BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'එක්සත්ව යුද්ධයට තිත තබමු' - ජනපති ට්‍රම්ප් යෝජනා කරයි

T

The Leader Desk

September 30, 2025 • 10:08 AM

'එක්සත්ව යුද්ධයට තිත තබමු' - ජනපති ට්‍රම්ප් යෝජනා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ ගාසා සාම යෝජනාවලියට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහාය පල කරයි.
  • කෙසේ වෙතත්, කරුණු 20කින් යුත් එම යෝජනාවලියට හමාස් සංවිධානය එකඟ වේදැයි මෙතෙක් අනාවරණය වී නැත.
  •   ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප්, ගාසා තීරයේ දෙවසරක යුද්ධය අවසන් කිරීමේ සාම මායිමට "අසීමිතව" ලංවී ඇතැයි සඳහන් කළේය.
  • එහෙත්, සන්නද්ධ සටන්කාමීන් එම යෝජනාවලිය පිළිනොගතහොත්, ඕනෑම ඉදිරි ක්‍රියා මාර්ගයක් වෙනුවෙන් ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ පූර්ණ සහාය ලබා දෙන  බව ද ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙරට නායකයින් අතර විශේෂ හමුවක් ඊයේ (29) ධවල මන්දිරයේදී පැවැත්විණි.

කෙසේ වෙතත්, කරුණු 20කින් යුත් එම යෝජනාවලියට හමාස් සංවිධානය එකඟ වේදැයි මෙතෙක් අනාවරණය වී නැත.

 

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප්, ගාසා තීරයේ දෙවසරක යුද්ධය අවසන් කිරීමේ සාම මායිමට "අසීමිතව" ලංවී ඇතැයි සඳහන් කළේය. එහෙත්, සන්නද්ධ සටන්කාමීන් එම යෝජනාවලිය පිළිනොගතහොත්, ඕනෑම ඉදිරි ක්‍රියා මාර්ගයක් වෙනුවෙන් ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ පූර්ණ සහාය ලබා දෙන  බව ද ඔහු අවධාරණය කළේය.

වහා සටන් විරාමයකට එළැඹෙන ලෙස එම යෝජනාවලිය මගින් දන්වා තිබේ. දෙපාර්ශ්වය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, අදියර කිහිපයක් යටතේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම, හමාස් සංවිධානය සියලු අවි බිම තැබීමට ඉදිරිපත් වීම සහ ජාත්‍යන්තර කමිටුවක් යටතේ ගාසා තීරයේ අන්තර්වාර රජයක් බිහි කිරීම වැනි කරුණු රැසක් ද ඊට ඇතුළත් ය.

 

353463524314gdg
දෙරට නායක හමුවේදී එක්සත් ජනපද සාම යෝජනාවලිය පිලිබඳ ඊශ්‍රායල පාර්ශ්වයෙන් පැවති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද සාකච්ඡා කෙරිණි. එම කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පූර්ණ එකඟතාවයකට එළැඹී දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

අනාගත පලස්තීන රාජ්‍යයක් සම්බන්ධයෙන් එහි වූ කරුණු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ. යුද්ධයෙන් පසු ගාසා තීරයේ පාලනය ට පලස්තීන අධිකාරියේ සහාය ලබා ගැනීමේ යෝජනාවද ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනපද යෝජනාවලියට එකඟතාව පල කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පුද කළ ජනපති ට්‍රම්ප්, දෙපාර්ශ්වයම එකා වන් ව කටයුතු කළහොත්, වසර, දශක සහ සියවස් ගණනක් තිස්සේ ලේ වැගිරුණු විනාෂකාරී ගැටුම්වලට "තිත" තැබිය හැකි බව ප්‍රකාශ කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
9/30/2025

මුලාශ්‍රය :

Trump secures Netanyahu's agreement to Gaza deal but Hamas support in question

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...