BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තරුණ ජන අරගලයකින් මැඩගස්කර ආණ්ඩුව විසුරුවා හැරේ

T

The Leader Desk

September 30, 2025 • 3:07 PM

තරුණ ජන අරගලයකින් මැඩගස්කර ආණ්ඩුව විසුරුවා හැරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැඩගස්කර ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා එරට ආණ්ඩුව වහා විසිරුවා හැරීමට ඊයේ (29) පියවර ගත්තේය.
  • මෙම ජන අරගලයෙන් පුද්ගලයින් 22ක්වත් ජීවිතක්ෂයට පත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
  • 100කට අධික පිරිසක් තුවාළ ලබා සිටිති.
  • 2023 වර්ෂයේ, රජෝලීනා එරට ජනපති වශයෙන් දෙවන වතාවටත් මහජන ඡන්දයෙන් තේරී පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විදුලි සහ ජල අර්බුදයක් හමුවේ දහස් සංඛ්‍යාත ජනතාවකගේ විරෝධතා උත්සන්න වීමත් සමග ජනපතිවරයා විසින් එම  තීරණය ගෙන තිබේ.


මෙම ජන අරගලයෙන් පුද්ගලයින් 22ක්වත් ජීවිතක්ෂයට පත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 100කට අධික පිරිසක් තුවාළ ලබා සිටිති.

ඉකුත් සතියේ ඇරඹි එරට ජන උද්ඝෝෂණවලට තරුණ කොටස් රැසක් සහභාගී වී සිටියහ. මැඩගස්කර අගනුවර වන අන්ටනනරීවෝ (Antananarivo) හි අති  දුෂ්කර ජීවන තත්ත්වය පාදක කොට සතියක් පුරා  ජන අරගල හට ගැනිණි.

2023 වර්ෂයේ, රජෝලීනා එරට ජනපති වශයෙන් දෙවන වතාවටත් මහජන ඡන්දයෙන් තේරී පත් විය.

වසර ගණනකට පසු එරට හටගත් දරුණුතම මහජන කැළඹීම මෙය ලෙස සැලකේ.

cfgh5654| මැඩගස්කර ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා
ඊයේ (29), අගනුවර ප්‍රධාන විශ්වවිද්‍යාලය ඉදිරිපිට රැස් වූ උද්ඝෝෂකයෝ, ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව නගර මධ්‍යස්ථානය වෙත පෙළපාලි ආරම්භ කළහ. කඳුළු වායුව මගින් ඔවුන් පලවා හැරීමට පොලිසිය උත්සාහ ගත් අතර, සන්ධ්‍යාවේ සිට අළුයම තෙක් ඇඳිරිනීතිය පැනවීමට පියවර ගැනිණි. පෙළපාලිය විසුරුවා හැරීමට පොලිසිය රබර් උණ්ඩ යොදා වෙඩි තැබූ බවද  වාර්තා වේ.

අරගලයේ යෙදුණු පිරිස් අගනුවර සුපිරි වෙළඳසල් සහ බැංකු මංකොල්ලකෑම් ද සිදු කළහ.  මිලියන 1.4ක ජනගහනයක් සහිත මැඩගස්කර අගනුවර පිහිටි දේශපාලකයින්ට අයත් නිවාස රැසක් ද අරගලකරුවන්ගේ ප්‍රහාරයන්ට බඳුන් විය.

ty5654
ඊයේ, රූපවාහිනී නිවේදනයක් මගින් ජනපති රජෝලීනා, සිය රජයේ බංකොලොත්භාවය පිලිබඳ ජාතියෙන් සමාව ඇයද සිටියේය. "රජයේ නිලධාරීන්, ඔවුන්ට පැවරූ කාර්ය භාරය නිසි ලෙස ඉටු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන අතර ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා," යි, ඔහු එහි දී සඳහන් කළේය.

ජන අරගලයේදී විනාශයට පත් සියලු ව්‍යාපාර වෙනුවෙන්, අවශ්‍ය සහාය ලබා දෙන බව ද ජනපතිවරයා විසින් පොරොන්දු වී තිබේ.  අසහනයට පත් තරුණ කොටස් හා සාකච්ඡා කිරීමට අවශ්‍ය බවද ඔහු අවධාරණය කරයි.

මැඩගස්කරය, වසර ගණනක් තිස්සේ ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පීඩා විඳින දිවයිනකි. එය අප්‍රිකාවේ අග්නිදිග වෙරළ තීරයේ පිහිටි උග්‍ර දරිද්‍රතාවෙන් යුත් රටක් ද වේ.

2022 සංගණනයට අනුව, මිලියන 30ක එරට සමස්ත ජනගහනයෙන් 75%ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවන තත්ත්වයක දිවි ගෙවමින් සිටිති.

(සටහන | Aljazeera ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/30/2025


මුලාශ්‍රය :

Madagascar president dissolves government after youth-led deadly protests

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...