BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල නායකයෝ හමු වෙයි

T

The Leader Desk

September 23, 2025 • 11:33 AM

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල නායකයෝ හමු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අද (23) මුස්ලිම් රටවල් රැසක නායකයින් හමුවේ. ගාසා හි වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණයි.
  • ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම සහ හමාස් සංවිධානයෙන් තොරව ගාසා තීරය පාලනය කිරීම යන කරුණු ඊට ඇතුළත් බව වාර්තා වේ.
  •   යුද්ධයෙන් පසු ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත්වීමට නම්, අරාබි සහ මුස්ලිම් රටවල් සිය සන්නද්ධ හමුදා එහි ස්ථාපිත කළ  යුතු බව එක්සත් ජනපද මතය යි.
  • ගාසා තීරයේ නිසි සමාජ පරිවර්තනයක් සිදු කිරීම සහ එය යළි ඉදි කිරීම පිණිස වන මූල්‍ය සම්පත් නිවැරදිව ආයෝජනයට පහසුකම් සැලසීම එහි අරමුණයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, ජනපති ට්‍රම්ප්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඊජිප්තුව, ජෝර්දානය, තුර්කිය, ඉන්දුනීසියාව සහ පාකිස්ථානය යන රටවල නායකයින් සමග බහු-පාර්ශ්වීය සාකච්ඡා සිදු කිරීමට නියමිතව ඇතැයි, ධවල මන්දිර මාධ්‍ය ලේකම්, කැරොලයින් ලීවිට් (Karoline Leavitt) පවසයි.

එහිදී, සාමය සහ යුද්ධයෙන් පසු ගාසා තීරයේ පාලනය සිදු කෙරෙන අන්දම පිලිබඳ එක්සත් ජනපද ජනපති විසින්, යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම සහ හමාස් සංවිධානයෙන් තොරව ගාසා තීරය පාලනය කිරීම යන කරුණු ඊට ඇතුළත් බව වාර්තා වේ.

is5656

 

යුද්ධයෙන් පසු ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත්වීමට නම්, අරාබි සහ මුස්ලිම් රටවල් සිය සන්නද්ධ හමුදා එහි ස්ථාපිත කළ  යුතු බව එක්සත් ජනපද මතය යි. ගාසා තීරයේ නිසි සමාජ පරිවර්තනයක් සිදු කිරීම සහ එය යළි ඉදි කිරීම පිණිස වන මූල්‍ය සම්පත් නිවැරදිව ආයෝජනයට පහසුකම් සැලසීම එහි අරමුණයි.

ඊයේ (22), එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක නායකයින් රැසක් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගැනීමට එක්වූහ.

ජනපති ට්‍රම්ප් අද (23), එම සමුළුව ඇමතීමට නියමිතය.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/23/2025

මුලාශ්‍රය :

Trump to meet officials from Muslim-majority countries to discuss Gaza

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...