BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මධ්‍යධරණී මුහුදේ ගාසා සහායට ගිය ජාත්‍යන්තර යාත්‍රාවලට ඊශ්‍රායලයෙන් බාධා

T

The Leader Desk

October 2, 2025 • 7:31 AM

මධ්‍යධරණී මුහුදේ ගාසා සහායට ගිය ජාත්‍යන්තර යාත්‍රාවලට ඊශ්‍රායලයෙන් බාධා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ක්‍රියාකාරීන් සහ ගාසා තීරය වෙත මානුෂීය ආධාර රැගෙන යමින් තිබූ නාවුක ඇණියක් ඊයේ (02) අතරමග නවතාලූ ඊශ්‍රායල හමුදා ඒවා ඊශ්‍රායල වරායක් වෙත රැගෙන යාමට කටයුතු කළහ.
  • එක් විදෙස් යාත්‍රාවකට  ඇතුළු වූ  එම භටයින්, කාලගුණ විපර්යාස පිලිබඳ ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රියාකාරිනියක වන ස්වීඩන ජාතික ග්‍රේටා තර්න්බර්ග් (Greta Thunberg) වටකර සිටින ඡායාරූපයක් රොයිටර්ස් පුවත් සේවය විසින් හඳුනා ඇති බව වාර්තා වේ.
  • හමාස් සංවිධානයට සහාය පල කරමින් යාත්‍රා කළ ජාත්‍යන්තර නෞකා ඇණියක් ආරක්ෂාකාරීව නවතා එහි ගමන්ගත් මගීන් ඊශ්‍රායල වරායක් වෙත මාරු කර යැවූ බව එරට විදේශ අමාත්‍යංශය එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා සිටියේය.
  •   ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර රැගෙන යමින් සිටි යාත්‍රා 40කින් පමණ සමන්විත එක් නෞකා ඇණියක, සාමාජිකයින් 500ක පාර්ලිමේන්තු කණ්ඩායමක්, නීතිඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් වූ බව ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට එරෙහිව ජාත්‍යන්තර විරෝධය මතු වෙමින් පවතී.

පලස්තීනයට සහාය පිණිස මධ්‍යධරණී කලාපයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී.  

 

greta p

එම යාත්‍රා මත ට නැගි ඊශ්‍රායල හමුදා භටයෝ එහි කාර්ය මණ්ඩල ප්‍රශ්න කර සිටියහ. එක් විදෙස් යාත්‍රාවකට  ඇතුළු වූ  එම භටයින්, කාලගුණ විපර්යාස පිලිබඳ ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රියාකාරිනියක වන ස්වීඩන ජාතික ග්‍රේටා තර්න්බර්ග් (Greta Thunberg) වටකර සිටින ඡායාරූපයක් රොයිටර්ස් පුවත් සේවය විසින් හඳුනා ඇති බව වාර්තා වේ.

හමාස් සංවිධානයට සහාය පල කරමින් යාත්‍රා කළ ජාත්‍යන්තර නෞකා ඇණියක් ආරක්ෂාකාරීව නවතා එහි ගමන්ගත් මගීන් ඊශ්‍රායල වරායක් වෙත මාරු කර යැවූ බව එරට විදේශ අමාත්‍යංශය එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා සිටියේය.

 



ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර රැගෙන යමින් සිටි යාත්‍රා 40කින් පමණ සමන්විත එක් නෞකා ඇණියක, සාමාජිකයින් 500ක පාර්ලිමේන්තු කණ්ඩායමක්, නීතිඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් වූ බව ද වාර්තා වේ.

පලස්තීන සහයට පැමිණි ඇතැම් යාත්‍රාවල ගමන් ගත් මගීහු, සිය විදෙස් ගමන් බලපත් විදහා දක්වමින්, ඊශ්‍රායල හමුදා සිය අභිමත ගමනාන්තය වළකාලමින් මගීන් පැහැර ගනිමින්  ඇති බවට විරෝධය දක්වන වීඩියෝ දර්ශන, ටෙලිග්‍රෑම් (Telegram) සමාජ මාධ්‍යයේ පල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සිය ප්‍රයත්නය භීෂණයෙන් තොර මානුෂීය අරමුණක් උදෙසා පමණක් බව ඔවුහු පවසති.

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරන එම යාත්‍රා හි ගමන් ගන්නා සිය රටවලට අයත් මගීන් ගේ සහාය පිණිස  තුර්කිය, ස්පාඥ්ඥය සහ ඉතාලිය සහායක යාත්‍රා සහ ඩ්‍රෝන යානා පිටත් කර හැරි බව ද වාර්තා වේ. ඒවා වහා යළි හරවා යවන ලෙස ඊශ්‍රායලය විසින්  අනතුරු අඟවා තිබේ.

එම ජාත්‍යන්තර නෞකා ඇණිය වෙත සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බව තුර්කි විදේශ අමාත්‍යංශය  දන්වා සිටී.

ඊශ්‍රායලය ගාසා තීරයට මානුෂීය ආධාර බෙදා හැරීම අවහිර කිරීම ට එරෙහිව ජාත්‍යන්තරය ගත් නවතම පියවර මෙම සිවිල් යාත්‍රා බල ඇණියයි. ඊශ්‍රායල හමුදා විසින් ඊට බාධා පැමිණවීම යුද අපරාධයක් බව එහි සංවිධායකයෝ පවසති.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/2/2025

මුලාශ්‍රය :
Israeli military boards several aid boats bound for Gaza

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මධ්‍යධරණී මුහුදේ ගාසා සහායට ගිය ජාත්‍යන්තර යාත්‍රාවලට ඊශ්‍රායලයෙන් බාධා | The Leader