BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් ආගිය අතක් නෑ; සොයාගන්නා තෙක් ප්‍රහාර නවත්වන්න' - හමාස් ඉල්ලයි

T

The Leader Desk

September 29, 2025 • 10:06 AM

'ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් ආගිය අතක් නෑ; සොයාගන්නා තෙක් ප්‍රහාර නවත්වන්න' - හමාස් ඉල්ලයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු අතර විශේෂ හමුවක් අද ධවල මන්දිරයේදී පැවැත්වේ.
  • සිය භාරයේ පසු වූ ප්‍රාණ ඇපකරුවන් දෙදනකු ආගිය අතක් නැතැයි හමාස් සංවිධානය පවසයි.
  •   එම අතුරුදන් වීම් හේතුවෙන් මේ වන විටත් ඊශ්‍රායලය තුළ විරෝධතා මතුවෙමින් පවතින අතර එය දෙරට නායකයින් අතර සාකච්ඡාවන් කෙරෙහිද බලපානු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
  •   ප්‍රාණ ඇපකරුවන් ඒකරාශී කර ගැනීම  පිණිස ඊශ්‍රායල හමුදා පැය 24ක කාලයකට ගාසා නගරයෙන් ඉවත් කරගන්නා ලෙසත් එම කාලය තුළ ගුවන් ප්‍රහාර නතර කරන ලෙසත් හමාස් සන්නද්ධ අංශය වන අල්-ඛසාම් බලකාය ඊයේ (28) දැනුම් දීමක් සිදු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී සිදු කෙරෙන  සාකච්ඡා වලින් අනතුරුව ගාසා යුද්ධය නතර කිරීම පිලිබඳ අවසන් විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ හමුදා මෙහෙයුම් දැඩි කර තිබේ. සිය භාරයේ පසු වූ ප්‍රාණ ඇපකරුවන් දෙදනකු ආගිය අතක් නැතැයි හමාස් සංවිධානය පවසයි.

 

benjamin trump
එම අතුරුදන් වීම් හේතුවෙන් මේ වන විටත් ඊශ්‍රායලය තුළ විරෝධතා මතුවෙමින් පවතින අතර එය දෙරට නායකයින් අතර සාකච්ඡාවන් කෙරෙහිද බලපානු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  

ප්‍රාණ ඇපකරුවන් ඒකරාශී කර ගැනීම  පිණිස ඊශ්‍රායල හමුදා පැය 24ක කාලයකට ගාසා නගරයෙන් ඉවත් කරගන්නා ලෙසත් එම කාලය තුළ ගුවන් ප්‍රහාර නතර කරන ලෙසත් හමාස් සන්නද්ධ අංශය වන අල්-ඛසාම් බලකාය ඊයේ (28) දැනුම් දීමක් සිදු කළේය.

trump
අරාබි නායකයින්ගෙන් සහ ඊශ්‍රායලය වෙතින් සිය සාම යෝජනාවලියට යහපත් ප්‍රතිචාර ලැබී  ඇතැයි, ඒ පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය කළ විමසීමකදී ජනපති ට්‍රම්ප් සඳහන් කළේය.    

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/29/2025

මුලාශ්‍රය :

Trump optimistic on Gaza peace deal; Hamas says it lost contact with two hostages in Gaza City 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...