සෞදි අරාබිය, ස්පාඥ්ඥය, ජපානය සහ ප්‍රංශය ද එම සහාය සන්ධානයට එක්ව සිටිති. පලස්තීන අධිකාරියට මේ මොහොතේ අත්‍යවශ්‍ය මූල්‍ය තිරසර භාවය ආරක්ෂා කිරීම නව වැඩ පිළිවෙළේ අරමුණයි.
නොර්වේ රාජ්‍යය මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක මූල්‍යාධාර ලබා දෙන බව රජය කියයි. පලස්තීන අධිකාරිය මුහුණ පා ඇති උග්‍ර මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් එම පියවර ගත් බව එරට විදේශ අමාත්‍යංශය පවසයි.

පලස්තීන අධිකාරියේ මූල්‍ය ස්ථාවරත්වය ස්ථාපිත කිරීම, රාජ්‍ය පරිපාලන ශක්‍යතා සුරක්ෂා කිරීම, අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සහ ආරක්ෂාව කළමනාකරණය කොට පවත්වාගෙන යාම සඳහා එම හවුල් ආධාර පිරිනැමේ.
ඊශ්‍රායලය සතු පලස්තීන අධිකාරියට අයත් අරමුදල් වහා නිදහස් කරන ලෙස ද එම හවුල්කාර රටවල් විසින් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.
නොර්වේ රාජ්‍යය, දශක ගණනාවක් තිස්සේ පලස්තීන ආධාර සාමූහිකයක් වන තාවකාලික සම්බන්ධතා කමිටුවේ (Ad Hoc Liaison Committee) සභාපතිත්වය උසුලයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/26/2025
මුලාශ්‍රය :
Donor nations provide emergency financial aid to Palestinian Authority, Norway says




