BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අරමුදල් පනත සම්මත නොවීමෙන් ඇමෙරිකාවේ රාජ්‍ය සේවා වසා දැමෙයි: දැන් සිදුවන්නේ කුමක් ද?

T

The Leader Desk

October 1, 2025 • 3:27 PM

අරමුදල් පනත සම්මත නොවීමෙන් ඇමෙරිකාවේ රාජ්‍ය සේවා වසා දැමෙයි: දැන් සිදුවන්නේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාවේ සෙනෙට් සභිකයින් අවසන් මොහොතේ අරමුදල් පනත සම්මත කිරීමට අපොහොසත් වීම හේතුවෙන්
  • රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ ආසන 53ක් පමණක් ඇති අතර මෙවැනි පනතක් සම්මත කිරීමට ඡන්ද 60ක් අවශ්‍ය විය.
  • රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් තූනේ චෝදනා කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය ජනතාව ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ය.
  • කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභික චක් ෂූමර් පවසන්නේ, රිපබ්ලිකන් පක්ෂය 'අසත්‍ය ප්‍රකාශ කරන' බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට රජය මේ වන විට වසා දමා තිබේ.

රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ ආසන 53ක් පමණක් ඇති අතර මෙවැනි පනතක් සම්මත කිරීමට ඡන්ද 60ක් අවශ්‍ය විය.

එබැවින්, ඔවුන්ට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ සහය අවශ්‍ය වී තිබේ.

රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් තූනේ චෝදනා කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය ජනතාව ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ය.

කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභික චක් ෂූමර් පවසන්නේ, රිපබ්ලිකන් පක්ෂය 'අසත්‍ය ප්‍රකාශ කරන' බව ය.

ඇමෙරිකා රජයේ සියලු සේවා වසා තබනවා ද?

ඇමෙරිකානු කොංග්‍රසය වියදම් පනතක් සම්මත නොකිරීම හේතුවෙන් සියලු ම රාජ්‍ය සේවාවන් වසා නොදමනු ඇත.

දේශසීමා ආරක්ෂාව, රෝහල් තුළ වෛද්‍ය ප්‍රතිකාර, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ගුවන් ගමනාගමන පාලනය මෙම කාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

සමාජ ආරක්ෂණ සහ මෙඩිකෙයාර් චෙක්පත් තවමත් නිකුත් කරනු ලැබුව ද, ප්‍රතිලාභ සත්‍යාපනය සහ නව කාඩ්පත් නිකුත් කිරීම නතර විය හැකි ය.

සාමාන්‍යයෙන්, වසා දැමීමකදී, අත්‍යවශ්‍ය සේවකයෝ සාමාන්‍ය පරිදි සේවාවල නිරත වෙති. (ඔවුන්ගෙන් සමහරුන් දැනට වැටුප් නොමැතිව)

අත්‍යවශ්‍ය නොවන බවට සැලකෙන රජයේ සේවකයින් තාවකාලිකව වැටුප් රහිත නිවාඩු මත තබා ඇත.

මෙම සේවකයින්ට පසුව වැටුප් ගෙවනු ඇත.

එයින් අදහස් කරන්නේ, ආහාර ආධාර වැඩසටහන, ෆෙඩ්රල් අරමුදල් සහිත පෙර පාසල්, ශිෂ්‍ය ණය නිකුත් කිරීම, ආහාර පරීක්ෂණ සහ ජාතික වනෝද්‍යානවල මෙහෙයුම් වැනි සේවාවන් සීමා කිරීමට හෝ වසා දැමීමට අපේක්ෂා කරන බව ය.

මීට පෙර මෙවැන්නක් සිදුවී තිබේ ද?

ඇමෙරිකා රජය මෙසේ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇත්තේ, 2018-19 වසරින් පසුව ය.

එක්සත් ජනපද රජය වසා දැමීම් වඩාත් සුලභ වෙමින් පවතින අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලය තුළ එවැනි අවස්ථා තුනක් දක්නට ලැබේ.

ඊට ඇමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම වසා දැමීම ඇතුළත් වන අතර එය දින 35ක් පැවතිණි.

ට්‍රම්ප්ට පෙර, බිල් ක්ලින්ටන් 1995 දී ජනාධිපතිවරයා ලෙස ඔහුගේ පළමු ධූර කාලය අවසන් වන විට දින 21ක වසා දැමීමක් සිදු විය.

ක්ලින්ටන්ගේ පළමු ධුර කාලයෙන් අඩක් ඇතුළත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන දෙකෙහි ම පාලනය රිපබ්ලිකන් පක්ෂය දිනාගෙන තිබිණි.

ඒ හා සමානව, 2013 දී බැරැක් ඔබාමා දින 16ක වසා දැමීමක් අත්වින්දේ ය.

රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන්, ඔහුගේ ජනාධිපති ධූර කාලය තුළ වැඩි ම වසා දැමීම් අවස්ථා ගණනකට මුහුණ දුන්නේ ය. 1980 ගණන්වල ඔහුගේ ධූර කාලය තුළ එවැනි අවස්ථා අටක් වාර්තා විය. කෙසේ වෙතත්, ඒ සියල්ල සාපේක්ෂව කෙටි විය - ඔහු යටතේ දීර්ඝතම අරමුදල් නොලැබීමේ කාල පරාසය දින තුනක් පමණක් පැවතිණි.

| බීබීසී සිංහල
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අරමුදල් පනත සම්මත නොවීමෙන් ඇමෙරිකාවේ රාජ්‍ය සේවා වසා දැමෙයි: දැන් සිදුවන්නේ කුමක් ද? | The Leader