BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

නැමීබියාවේ ලැව් ගින්නකින් එටෝෂා ජාතික වනෝද්‍යානය වැනසේ

T

The Leader Desk

September 30, 2025 • 11:23 AM

නැමීබියාවේ ලැව් ගින්නකින් එටෝෂා ජාතික වනෝද්‍යානය වැනසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැමීබියාවේ, වර්ග කි.මී. 20,000කින් යුත් එටෝෂා ජාතික වනෝද්‍යානයේ (Etosha National Park) තුනෙන් එකකට අධික ප්‍රදේශයක් ලැව් ගින්නකින් විනාශ වී ඇතැයි වාර්තා වේ. එය, එරට ප්‍රධාන පෙළ විදෙස් සංචාරක ආකර්ෂණයකි.
  • එහි මායිම් ආසන්නව ඉදි කළ වාණිජ ගොවි බිම් හි සිදු කරන අඟුරු නිෂ්පාදන හේතුවෙන් ලැව් ගිනි හටගන්නට ඇතැයි අපේක්ෂා කරන බව බලධාරීහු පවසති.
  •   ප්‍රදේශයේ පවතින වියලි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න වනෝද්‍යානය පුරා සීග්‍රයෙන් පැතිරී ගිය බව ඔවුහු කියා සිටිති.
  • වනෝද්‍යානයට අයත් අක්කර සිය දහස් ගණනක තෘණ බිම් ද ගින්නෙන් විනාශ වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට සතියකට පමණ පෙර වනෝද්‍යානයේ නිරිත දිග පෙදෙස් වෙතින් ලැව් ගින්න ආරම්භ විය. එහි මායිම් ආසන්නව ඉදි කළ වාණිජ ගොවි බිම් හි සිදු කරන අඟුරු නිෂ්පාදන හේතුවෙන් ලැව් ගිනි හටගන්නට ඇතැයි අපේක්ෂා කරන බව බලධාරීහු පවසති.

 


ප්‍රදේශයේ පවතින වියලි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න වනෝද්‍යානය පුරා සීග්‍රයෙන් පැතිරී ගිය බව ඔවුහු කියා සිටිති.

ලැව් ගින්න හේතුවෙන් එහි වන ජීවය, ජෛව විවිධත්වය සහ ඒ අවට ජනාවාස ද දැඩි තර්ජනයකට මුහුණ පා තිබේ. වනෝද්‍යානයට අයත් අක්කර සිය දහස් ගණනක තෘණ බිම් ද ගින්නෙන් විනාශ වී ඇත. වන ජීවීන් විශාල සංඛ්‍යාවක් ද විනාශ වී ඇතැයි  වාර්තා වේ.

353bh36445

නැමීබියාව, ජර්මානු කොලනියක්ව පැවති අවධියේ 1907 වර්ෂයේදී එටෝෂා කලාපය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරිණි. එහි වෙසෙන සිංහයින්, අලි ඇතුන්, දිවියන්, ජිරාෆ්, සීබ්‍රා ඇතුළු විවිධ වනසතුන් රැසක් නැරඹීමට සෑම වර්ෂයකම ලොව පුරා  සංචාරක පිරිස් එහි පැමිණෙති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/30/2025

මුලාශ්‍රය :

Wildfires ravage a third of Namibia's flagship national park

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...