BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දූෂණයට එරෙහිව පිලිපීනයේ තරුණ අරගලයක්…

T

The Leader Desk

September 22, 2025 • 4:28 AM

දූෂණයට එරෙහිව පිලිපීනයේ තරුණ අරගලයක්…

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිලිපීනයේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ වූ මහා පරිමාණ දූෂණ වංචාවකට එරෙහිව දහස් සංඛ්‍යාත ජනතාවක් ඊයේ (21) මැනිලා අගනුවර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටියේය.
  • මෙම විරෝධතාවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ වංචාවට සම්බන්ධ වූවන් වගවීමකට ලක්කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීමයි.
  • මැනිලා නුවර රිසාල් උද්‍යානය එඩ්සා හි පිහිටි ජනතා බල ස්මාරකය උද්ඝෝෂණවල ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති අතර රට පුරා අනෙකුත් නගරවලද විරෝධතා ක්‍රියාත්මක වේ.
  • ඕනෑම ප්‍රචණ්ඩකාරී තත්වයක් වැළැක්වීම සඳහා පොලිසිය සහ හමුදාව සීරුවෙන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන්ම ගංවතුර පාලන ව්‍යාපෘතිවලට අදාළව විශාල කොමිස් මුදල් දේශපාලකයින් සහ ඔවුන්ගේ හිතවතුන් සාක්කුවේ දමාගෙන ඇති මහජනතාව චෝදනා එල්ල කරති. මේ අනුව එරට මහජන අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පුළුල් ජනතා විරෝධයක් නිර්මාණය වී තිබේ.

මෙම විරෝධතාවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ වංචාවට සම්බන්ධ වූවන් වගවීමකට ලක්කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීමයි. ආපදා අවදානම ඉහළ ප්‍රජාවන්ට වෙන්කළ අරමුදල් දූෂිත ක්‍රියා හේතුවෙන් අහිමි වීම පිළිබඳව උද්ඝෝෂකයෝ සිය බලවත් විරෝධය පළ කරති. මැනිලා නුවර රිසාල් උද්‍යානය එඩ්සා හි පිහිටි ජනතා බල ස්මාරකය උද්ඝෝෂණවල ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති අතර රට පුරා අනෙකුත් නගරවලද විරෝධතා ක්‍රියාත්මක වේ.

ඕනෑම ප්‍රචණ්ඩකාරී තත්වයක් වැළැක්වීම සඳහා පොලිසිය සහ හමුදාව සීරුවෙන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 



උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ මගහරින ලෙස එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන් සඳහා සංචාරක අවවාද නිකුත් කර තිබේ.

මෙම විරෝධතා දිනය, මීට වසර 53කට පෙර පිලිපීනයේ යුද නීතිය ප්‍රකාශයට පත්කළ දිනයට යෙදී තිබීමද සුවිශේෂී වන අතර එමගින් යුක්තිය සහ පාලනයේ විනිවිදභාවය සඳහා වන ඉල්ලීමට ඓතිහාසික සංකේතයක් එක්කර ඇත.

5328

 

වංචාවට හවුල් වූ සියලු දෙනාට එරෙහිව නඩු පවරා දඬුවම් ලබා දිය යුතු බවත් අනාගතයේ මෙවැනි මහා පරිමාණ වංචා වැළැක්වීම සඳහා ශක්තිමත් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවත් විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් අතර වේ.

ආපදා සහන සහ යටිතල පහසුකම් සඳහා වෙන් කෙරෙන අරමුදල් පරිහරණයේදී රජය පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බවත් දූෂණය සහ අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට යුක්තිය ඉටුකළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

 

( lankatruth)

මුලාශ්‍ර :

Protesters flood streets of Philippines over state corruption

Dozens arrested and hurt in clashes with police near Philippine presidential palace

Police clash with anti-corruption protesters in the Philippines


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...