BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ලෙබනනයට යළි ඊශ්‍රායල ප්‍රහාර : පහක් මරුට

T

The Leader Desk

September 22, 2025 • 8:27 AM

ලෙබනනයට යළි ඊශ්‍රායල ප්‍රහාර : පහක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. දකුණු ලෙබනනයේ බින්ට් ජාබෙල් (Bint Jbeil ) නගරය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා ඊයේ (21) එම ප්‍රහාරය එල්ල කළහ.
  • ප්‍රහාරයෙන් හිස්බුල්ලා සාමාජිකයකු ඝාතනය වූ බවත්, සිවිල් වැසියන් කිහිප දෙනෙක් ද ඝාතනය වී ඇති බවට වාර්තා වන බවත්, ඊශ්‍රායල හමුදා කියා සිටිති.
  • ඊශ්‍රායල ප්‍රහාරයෙන් දරුවන් තිදෙනකු සහ ඔවුන්ගේ පියා ඝාතනය වී, මව බරපතල තුවාළ ලබා රෝහල් ගත කර ඇතැයි, ලෙබනන පාර්ලිමේන්තු ප්‍රකාශක නබී බෙරී (Nabih Berri) ප්‍රකාශ කළේය.
  • ඔවුන් එක්සත් ජනපද පුරවැසිභාවය හිමි පිරිසක් බව ද ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිස්බුල්ලා සාමාජිකයකු ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් හිස්බුල්ලා සාමාජිකයකු ඝාතනය වූ බවත්, සිවිල් වැසියන් කිහිප දෙනෙක් ද ඝාතනය වී ඇති බවට වාර්තා වන බවත්, ඊශ්‍රායල හමුදා කියා සිටිති.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් දරුවන් තිදෙනකු සහ ඔවුන්ගේ පියා ඝාතනය වී, මව බරපතල තුවාළ ලබා රෝහල් ගත කර ඇතැයි, ලෙබනන පාර්ලිමේන්තු ප්‍රකාශක නබී බෙරී (Nabih Berri) ප්‍රකාශ කළේය. ඔවුන් එක්සත් ජනපද පුරවැසිභාවය හිමි පිරිසක් බව ද ඔහු සඳහන් කළේය.

 

ඔවුන් එක්සත් ජනපද පුරවැසි බව හිමි පුද්ගලයින් බවට මෙතෙක් කිසිදු සටහනක් නොමැති බවත්, එක් අයකු සතුව ප්‍රයෝජනයට නොගත් සංක්‍රමණික වීසා අයදුම්පතක් පමණක් පැවති බවත්, මේ පිලිබඳ විශේෂ සඳහනක් කළ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසීය.

එම ප්‍රහාරයේදී සිවිල් පුද්ගලයින්ට සිදු වූ හානිය පිලිබඳ ඊශ්‍රායල හමුදා කණගාටුව පල කරති.

මේ අතර, ලෙබනන අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් (Nawaf Salam) ද, ඊශ්‍රායල ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. දකුණු ලෙබනනයේ සිය ගම් බිම් බලා යන අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කළ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරය අමානුෂික සහ ම්ලේච්ඡ ක්‍රියාවක් බව ඔහු පවසයි.

682150

 

ඊශ්‍රායලය, තව දුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් දකුණු ලෙබනනයේ භූමිය අත්පත් කර ගැනීමට යත්න දරන අවස්ථාවක, අවි බිම තැබීම පිලිබඳ ඔවුන් හා සාකච්ඡා කිරීමට පියවර ගැනීම තමන් සිදු කළ වරදක් බව හිස්බුල්ලා සංවිධානය කියයි.    

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/22/2025

මුලාශ්‍රය :

Israeli drone strikes kill five, including children, in southern Lebanon

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...