BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'පලස්තීනය පිළිගෙන යුද්ධය දිග්ගස්ස ගන්න එපා - ජනපති ට්‍රම්ප් අනතුරු අඟවයි

T

The Leader Desk

September 24, 2025 • 11:34 AM

'පලස්තීනය පිළිගෙන යුද්ධය දිග්ගස්ස ගන්න එපා - ජනපති ට්‍රම්ප් අනතුරු අඟවයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර රටවල් රැසක් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට ගත් තීරණය හෙළා දකින බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ( Donald Trump) පවසයි.
  •   ලෝක බලවතුන් සිය ඒකමතික තීරණය පසෙක ලා, හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම පිණිස කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
  • මීට දෙවසරකට පෙර, ඊශ්‍රායල භූමියේ සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ගාසා යුධය ඇවිල වූයේ, හමාස් සංවිධානය බව ඔහු පැවසීය.
  • යුද්ධයෙන් මේ වන විට, පලස්තීන ජාතිකයින් 65,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (23) එරට නිව් යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩල හමුව අමතමින් ඔහු එසේ ප්‍රකාශ කළේය.

 



ලෝක බලවතුන් සිය ඒකමතික තීරණය පසෙක ලා, හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම පිණිස කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

මීට දෙවසරකට පෙර, ඊශ්‍රායල භූමියේ සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ගාසා යුධය ඇවිල වූයේ, හමාස් සංවිධානය බව ඔහු පැවසීය.

ඊයේ, බටහිර රටවල් රැසක තීරණයෙන් පසු, ගාසා යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ගෝලීය අවමානයට පාත්‍රව සිටී. යුද්ධයෙන් මේ වන විට, පලස්තීන ජාතිකයින් 65,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. එහි ඉමහත් ජනකායක් දරුණු සාගත තත්ත්වයකට ද බඳුන් ව සිටිති.  

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත් රටවල් අතර ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ පෘතුගාලය ද වේ.  

 

gaza 454  
"මෙතැනට රැස්ව සිටින බොහෝ පාර්ශ්ව යුද්ධය දිග්ගස්ස ගන්නයි හදන්නෙ. පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් ඔවුන් කර ඇත්තේ ඊට සහාය පල කිරීමක්, ඒ වගේම, හමාස් ත්‍රස්තයින්ට සහ ඔවුන් සිදු කරන අපරාධ ක්‍රියාවන්ට  විශාල වටිනාකමක්  දීමක්" යි, එක්සත් ජාතීන්ගේ හමුව අමතමින් ජනපති ට්‍රම්ප් පැවසීය.

පසුව, ඔහු එහි පැමිණ සිටි සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඊජිප්තුව, ජෝර්දානය, තුර්කිය, ඉන්දුනීසියාව සහ පකිස්ථානය  ඇතුළු මුස්ලිම් රටවල් රැසක නායකයින් හමු විය. එය, ඉතා සාර්ථක හමුවක් බව ඔහු ප්‍රකාශ කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/24/2025

මුලාශ්‍රය :

At the UN, Trump condemns moves to recognise Palestinian state

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...