BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජනපති ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම ගැන හමාස් තවමත් නිහඬයි

T

The Leader Desk

October 1, 2025 • 4:44 PM

ජනපති ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම ගැන හමාස් තවමත් නිහඬයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම අද (01) තෙවන දිනටත් හමාස් සමාලෝචනය හමුවේ පවතින බව
  • සිය සැලැස්ම නිරීක්ෂණය පිණිස හමාස් සංවිධානයට ලබා දෙන්නේ දින "තුනක, හතරක" කාලයක් පමණක් බව ජනපති ට්‍රම්ප් ඊයේ (30), අවධාරණය කළේය.
  • ඊයේ රාත්‍රිය මුළුල්ලේම ඊශ්‍රායල හමුදා ගාසා නගරයට බෝම්බ හෙලීය.
  • නාගරික ජනාවාස ප්‍රදේශ ඔවුන්ගේ නිසැක ඉලක්ක බවට පත්ව තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සංවිධානයට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.

බොහෝ පලස්තීන පාර්ශ්ව විසින් එම යෝජනාවලිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායල හමුදා ගාසා නගරයට අදත් බෝම්බ හෙලීය.

සිය සැලැස්ම නිරීක්ෂණය පිණිස හමාස් සංවිධානයට ලබා දෙන්නේ දින "තුනක, හතරක" කාලයක් පමණක් බව ජනපති ට්‍රම්ප් ඊයේ (30), අවධාරණය කළේය.

සාම සැලැස්මට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් සිය ප්‍රසාදය පල කර තිබේ.

"සැලැස්ම පිළිගැනීම ඛේදවාචකයක්. එය ප්‍රතික්ෂේප කිරීමද ඊට නොදෙවෙනි අනෙකක්. මේ නම්  ට්‍රම්ප් විසින් පල කළ නෙතන්යාහු සැලැස්ම හැර  අන් කවරක්දැයි," හමාස් නිලධාරියකු එසේ ඇසී යැයි, රොයිටර්ස් පුවත් සේවය කියයි.

මේ අතර, තව දුරටත් ගාසා තීරයේ දකුණු දෙසට පලා යන්නැයි  ඊශ්‍රායල හමුදා පලස්තීනුවන්ට නව නිවේදන නිකුත් කළේය. පලා යන පිරිස් හට උතුරු දෙසට ගමන් කිරීමට අවසර නැතැයි ද එහි දක්වා තිබේ.

ඊයේ රාත්‍රිය මුළුල්ලේම ඊශ්‍රායල හමුදා ගාසා නගරයට බෝම්බ හෙලීය. යුද ටැංකි යොදාගනිමින් අඛන්ඩ ප්‍රහාරයේද නිරත විය. නාගරික ජනාවාස ප්‍රදේශ ඔවුන්ගේ නිසැක ඉලක්ක බවට පත්ව තිබිණි. එම ප්‍රහාර හමුවේ අද, අවම වශයෙන් පුද්ගලයින් 17ක්වත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

අද සිට කිසිවකුටත් වෙරළබඩ මාර්ගය ඔස්සේ, දකුණේ සිට උතුරේ ජනාවාස වෙත ගමන් කිරීමට අවසර නැතැයි, ඊශ්‍රායල හමුදා විසින් විශේෂයෙන් දැනුම් දී තිබේ.  දකුණු දිශාවට පලා යන පිරිස් උදෙසා පමණක් එය විවෘතව තැබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත්  දැක්වේ.

ගාසා තීරයේ දකුණේ සිට උතුරට  සිදු කෙරෙන සියලු දේශීය සිල්ලර ව්‍යාපාර ද වහා ක්‍රියාත්මක වන පරිදි  තහනම් කර තිබේ.  ඒ හේතුවෙන්, උග්‍ර ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මතුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ද වාර්තා වේ.

ජනපති ට්‍රම්ප් ගේ ගාසා සැලැස්ම පිලිබඳව හමාස් සංවිධානයේ ප්‍රකාශය තවමත් පොරොත්තුව පවතී. එම සංවිධානය භාරයේ සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කළ යුතු බවත්, අවි බිම තබා යටත් විය යුතු බවත් සහ ඉන් අනතුරුව ගාසා තීරයේ ඔවුන්ට කිසිදු වගවීමක් නොමැති බවත් එම සැලැස්මේ දැක්වේ.  


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/1/2025

මුලාශ්‍රය :

Israel ramps up Gaza City offensive as Hamas weighs Trump plan


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම ගැන හමාස් තවමත් නිහඬයි | The Leader