BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'බටහිර තීරණයට වගවෙන්නේ නෑ' - ඊශ්‍රායල අගමැති

T

The Leader Desk

September 25, 2025 • 8:16 AM

'බටහිර තීරණයට වගවෙන්නේ නෑ' - ඊශ්‍රායල අගමැති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර රටවල් රැසක් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ තීරණය, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ප්‍රතික්ෂේප කරයි. ඒ සම්බන්ධයෙන් කිසිදු වගවීමක් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය වරයා ඊයේ (24) ප්‍රකාශ කළේය.
  •   ඉකුත් සඳුදා (22) නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩල සැසිවාරයට එක්වූ ලෝක නායකයෝ රැසක්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කර සිටියහ.
  • එම තීරණයට එළැඹි සියලු රටවල් අපා ගතවන බව ජනපති ට්‍රම්ප් සිය දේශනයේදී කියා සිටියේය.
  • කෙසේ වෙතත්, එම සමුළුවේදී  එක්සත් ජනපදය විසින්, මැද පෙරදිග සඳහා, කරුණු 21කින් යුත් සාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


"පලස්තීන රාජ්‍යයක නැගී සිටීම හුදු සිහිනයකැ"යි, එක්ස් (X) සමාජ ජාලයේ පණිවුඩයක් තබමින් ඔහු කියා සිටියේය.

 

thumbs b c e832607d0d57d1216eafd9f04d428469

ඉකුත් සඳුදා (22) නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩල සැසිවාරයට එක්වූ ලෝක නායකයෝ රැසක්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කර සිටියහ. එම තීරණයට එළැඹි සියලු රටවල් අපා ගතවන බව ජනපති ට්‍රම්ප් සිය දේශනයේදී කියා සිටියේය.

කෙසේ වෙතත්, එම සමුළුවේදී  එක්සත් ජනපදය විසින්, මැද පෙරදිග සඳහා, කරුණු 21කින් යුත් සාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ. ඉදිරි දින කිහිපය තුළ, එහි යම් ධනාත්මක ප්‍රවනතාවක් අපේක්ෂා කරන බව කලාපයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/25/2025

මුලාශ්‍රය :

Israeli PM rejects Western recognitions of Palestinian state


සබැඳි ලිපි :

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම යනු කුමක් ද? බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව දැන් එය කරන්නේ ඇයි?

'පලස්තීන රාජ්‍යයක අදහස මුලිනුපුටා දමන' ඊශ්‍රායලයේ මතභේදාත්මක E1 ජනාවාස සැලසුම යනු කුමක් ද?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...