BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

"මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කළ නොහැකියි; ඊශ්‍රායල හමුදා පිවිසුම් මාර්ග වහලා"

T

The Leader Desk

September 28, 2025 • 3:10 PM

"මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කළ නොහැකියි; ඊශ්‍රායල හමුදා පිවිසුම් මාර්ග වහලා"

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා අද (28) ගාසා නගරයේ නේවාසික කලාප රැසක් ආක්‍රමණය කළහ.
  • සිය දහස් ගණන් පලස්තීන වැසියන් කොටු වී සිටින නාගරික කලාපයේ ස්ථාන සියල්ල ද ඊශ්‍රායල හමුදා විසින් වසා  දමා ඇත.
  •   අවි බිම තබා යටත් වන ලෙස ඊශ්‍රායල හමුදා විසින් මෑතක කළ කිසිදු  දැනුම් දීමක් තමන් වෙත ලැබී නැතැයි,  හමාස් සංවිධානය අද පැවසීය.
  • හෙට (29), එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු හමු වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ව්‍යසනයට මැදි වූ පලස්තීනුවන් වෙතින් ලැබෙන දුරකථන ඇමතුම් කිසිවකට ප්‍රතිචාර පිණිස, මුදා ගැනීමේ කටයුතු කිසිත් සිදු කිරීමට අවකාශ නැතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.

ගාසා  නගරයේ, සබ්‍රා (Sabra), ටෙල් අල්-හවා (Tel Al-Hawa), ෂෙයික් රද්වාන්  (Sheikh Radwan) සහ අල්-නසාර්   (Al-Naser) නේවාසික කලාප වෙත ඊශ්‍රායල යුද ටැංකි මගින් දරුණු ප්‍රහාර දියත් කර තිබේ. සිය දහස් ගණන් පලස්තීන වැසියන් කොටු වී සිටින නාගරික කලාපයේ ස්ථාන සියල්ල ද ඊශ්‍රායල හමුදා විසින් වසා  දමා ඇත.  

fdyhe65
අවි බිම තබා යටත් වන ලෙස ඊශ්‍රායල හමුදා විසින් මෑතක කළ කිසිදු  දැනුම් දීමක් තමන් වෙත ලැබී නැතැයි,  හමාස් සංවිධානය අද පැවසීය. මැදහත් කරුවන් විසින් ගාසා යුද්ධය නතර කිරීමට නව යෝජනාවලියක්  ද තමන් වෙත ඉදිරිපත් කර නැතැයි ඔවුහු පවසති.

හෙට (29), එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු හමු වීමට නියමිතය.

ගාසා නගරයේ යුද්ධයට මැදි වී තුවාළ ලබා සිටින පලස්තීන වැසියන් මුදා ගැනීමට ජාත්‍යන්තර සංවිධාන ඔස්සේ සිදුකළ ඉල්ලීම් 73ක් ඊශ්‍රායල හමුදා ප්‍රතික්ෂේප කළ බව ගාසා සිවිල් හදිසි සේවය ඊයේ (27) නිවේදනය කළේය. සිය  හමුදා වෙත  යුද ටැංකි නාශක මිසයිල එල්ල කළ හමාස් ත්‍රස්තවාදීන් පස් දෙනෙකු, ගුවන් ප්‍රහාර මගින් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ.

ඉකුත් පැය 24 ක කාලය තුළ ඊශ්‍රායල හමුදා විසින්  ගාසා තීරයේ සන්නද්ධ ත්‍රස්ත ඉලක්ක 140ක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.  ප්‍රහාර හේතුවෙන් අද දිනයේ   ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 21 තෙක් ඉහළ ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/28/2025

Tanks thrust deeper into Gaza, medics say many injured are trapped

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...