BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍යයේ ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්ය කෙරේ

T

The Leader Desk

September 26, 2025 • 3:15 PM

බ්‍රිතාන්‍යයේ  ඩිජිටල්  හැඳුනුම්පත අනිවාර්ය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව රැකියාවන්ට පිවිසෙන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට සහ එරට පුරවැසි භාවය හිමි ස්ථිර පදිංචිකරුවන්ට ඩිජිටල් හැඳුනුම්පත
  •   දේශා සීමා ආරක්ෂාව තර කිරීමේ අරමුණින්,   බ්‍රිතාන්‍යය තුළ නීති විරෝධී  රැකියාවන්හි නියැලෙන්නන්ට එරෙහි නීති දැඩි කරන බව අග්‍රාමාත්‍ය , කෙයිර් ස්ටාර්මර් (Keir Starmer) මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
  • විදෙස් සංක්‍රමණික ගැටළුව බ්‍රිතාන්‍යයට ඉමහත් තර්ජනයක්  බව ඒ පිළිබඳව මෑතක සිදු කළ මත විමසීම්වලින් ප්‍රත්‍යක්ෂව  තිබේ.
  • නීති විරෝධී සංක්‍රමණිකයින් ඉලක්ක කොට  ඇති නව පියවර මගින්,  පුරවැසි ස්වෛරීභාවය උල්ලංඝනය කෙරෙන බව   විපක්ෂ කණ්ඩායම්  චෝදනා කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

අනිවාර්ය කෙරෙන බව  රජය අද (26) දැනුම් දුන්නේය. නීති විරෝධී සංක්‍රමණ වැලැක්වීම පිණිස  නව පියවර ගෙන තිබේ.  

දේශා සීමා ආරක්ෂාව තර කිරීමේ අරමුණින්,   බ්‍රිතාන්‍යය තුළ නීති විරෝධී  රැකියාවන්හි නියැලෙන්නන්ට එරෙහි නීති දැඩි කරන බව අග්‍රාමාත්‍ය , කෙයිර් ස්ටාර්මර් (Keir Starmer) මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

විදෙස් සංක්‍රමණික ගැටළුව බ්‍රිතාන්‍යයට ඉමහත් තර්ජනයක්  බව ඒ පිළිබඳව මෑතක සිදු කළ මත විමසීම්වලින් ප්‍රත්‍යක්ෂව  තිබේ. ප්‍රංශයේ සිට කුඩා යාත්‍රා මගින් බ්‍රිතාන්‍යයට ලඟා වන  අනීතික සංක්‍රමණිකයින් වැලැක්වීමට පියවර ගන්නැයි, එරට ජනතාව දිගින් දිගටම රජයට බල කර සිටිති.

නීති විරෝධී සංක්‍රමණිකයින් ඉලක්ක කොට  ඇති නව පියවර මගින්,  පුරවැසි ස්වෛරීභාවය උල්ලංඝනය කෙරෙන බව   විපක්ෂ කණ්ඩායම්  චෝදනා කරති.  බ්‍රිතාන්‍යය  තුළ, ඒ පිලිබඳ  දේශපාලනික මත වාද ද හට ගැනෙමින් පවතී.

රට  තුළ,  "පොතට හුළං,  අතට මුදල්" රැකියාවස්ථා  පවතින තාක්, ඩිජිටල් හැඳුනුම් පත අනිවාර්ය කිරීම විහිළුවක් බව ඔව්හු පෙන්වා දෙති. එබැවින්, ඩිජිටල් හැඳුනුම්පතක් පිලිබඳ නව නෛතික   ප්‍රසම්පාදන මගින්, නීති ගරුක බ්‍රිතාන්‍යයන්ගේ සමාජ ස්වාධීනත්වය කෙලෙසෙන බව විපක්ෂය පවසයි.

ජංගම දුරකථනය මත යෙදුමක් සේ රඳවන නව ඩිජිටල් හඳුන්ම්පත, සේවකයින්   බඳවා ගැනීමේදී,   සෑම සේවා යෝජකයකු විසින්ම පරික්ෂා කර බැලීම අනිවාර්ය කෙරෙන නව නීති, වත්මන්  පාර්ලිමේන්තුව අවසන් වන,  2029 වර්ෂය වන විට පූර්ණ වශයෙන් බලාත්මක කෙරෙන බව රජය පවසයි. ළමා සුරැකුම්, සුභ සාධන සහ බදු වාර්තා වැනි ක්ෂේත්‍ර ගණනාවකට ද නව හැඳුනුම්පත හඳුන්වා දීමට පියවර ගැනේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/26/2025

Britain to introduce compulsory digital ID for workers

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...