BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රුසියාවේ පෙට්‍රො රසායන සංකීර්ණයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

T

The Leader Desk

September 24, 2025 • 10:01 AM

රුසියාවේ පෙට්‍රො රසායන සංකීර්ණයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවේ පෙට්‍රො රසායන සංකීර්ණයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වේ.
  • එම ස්ථානයට, ගිනි නිවීම් ඇතුළු සියලු හදිසි සේවා  කැඳවා ඇතැයි ද වාර්තා වේ.
  • ඒ හේතුවෙන්, කලාපයේ ඉන්දන සහ ගෑස් මිළ සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.
  • 1400ක් එපිටින් පිහිටි රුසියානු උෆා (Ufa) ඉන්දන පිරිපහදුවට ද පසුගිය මස යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට විශාලතම සලවට් ( Salavat ) පෙට්‍රො රසායන සංකීර්ණයට එල්ල කෙරුණු එම ප්‍රහාරයේ හානිය තක්සේරු කරමින් ඇතැයි රුසියාව කියයි.

එම ස්ථානයට, ගිනි නිවීම් ඇතුළු සියලු හදිසි සේවා  කැඳවා ඇතැයි ද වාර්තා වේ.

සලවට් සංකීර්ණයට ඉකුත් සතියේ ද යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

පසු ගිය සති කිහිපය තුළ රුසියානු ඉන්දන සහ ගෑස් සංකීර්ණ වෙත එල්ල වන යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර උත්සන්න වී තිබේ. ඒ හේතුවෙන්, කලාපයේ ඉන්දන සහ ගෑස් මිළ සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

යුක්‍රේන දේශ සීමාවෙන් කි.මී. 1400ක් එපිටින් පිහිටි රුසියානු උෆා (Ufa) ඉන්දන පිරිපහදුවට ද පසුගිය මස යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

අද (24)  ප්‍රහාරයට ලක්වූ සලවට් පෙට්‍රො රසායන සංකීර්ණයේ, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන සහ ද්‍රව වායු, බියුටයිල් මධ්‍යසාර, පොලිඑතිලීන්, පොලිතීන් සහ ඇමෝනියා වැනි අතුරු නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
9/24/2025

මුලාශ්‍රය :

Ukraine's drones again attack Russia's major petrochemical complex


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුසියාවේ පෙට්‍රො රසායන සංකීර්ණයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් | The Leader