bad things' will happen if Afghanistan does not return Bagram air base

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...