BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මෙක්සිකානු වාමාංශික පාලනයේ ජනප්‍රියතාවය ඉහළට !

T

The Leader Desk

October 2, 2025 • 6:32 AM

මෙක්සිකානු වාමාංශික පාලනයේ ජනප්‍රියතාවය ඉහළට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වැනි දිනයට බලයට පැමිණ වසරක් පිරුණු මෙක්ෂිකොවේ වාමාංශික පාලනයේ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් පාලනය ඉතා ඉහළ ජනතා විශ්වාසයක් දිනා ගනිමින් තිබෙන බව යුරෝපා ලිබරල් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • එරට අවම වැටුප ඉහළ දැමීමත් සමග 2018 සහ 2024 අතර කාලය තුළ මිලියන 13කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට ඇයගේ පාලනය මේ අනුව සමත් වී ඇත.
  • 2025 වනවිට, ඩොලර් බිලියන 850ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක්”, “මෙක්සිකානු පවුල් මිලියන 32කට ආසන්න සංඛ්‍යාවක්”ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා ලබා දීමට සමත් වී ඇති බවටද එම වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.
  •   නමුත් ඇයගේ ධුරයේ පළමු වසර තුළ, 63 හැවිරිදි ජනාධිපතිවරියට ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති අභියෝගයකට මුහුණ දීමට සිදු විණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ කාන්තාවක් ලෙස රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා මෙක්ෂිකොවේ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් විසින් ගනු ලැබූ පියවරයන් සමස්ත ජනතාව අනුමත කර ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙක්සිකානු ජනාධිපති ධුරයට වසරක් ගත වනවිට, සෑම මෙක්සිකානුවන් දස දෙනෙකුගෙන් අට දෙනෙකු ලතින් ඇමරිකාවේ දෙවන විශාලතම ආර්ථිකයේ සුක්කානම හසුරුවන ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉහළින් වර්ණනා කරනු ලබන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදු කළ දුෂ්කර සාකච්ඡා ඇය ඉතා දක්ෂ ලෙස හැසිරවූ බව ඔවුන් විදේශ මාධ්‍ය හමුවේ කියා සිටි.

 

මෙක්සිකෝවේ පළමු කාන්තා ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂයින්බෝම්, ප්‍රධාන ආරක්ෂක සහ භූ දේශපාලනික අභියෝග නොතකා, ඇයගේ මැතිවරණයෙන් වසරකට පසු 79%ක අනුමත කිරීමේ ශ්‍රේණිගත කිරීම් සමඟ වාර්තාගත ජනප්‍රියත්වයක් මේ අනුව භුක්ති විඳිමින් සිටි.

ලතින් ඇමරිකාවේ දෙවන විශාලතම ආර්ථිකයට නායකත්වය දෙන පළමු කාන්තාව වන මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය “ඡන්දදායකයින් කලකිරීමට පත් නොකළ නමුත්, සියල්ලටම වඩා, ඇයට පෙර එරට පාලනය කළ වාමාංශික ජනාධිපතිගේ දේශපාලන උරුමක්කාරිය ක්ලෝඩියා ෂයින්බෝම් වේ; යන්න අමතක කළ යුතු නැතැයි දේශපාලන නිරීක්ෂකයින් මේ අතර පෙන්වා දෙයි.

සමාජ සුබසාධන ක්‍රියාමාර්ගවල ජනප්‍රියතාව...

 

andre
විශේෂයෙන්ම ඇගේ පූර්වගාමියා සහ උපදේශකයා වන හිටපු ජනාධිපති මොරේනාගේම ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් (2018-2024) විසින් ක්‍රියාත්මක කරන ලද සමාජ සුබසාධන ක්‍රියාමාර්ගවල ජනප්‍රියතාවයෙන් ඇය මෙන්ම එරට ජනතාව මේ වනවිට ප්‍රතිලාභ භුක්ති වින්ඳමින් සිටී.

එරට අවම වැටුප ඉහළ දැමීමත් සමග 2018 සහ 2024 අතර කාලය තුළ මිලියන 13කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට ඇයගේ පාලනය මේ අනුව සමත් වී ඇත.

කාන්තාවන්, තරුණයින් සහ වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කරගත් නව සමාජ සුබසාධන වැඩසටහන් තුනක් නිර්මාණය කිරීමත් සමඟ නව ජනාධිපතිගේ පැමිණීමෙන් පසු මෙම ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉහලට පැමිණි අතර රටේ දරිද්‍රතාවය 2018 සිට 42% සිට 29.6කින් පහළ දැමු බව එරට රාජ්‍ය සංඛ්‍යා ලේඛන හා ජාත්‍යන්තර මුලාශ්‍ර පෙන්වා දෙයි’.

2025 වනවිට, ඩොලර් බිලියන 850ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක්”, “මෙක්සිකානු පවුල් මිලියන 32කට ආසන්න සංඛ්‍යාවක්”ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා ලබා දීමට සමත් වී ඇති බවටද එම වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.

gettyimages 2182550723

 

නමුත් ඇයගේ ධුරයේ පළමු වසර තුළ, 63 හැවිරිදි ජනාධිපතිවරියට ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති අභියෝගයකට මුහුණ දීමට සිදු විණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීම සහ තීරුබදු පිළිබඳ සිදු කරන ලද අසීරු සාකච්ඡා මෙක්සිකෝවට විශේෂයෙන් සංවේදී කාරණයක් විණි. මක්නිසාදයත් ඇමරිකානු වෙළඳපළ සමග විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන මෙක්සිකානු අපනයනවලින් 83%ක් එක්සත් ජනපදයට යැවෙන අතර එය 2024 දී පමණක් ඒ අනුව රටට ලැබෙන ආදායම ඩොලර් බිලියන 466ක් ලෙස වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් දැඩි 50% ඉක්මවන තීරු බදු හමුවේ කැනඩාව, මෙක්ෂිකෝව එක පෙරමුණකට පැමිණ සාකච්චා කළ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියහ. එසේම ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපා සංගමය හා චීනය සමග සම්බන්ධතා තර කර ගනු ලැබුවාය. යුරෝපා සංගමය සමග සේවා, ඍජු ආයෝජන, කෘෂිකර්මය හා වෙළඳ පල සඳහා නිදහස් ගිවිසුම් කීපයකට එළඹුණු අතර චීස් වර්ග, මස්, පලතුරු වැනි භාණ්ඩ සඳහා 100%ක තීරුබදු ඉවත් කර ගැනීමටද ඇය සමත් වූවාය.

කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ බොහෝ තර්ජන නොතකා, මෙක්සිකෝව තාවකාලිකව ඇමරිකාව සමගද දරුණුතම තීරුබදු පැනවීම වළක්වා ගැනීමට සමත් වී ඇත. වර්තමානයේ, එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව අතර නිදහස් වෙළඳ ගිවිසුමෙන් (ACEM) ආවරණය නොවන නිෂ්පාදන සඳහා තීරුබදු 25%ක් ගෙවීමට ක්ලෝඩියා ෂයින්බෝම් එකඟත්වය පල කළ අතර වානේ, මෝටර් රථ සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා බදු අඩු කිරීම සඳහා මෙම මුදල නැවත සාකච්ඡා කිරීමට මේ වනවිට උත්සහ දරමින් සිටි.

h7878979

එසේම මෙක්සිකෝව එක්සත් ජනපද ජනාධිපතිගේ නව සංක්‍රමණ ප්‍රතිපත්ති හේතුවෙන්ද සෘජුවම පීඩා විඳින අතර මෙක්සිකානු සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල තියුණු පහත වැටීමක් සමඟ බොහෝ මෙක්සිකානු පවුල්වල ප්‍රධාන ආදායම් මාර්ගය වන මෙම ප්‍රේෂණ පසුගිය මැයි මාසයේදී 4.5%කින් පහත වැටුණි. මේ වනවිට එක්සත් ජනපදයේ සිටින මිලියන 4.8ක වීසා බලපත්‍ර නොමැති මෙක්සිකානුවන් නැවත යැවීමට ට්‍රම්ප් පාලනය තීරණය කර ඇත.

කෙසේවෙතත් මෙම තීරුබදු පැනවීම හා සංක්‍රමණික අර්බුධය හමුවේ කාන්තාවක් ලෙස ක්ලෝඩියා ෂයින්බෝම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ ඉතා වෘත්තීය ප්‍රතිරූපයක් ඉදිරිපත් කළ බව එරට ජනතාවගේ මතය වී ඇති බව ස්පාඥ ප්‍රධාන පුවත්පතක් වන “එල් පයිස්” වාර්තා කර සිටි. එම පුවත් පත විසින් “එන්කොල්” නමින් සිදු කළ ජන මත විමසුමකට අනුව, ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ ඇයගේ දැඩි පීඩන කාරී සාකච්ඡාවලදී ඇය දැක්වූ සටන් කාමිත්වය පිළිබඳව මෙක්සිකානුවන්ගෙන් 65%ක් පමණ ඇයව විශ්වාසය පාලකර ඇත.

ඉහළ බදු වළක්වා ගැනීම සඳහා, මෙක්සිකානු රජයට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව වොෂින්ටනයේ ඉල්ලීම්වලට එකඟ වීමෙන් ද සැලකිය යුතු සහන ලබා ගැනීමට ඇය සමත් විණි. ඇයට පෙර මෙක්ෂිකොව පාලනය කල පාලකයින් මීට පෙර එසේ කිරීම ප්‍රතික්ෂේප කළද, ක්ලෝඩියා ෂයින්බෝම් මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාටෙල් නායකයින් කිසිදු පැකලීමකින් තොරව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමටද පියවර ගනු ලැබුවාය.

 

vay4y56557

මෙක්ෂිකොවේ සිට සිදු කරන ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා 10,000ක හමුදා සමාජිකයින් ප්‍රමාණයක් දේශසීමා වෙත යැවීම වැනි තවත් බොහෝ පියවර හේතුවෙන් එම මත්ද්‍රව්‍ය වෙළඳාම 50%කින් අඩු කිරීමට හා රටේ අපරාධ සිදුවීම 25%කින් අඩු කිරීමට ඇය ඇමරිකාව සමග සමත් වී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද පෙන්වා දේ. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය නිරාවරණය සඳහා ඇමරිකානු හමුදා මෙක්ෂිකොවට මැදිහත් වීම ඇය තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලැබීමත් ඇය එරට ජනතාවගේ ගෞරවයට භාජනය වීමට තවත් හේතුවක් වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා එරට නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මන්දිරය ඉදිරියේ රැස්වුණු 250,000කට අධික මක්ෂිකානු ජනතාව ඇමතූ ක්ලෝඩියා ෂයින්බෝම්



“අපේ සංක්‍රමණික සහෝදරියන්ට සහ සහෝදරයන්ට දිරිය හා ශක්තිය ලැබේවා! නිදහස්, ස්වාධීන සහ ස්වෛරී මෙක්සිකෝව දිගු කල් දිනේවා.” යයි පවසා සිටියේ රැස්ව සිටි ජනතාවගේ අත්පොලසන් මධ්‍යයේය.

ඉතාමත් විවේචනාත්මක දැඩි ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් එරට පාලනය කරන මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ, ඇය ට්‍රම්ප් සමග සිදු කරන සාකච්ඡාවලදී ඇය විසින් පෙන්වනු ලබන නොසැලෙන ආත්ම විශ්වාසය පිලිබඳ එරට හාම්පුතුන් හා දේශීය වෙළඳ කේෂ්ත්‍රයේ ආයෝජකයින්: “අපි ජනාධිපතිවරිය සමඟ එක්සත් පෙරමුණක් ගොඩනඟමින් සිටිමු,” යයි පවසා සිටින අතර දූෂණයට සහ පාතාල හා මාෆියා ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙක්ෂිකානු පුරවැසියන්ගෙන් අතිමහත් බහුතරයක් ක්ලෝඩියා ෂයින්බෝම් ජනාධිපතිවරිය වටා ඒකරාශී වෙමින් ඒ සඳහා තම සහය දක්වා සිටි.

| lankatruth

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...