BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'නෙතන්යාහු මරමි'යි, කියූ අයෙක් පොලිස් අත්අඩංගුවට

T

The Leader Desk

September 26, 2025 • 9:49 AM

'නෙතන්යාහු මරමි'යි, කියූ අයෙක් පොලිස් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (25), යේමනය විසින් එල්ල කරන ලද මිසයිලයක් ගුවනේදී විනාශ කළ බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලය පුරා ආරක්ෂක සයිරන් හඬ ක්‍රියාත්මක වූ බව ද වාර්තා වේ.
  •   ඊයේ, ගාසා හි සිදු කළ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් පලස්තීනුවන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • මධ්‍යම ගාසා  තීරයේ සවයිදා (Zawayda) නගරයේ 11 දෙනෙක් ද ඒ අතර වෙති.
  • ඉකුත් පැය 24 තුළ ගාසා තීරයේ ඉලක්ක 170ක් වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අතර, ඊශ්‍රායල හමුදා විසින් ගාසා නගරාභ්‍යන්තරය වෙත සිය හමුදා මෙහෙයුම් දැඩි කර තිබේ.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ඊයේ එක්සත් ජනපදය වෙත  පිටත් විය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා යුද්ධය අවසන් කිරීමේ යෝජනාවලියක් ද ඉදිරිපත් කර තිබේ.

 

benjamin netanyahu
ඊයේ, ගාසා හි සිදු කළ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් පලස්තීනුවන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මධ්‍යම ගාසා  තීරයේ සවයිදා (Zawayda) නගරයේ 11 දෙනෙක් ද ඒ අතර වෙති. නේවාසික මහල් ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එම මරණ සිදු විය.

ඉකුත් පැය 24 තුළ ගාසා තීරයේ ඉලක්ක 170ක් වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති. ඊශ්‍රායල හමුදා වෙත හමාස් ත්‍රස්තයින් සැඟවී ප්‍රහාර එල්ල කරන  ස්ථාන හඳුනා එම ප්‍රති ප්‍රහාර එල්ල කළ බව ඔවුහු ප්‍රකාශ කළහ. සිය හමුදා,  ගාසා නගරයේ  අභ්‍යන්තරයටම 'කඩා වදිමින්' සිටින බව ඊශ්‍රායල හමුදාව කියයි.

ගාසාහි, ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බටහිර තීරය, ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීමට කිසිලෙසකින් හෝ ඉඩ නොතබන බව ජනපති ට්‍රම්ප් අරාබි නායකයින් හමුවේ පොරොන්දු විය.

 

hamas solders
ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ඉල්ලා  හමාස් සංවිධානය ද බටහිර ඉවුරේ අයිතිය වෙනුවෙන් සටන් වැද  සිටී. ඔවුහු ගාසා  තීරයේ සහ ජෙරුසෙලමේ ද අයිතිය  ඉල්ලා සිටිති.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ කැනඩාව ඇතුළු තවත් රටවල් කිහිපයක් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් ඉදිරිපත් වුවද , ගාසා තීරයේ එවැන්නක් බිහි වීම හුදු සිහිනයක් පමණකැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසු ගිය දා ප්‍රකාශ කළේය.

arrested man

මේ අතර, අගමැති නෙතන්යාහු ඝාතනය  කරන බවට තර්ජනය කළ අයකු ඊයේ ඊශ්‍රායල පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් සඳුදා (22),  යුදෙව් නව වසර සැමරුම් ඇරඹීමට මත්තෙන්, එරට දකුණු දිග කර්යාට් ගැට් (Kiryat Gat) නගරයේ හතලිස් හැවිරිදි අයෙක්, අග්‍රාමාත්‍ය නෙතන්යාහු ඝාතනය කරන බව පවසමින් එහි පොලිස් ස්ථානයට ඇතුළු වූ බව පොලිසිය පැවසීය. මිලට ගත් ගිනි අවියකින් තෙවරක්ම නෙතන්යාහු ඝාතනයට උත්සාහ කළ බව ඔහු පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි. ඔහුට එරෙහිව  නීතිය ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

දෙවසරක,  අඛණ්ඩ ගාසා යුද්ධය හේතුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ට එරෙහි එරට ජන මතය තව දුරටත් වර්ධනය වෙමින් පවතින බව  ලෝක දේශපාලන විචාරකයෝ පවසති. ඊශ්‍රායලය ගෝලීය  වශයෙන් හුදෙකලා වෙමින් ඇතයි, ඔවුහු පෙන්වා දෙති.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/26/2025

මුලාශ්‍රය :

Israel says it intercepted missile launched from Yemen
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'නෙතන්යාහු මරමි'යි, කියූ අයෙක් පොලිස් අත්අඩංගුවට | The Leader