BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ග්‍රීසියම වැඩ වැරුමේ - දුම්රිය, මගී යාත්‍රා සහ කුලී රථ සේවා ඇනහිටී

T

The Leader Desk

October 1, 2025 • 4:48 PM

ග්‍රීසියම වැඩ වැරුමේ - දුම්රිය, මගී යාත්‍රා සහ කුලී රථ සේවා ඇනහිටී 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ග්‍රීසියේ දුම්රිය, මගී යාත්‍රා සහ කුලී රථ සේවකයෝ අද (01) සිය සේවා වලින් ඉවත්ව එක් දින සංකේත වැඩවර්ජනයක නිරත වූහ.
  • ඔවුහු, සියලු සේවා වලින් ඉවත්ව ඇතන්ස් (Athens) පාර්ලිමේන්තුව වෙත පෙළපාලියෙන් ගමන් කළ අතර එහිදී සිය ඉල්ලීම් ලබා දෙන ලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
  •  ග්‍රීක රජය විසින් ඉදිරිපත් කර ඇති, නව කම්කරු ප්‍රතිසංස්කරණ සහ දිගු දෛනික රාජකාරී කාල නිර්ණ නීතීන්ට එරෙහිව එම වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.
  • එම "යකාගේ පනත" හකුලා ගන්නා ලෙස උද්ඝෝෂකයෝ හඬ ගා කියා සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට නාවිකයින් සහ ගුරු සේවය ද ඊට එක් විය. ඔවුහු, සියලු සේවා වලින් ඉවත්ව ඇතන්ස් (Athens) පාර්ලිමේන්තුව වෙත පෙළපාලියෙන් ගමන් කළ අතර එහිදී සිය ඉල්ලීම් ලබා දෙන ලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.

 ග්‍රීක රජය විසින් ඉදිරිපත් කර ඇති, නව කම්කරු ප්‍රතිසංස්කරණ සහ දිගු දෛනික රාජකාරී කාල නිර්ණ නීතීන්ට එරෙහිව එම වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.

එරට පුද්ගලික සහ රාජ්‍ය අංශයේ සුවිසල් වෘත්තීය සමිති එක්ව වැඩ වර්ජනය සංවිධානය කර තිබිණි.

සේවකයින් රාජකාරියේ යොදවන කාලය දිනකට පැය 13ක් තෙක් දීර්ඝ කිරීමට අවසර දෙමින් රජය විසින් ඉදිරිපත් කරන ලද නව නීති කෙටුම්පත මගින් අට පැය සේවයේ, එක් රැකියාවක පමණක් නියුතු  පුද්ගලික අංශයේ සේවකයින්ගේ පවා කම්කරු අයිතීන් උල්ලංඝනය වන බව, වෘත්තීය සමිති නායකයෝ  ප්‍රකාශ කළහ.

එම "යකාගේ පනත" හකුලා ගන්නා ලෙස උද්ඝෝෂකයෝ හඬ ගා කියා සිටියහ. වහල් සේවයට එක හෙළා විරෝධය පළ කරන බව ඔවුහු පැවසූහ.  

නව නෛතික ප්‍රසම්පාදන යටතේ, හාම්පුතුන්ට කෙටි කාලීන කුලී පදනම යටතේ සේවකයින් බඳවා ගැනීමට ද අවසර හිමි ය. එමෙන්ම, පුද්ගලික අංශයේ  වාර්ෂික සේවක නිවාඩු පිලිබඳ නීති රෙගුලාසිද සංශෝධනය  කර තිබේ.

එම පනත් කෙටුම්පත මෙම මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව ප්‍රතිසංස්කරණ සැලසුම්, අනිවාර්ය නොවන බවත්, වාර්ෂිකව දින 37ක කාලයකට යටත්ව පමණක් ක්‍රියාත්මක බවත් රජය කියා සිටී. එමගින්, සේවකයින්ට 40% ක අතිකාල දීමනා හිමි වන  බවද රජය පෙන්වා දෙයි. වඩා නම්‍යශීලී ශ්‍රම වෙළඳපොළක් ඉලක්ක කර සේව්‍ය, සේවක දෙපාර්ශ්වය විසින්  ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව එම පියවර ගත් බව රජය පවසයි.

ග්‍රීසිය උග්‍ර ණය අර්බුදයකට ලක් වූ 2009 - 2018 වකවානුව තුළ, සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදුවකට ද පියවර ගැනිණි. රට තුළ රැකියා හිඟය සීග්‍රයෙන් ඉහළ ගියේය. මේ වන විට, අදියර කීපයක් යටතේ ලබා දුන් සීමිත සේවක වැටුප් වර්ධක මගින්, සාපේක්ෂ ජීවන තත්ත්වය වර්ධනය පිණිස සාධනීය පියවර ගෙන ඇති අතර ග්‍රීසිය මන්දගාමීව, එහෙත්, යථා තත්ත්වයට පත් වෙමින් පවතී.

කෙසේ වුව, එරට නිවාස සහ ආහාර මිල තවමත් පවත්නේ ඉතා ඉහළ අගයකය. ග්‍රීක ජනතාව සතු මිලදී ගැනීමේ ශක්‍යතාව ද තවමත් ප්‍රශස්ත අගයක නැතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

කම්කරු අයිතීන් උල්ලංඝනය කරමින්, පවුල් ආදායම් බිඳ දමන, ශ්‍රම දූෂණයට මග පාදන අණ පනත් පනවනවා වෙනුවට, රජය මේ මොහොතේ සේවක වැඩුප් වැඩි කිරීමට වහා පියවර ගත යුතු බව රාජ්‍ය සේවකයෝ  කියා සිටිති.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/1/2025

මුලාශ්‍රය

Greek ferries and trains halted as thousands protest over working hours


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...