BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිවාන බෙදුම්වාදයට දැඩි ලෙස විරුද්ධ වෙමින් ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කරන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

T

The Leader Desk

October 1, 2025 • 11:50 AM

තායිවාන බෙදුම්වාදයට දැඩි ලෙස විරුද්ධ වෙමින් ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කරන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ භෝජන සංග්‍රහයක් ඊයේ(30) පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි මහජන මහ ශාලාවේදී.
  • එහිදී ‘15 වන පස් අවුරුදු’සැලසුම් සම්පාදනය පිළිබඳ සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.
  • තායිවාන සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු හා සහ‍යෝගිතා පුළුල් කොට ‘තායිවාන ‍ස්වාධීනත්වය’ වෙනුවෙන්, බෙදුම්වාදයට හා ඊට සහාය දක්වන්නා වූ විදෙස් බලවතුන්ට දැඩි ලෙස විරුද්ධ වන අතර ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තරයේ ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා සමස්ත චීන ජනතාව වෙත සුබ පතමින් කියාසිටියේ චීන මහජන සමූහාණ්ඩු‍වේ සංවර්ධනයට සහාය දෙන මිත්‍ර රටවල් හා විදේශීය මිතුරන් වෙත කෘතඥතාව පුද කරන බවයි.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා ගෙවී ගිය වසර 76 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය ස්වෝත්සාහයෙන් ඓතිහාසික, දැවැන්ත ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇතැයි ෂී ජින්පිං එහිදී අවධාරණය කළා. වත්මන් සංකීර්ණ ගෝලීය සන්දර්භය හමුවේ පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය තවදුරටත් තහවුරු කර ඇති චීනය, ගුණාත්මක සංවර්ධනය ද පුළුල් ලෙස වැඩිදියුණු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ලබන මාසයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිය පැවැත්වීමට නියමිත බවයි. එහිදී ‘15 වන පස් අවුරුදු’සැලසුම් සම්පාදනය පිළිබඳ සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු හා සහ‍යෝගිතා පුළුල් කොට ‘තායිවාන ‍ස්වාධීනත්වය’ වෙනුවෙන්, බෙදුම්වාදයට හා ඊට සහාය දක්වන්නා වූ විදෙස් බලවතුන්ට දැඩි ලෙස විරුද්ධ වන අතර ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තරයේ ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළා.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...