BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බියකරු 'රාගසා' චීනයට කඩාවදියි

T

The Leader Desk

September 24, 2025 • 9:08 AM

බියකරු 'රාගසා' චීනයට කඩාවදියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ භයානකම සුළිකුණාටුව ලෙස සැලකෙන 'රාගසා' සුළිකුණාටුව චීනය දෙසට හමායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • ඉහළ යන ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙකු වයෝවෘද්ධ පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
  •   තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට 700mmකට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර දකුණු හා නැගෙනහිර නගරවලට 500-600mmක වර්ෂාපතනයක් ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
  • අද (24) උදෑවන වන විට තායිවානයේ ටෝයුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 160කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ග ද අත්හිටුවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනටමත් තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති 'රාගසා' සුළිකුණාටුව හේතුවෙන් එහි පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 124 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ඉහළ යන ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙකු වයෝවෘද්ධ පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 



තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට 700mmකට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර දකුණු හා නැගෙනහිර නගරවලට 500-600mmක වර්ෂාපතනයක් ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

අද (24) උදෑවන වන විට තායිවානයේ ටෝයුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 160කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ග ද අත්හිටුවා ඇත.

9735a8c0 98ee 11f0 a8ef eb1bf8d878e0

 

හොංකොං කාලගුණ බලධාරීන් අද (24) ඔවුන්ගේ ඉහළම ටයිෆූන් අනතුරු ඇඟවීම "T10"නිකුත් කළ අතර කුණාටුව චීන භූමියෙන් කිලෝමීටර් 150ක් නිරිත දෙසින් ගමන් කරන විට සිදුවිය හැකි නායයෑම් පිළිබඳව ද අනතුරු අඟවා තිබේ.‍

එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර විනාශකාරී සුළං ගැන සැලකිලිමත් විය යුතු බවද අද දේශීය කාලගුණය නිරන්තරයෙන් අයහපත් වනු ඇති අතර, නිතර නිතර තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

සුපිරි සුළි කුණාටුවෙන් තායිවානයේ 14ක් මරුට; 124ක් අතුරුදන්

 

තායිවානයට බලපෑ රගාසා (Ragasa) සුපිරි සුළි කුණාටුවෙන් එරට ජනප්‍රිය සංචාරක කලාපයක් වන නැගෙනහිර හොලියන් ( Hualien) හිදී පුද්ගලයින්  14 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

124 දෙනෙක් අතුරුදන්ව සිටිති.  

කුණාටුව අතරතුර කඳුකර  ජලාශයක් පිටාර ගැලීමෙන් එම අනතුර සිදු වී තිබේ.


ඉකුත් සඳුදා (22) සිට තායිවානය ඔස්සේ හමා යන සුළි කුණාටුව මේ වන විට චීනයේ දකුණු වෙරළ තීරයට සහ හොං කොං වෙත බලපා තිබේ. ෆිලිපීනය ද එහි  බලපෑමට නතු විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
9/24/2025

මුලාශ්‍රය :

Super Typhoon Ragasa kills 14 in eastern Taiwan, with 124 missing

China evacuates nearly two million people after super typhoon kills 14 in Taiwan

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...